About Us

මගේ දැක්ම

යුග වෙනස්කම් හමුවේ පොත පත කියවීම, දැනුම පිළිබඳ තොරතුරු ගවේෂනය, අන්තර්ජාලයට පිවිස ඇති නවීන ලෝකය තුල තොරතුරු සන්නිවේදනයට හිමිව අැත්තේ ඉතා ප්‍රබල ස්ථානයකි. ඒ අනුව මාගේ වයස ගෙවෙනා මොහොතක් පාසා කිසිසේත් නොනැවැත්විය හැකි ලෙස අධිවේගයෙන් නවීකරනය වන ලෝකය දෙස මා කාලයක් නිහඬව බලා සිටියෙමි.

මගේ මෙහෙවර

දැක්මට අනුව නැවත සක්‍රීය වූ මා නව පරපුර දැනුම සහ තොරතුරු ගවේශනය කරනා අන්තර්ජාලයට මාගේ සියලු ප්‍රකාශන සහ ඒ හා බැඳුණු සේවා ප්‍රවිෂ්ඨ කරන්නට කල්පනා කලේ එදාටත් වඩා වේගයෙන් මෙම වටිනා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය රට තුල ව්‍යාප්ත කරලීමේ දැඩි අධිෂ්ඨානය ඇතිිවය. එකී අරමුන හමුවේ මගේ මෙහෙයුම (Mission) මින් මතු දිගින් දිගටම මෙසේ බල ගන්වන වගයි.

මා ගැන නිහතමානීව යමක්...

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හා සම්බන්ධ සමස්ත දැනුමෙන් කිසියම් ප්ර්මාණයකට සන්නද්ධ මුත් මාගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිවක් නොදත් අය හට මා ගැන තොරතුරු බිඳක් ඉතා නිහතමානීව....

සීග්‍ර වේගයෙන් වෙනස් වන දියුනු ලෝකය තුල දැනුමද නිතැතින්ම යාවත්කාලීන (Update) වේ. නමුත් දැනුම සහ තාක්ෂණය කොතෙක් යාවත්කාලීන (Update) වුවද, ඒ ඊට අදාළ මූලික සිද්ධාන්ත (Basic) පදනම් කරගෙනය. මූලික සිද්ධාන්ත (Basic) කිසිවක් පසෙක දමා ඉදිරි ගමනක් කිසිවෙකුටත් තිබිය නොහැක.

එම නිසා විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයේ මගේ මව් රට වූ මෙසිරිලක තුල නගා සිටුවීම උදෙසා කිසියම් ප්‍රමාණයකින් දායක වී ඇතිි මාගේ සුදුසුකම් සහ ඒ අතීතය පිලිබඳ තොරතුරු බිඳක් මෙහිදී ගෙන හැර දක්වන්නට කල්පනා කලේ තොරතුරු ගවේෂනය කරනා ආධුනික විසිතුරු මත්ස්‍ය ලෝලීන්ගේ ආත්ම ශක්තියත්, ආත්ම විශ්වාසයත් තහවුරු කරලනු අටියෙනි.

මෙම වටිනා විසිතුරු මත්ස්ය කර්මාන්තය රට තුළ ජාතික වශයෙන් නගා සිටුවීම පිණිස වෘත්තිකයින්, නවකයින්, ප්‍රවීීණයින්, අපනයන කරුවන්, ආනයන කරුවන්, රාජ්ය අංශ, පෞද්ගලික අංශ, අධ්‍යාපන ක්ෂේත්‍ර, දේශපාලනඥයින්, බලධරයින්, ජනාධිපති, යනාදී විවිධ තරාතිරම් හමුවේ මාගේ සක්‍රීය දායකත්වය ඡායාරූප සහ ලිඛිත සාක්ෂි සහිතව පහතින් දැක්වේ.

ස්වභාවික සම්පත්වලින් අනූන අපගේ මාතෘ භූමිය බෝග සහ සත්ව යන කෘෂිකාර්මික අංශයන්ගෙන් හැර ප්‍රගතියක්, දියුණුවක්, සංවර්ධනයක්, අපේක්ෂා කිරීම වංකගිරියක් බව අවධාරණය කරමි.

රටෙි නොවිධිමත් ස්ත්‍රී, පුරුෂ ශක්තිය වහල් මෙහෙවරට අපනයනය කර, අවිධිමත් සංචාරක කර්මාන්තයෙන් සාරධර්ම වලලා, සංවර්ධනය වන රටක් යැයි වහසි බස් නොදොඩා, අරුත්සුන් නිදහස් දිනයන් නො සමරා අභිමානවත් ජාතියක් ලෙස හිස ඔසවන තුරු අපගේ මව් රට පෙරටුකොට ගෙන ලෝකය තුළ විකසිත වන්නට දියත් කළ මෙහෙයුමට ඔබත් එක්වන්න පිවිසෙන්න අඩවියට ආරාධනා...

අනුර ලක්ෂ්මන් කෝරළගේ

මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ඉහත ග්‍රන්ථයේ කතුවරයා...

ඉතිහාස කථාව...

1960 දශකයේ ලමා අවධියේ සිට විසිතුරු වූ සුරතල් මසුන් නැතහොත් මත්ස්‍ය යින් පිලිබඳ මහත් වූ ඇල්මක් කැමැත්තක් දැක්වූ මා හට කරුණු කාරණා තේරෙන විට පැවති සුවිශාලතම ගැටළුව වූයේ මෙම විෂය සම්බන්ධයෙන් අවශ්‍ය කරනා දැනුම ලබා ගන්නේ කෙසේද සහ ඒ දැනුම තිබෙන්නේ කොහේද යන්නය.

නමුත් කොතෙක් සෙවූවද පොත පත පාඨමාලා සහ අද කාලයේ මෙන් අන්තර්ජාල වැනි තොරතුරු මාධ්‍ය කිසිවක් එදා යුගයේ නොතිබුනි.

තමන්ට ආවේණික තමන් පමනක් දන්නා පාරම්පරික ක්රිමවේදයන් භාවිතා කොට විසිතුරු මසුන් බෝකර විකිණීමේ නියැලී සිටි ඉපැරනි අභිජනන කරුවන් ඉතා අතලොස්සක් සිටි එදා යුගයේ මාවැනි දුහුනෙකු නැතහොත් ආධුනිකයෙකු හට මසුන් බෝකිරීමේ සාස්තරය නැතහොත් ඒ රහස් කිසිවක් (මුදලට හෝ කරුණාවට හෝ) කියා දෙන්නට අනුකම්පා සහගත කිසිවෙකු නොසිටීම මාගේ බලවත් සන්තාපයටත්, ආවේගයටත් හේතු විනි.

වයසින් මෝරා වැඩෙත්ම මා සමගම වැඩුනු මාගේ මෙම ආශාව නැතහොත් පිපාසය කොතෙක්ද යත් මොන යම් ආකාරයෙන් හෝ අවශ්‍ය දැනුම සොයා ගනිමියී යන දැඩි අධිෂ්ඨානය මත පිහිටා සිට ඉදිරි කටයුතු මෙහෙයවන්නට මා තීරනය කර ගතිමි.

විශ්ව මාතාවගේ මැවීම් හැරුණු කොට අනිකුත් සියල්ලම මිනිසුන් විසින් ප්‍රතිනිර්මාණය කළ දේවල් නම් මටත් යම් දෙයක් කරන්නට බැරි වන්නට හේතුවක් නැහැ. මාගේ දැඩි සිතුවිල්ල වූයේ එයයි.

එකී සිතුවිල්ලට අනුගතව දිගින් දිගටම අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ මා එකල විශාල මිලක් වූ රුපියලට ශත පනහට විනෝදය තකා මිලට ගෙනැවිත් ඇති දැඩි කල විසිතුරු වූ ඒ සුරතල් මසුන් නොදැනුවත් කම නිසා කොතෙක් මිය ගියද මාගේ උත්සාහයත්, උනන්දුවත්, ආශාවත් ශේෂ වී යාමට මා කිසිසේත් ඉඩ තැබුවේ නැත. මා මෙන්ම අඳුරේ අතපත ගාමින් දන්නා ප්‍රමාණයෙන් මසුන් බෝකරනු ලබන තවත් මා වැනි දුහුනන්ගේ අත්දැකීම් හා මගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් ඇසූ දුටු සහ සිදුකල පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන, තුලින් ලත් ප්‍රතිඵල පදනම් කර ගනිමින් 1990 ව දශකය පමන වන විට විසිතුරු මසුන් බෝකිරිම සම්බන්ධයෙන් සිංහල බසින් ශ්‍රී ලංකාවේ ලියවුනු ප්‍රථම කෘතිය, ග්‍රන්ථය නැතහොත් සුවිශාල පොත, පුස්තකය ගොනුකර ලියා, රචනා කර නිවැරදි දැනුම සොයන සුවහසක් වූ රටේ මතු පරපුර (ලෝලී ඔබ සැම) වෙනුවෙන් පිලිගන්වන්නට විශ්ව මාතාවගේ වරම් ලබා භාග්‍ය හිමි කරගත් ප්‍රථම කතුවරයා වීමේ අහිංසක නිහතමානී සාඩම්බරය මේ වන විට මා බුක්ති විඳීමින් සිටීයි.

කෙමෙන්, කෙමෙන් කාලය ගෙවී ගොස් මාගේ වයස අවු. 40/50 වකවානුව වන විට ජීවිතයේ දශක තුනකට අධික කාලයක් දිවි ගෙවා අවබෝධ කර ගත් විසිතුරු මත්ස්‍ය අභිජනනය සම්බන්ධයෙන් වූ දැනුම සහ ශක්තිය ඔබ සැම වැනි වූ ආධුනික මතු පරපුර වෙනුවෙන් තව දුරටත් කැප කරන්නට අදිටන් කර ගත් මා ඉහත ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාලීනව සිදු කළ විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ආත්ම තෘප්තිය කොතෙක්ද යත් මා උපන් මව් බිමට ණය නැති පුරවැසියෙකු ලෙස සතුටු විය හැකි මේ වන විට දිවියේ 6 වැනි දශකය නොහොත් (60 වැනි විය) අභිමුඛයෙහි සිටිනා විසිතුරු මසුන් පිළිබඳ බහුශෘත ගෙවූ දිවිය පිළිබඳ ප්‍රීතිමත් වයෝවෘද්ධයෙකි.

ජාතික මට්ටමින් සිදු කර ඇති සේවාවන් ඇගයීම

දේශයේ සංවර්ධනයට ඉවහල් වන අපනයන ගණයෙහි ලා සැලකෙන විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය රට තුළ නගා සිටුවීම උදෙසා මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා විසින් ජාතික මට්ටමින් සිදු කර ඇති සේවාවන් ඇගයීමට ලක් කොට ඇති රාජ්‍ය ආයතන.

ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශය (Ministry of Fisheries and Ocean Resources)

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (National Aquaculture Development Authority of Sri Lanka - NAQDA)

ජාතික ජලජ සමපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායනය (National Aquatic Resources Research & Development Agency - NARA)

ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (National Institute of Fisheries and Nautical Engineering - NIFNE)

ශ්‍රී ලංකා සමෘර්ධි අධිකාරිය (Samurdhi Authority of Sri Lanka)

බස්නාහිර පළාතේ කර්මාන්ත, ධීවර, සංචාරක, පරිවාස හා ළමාරක්‍ෂකසේවා සහ සමාජසේවා අමාත්‍ය (Minister of Industries, Fisheries, Tourism, Probation & Child-Care Services & Social Services (Western Province))

ජනාධිපති කාර්යාලය (Presidential Secretariat)

රජරට විශ්වවිද්‍යාලය (Rajarata University of Sri Lanka)

0+
වසර අත්දැකීම්
0+
උපදේශනයන්
0+
සේවා ලාභීන්
0+
රාජ්‍ය ආයතන දායකත්වයන්

අනුර ලක්ෂමන් කෝරළගේ

විසිතුරු මත්ස්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ රජයේ සහතික ලත් ප්‍රවීණ උපදේශක සහ ග්‍රන්ථ කර්තෘ

රජයේ සහතික ලත් ප්රබවීණ උපදේශකවරයෙකු වූද, "ඝර්ම කලාපීය විසිතුරු මත්ස්යපය අභිජනනය සහ පුනරාගමනය" නමැති මෙරට ප්ර壈ථම සිංහල ග්රනන්ථයේ කතුවරයා