BOOK: ඝර්ම කලාපීය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ පුනරාගමය
1 : මෙම කර්මාන්තය සඳහා රාජ්‍යය පාලන තන්ත්‍රයේ දායකත්වය කෙසේ විය යුතුද?

අප රට සම්පත් බහුල මුත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. රටක් ජාතියක් සංවර්ධනය කරා පිය නගද්දී ඉවහල් වන ප්‍රධානතම සාධකයක් වන්නේ කෘෂිකාර්මික සහ කාර්මික වශයෙන් ඇතිවන දියුණුවයි.

කෘෂිකාර්මික වශයෙන් ගත් කල එය බෝග සහ සත්ව වශයෙන් නැවතත් කොටස් දෙකකට බෙදා දැක්විය හැක.‍

පෙර රජ දවස සිට අප රට ප්‍රසිද්ධ වී ඇත්තේද කෘෂිකාර්මික රටක් ලෙසය. එය මහාවංශයේ පවා හුවා දැක්වේ. නමුත් අද එදා තිබූ කෘෂිකාර්මික දියුණුව නම් රට තුළ නොමැති බව නොරහසකි. අප රට ස්වභාවික සම්පත් අනූන වූ ඉතා වාසනාවන්ත දූපතකි. ඒ තුළ අදටත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වන වැදී ඇති ඉඩකඩම් වගුරුබිම් අක්කර ලක්ෂ ගණනින් කිසිදු ප්‍රයෝජනයට නොගෙන තිබේ. මෙම සෑම බිම් අගලක්ම බෝග හා සත්ව යන කෘෂිකාර්මික අංශ තුළින් නිසි පල ලබා ගැනීමට අවශ්‍ය නම් නොහැකි නොවනු ඇත. නමුත් මේසා අප්‍රමාණ වූ ගොඩ මඩ මුඩු ඉඩම්ද‚ ස්වභාවික සම්පත් සහ පාරිසරික සාධකයන්ද‚ රැකියා විරහිතව සිටින අප්‍රමාණ ජනතාවගේ කාර්යක්ෂමතාවයද‚ රාජ්‍ය වශයෙන් සිදුකල හැකි සම උපකාරය (සමුපකාරය) සහ වගකීමද නිසි ලෙස සුසංයෝග නොවීම නිසා...

"පය ගැටුනත් මිණිමුතු කණා ඇහිඳ නොගන්නා සේය"

කාර්ය බහුල නිසා හෝ වෙනත් කුමන මානසික හේතූන් නිසා හෝ දන්නා මුත් අමතක වී‚ අතපසු වී තිබිය හැකි දේ බොහෝය. එය සාමාන්‍යය මිනිස් ස්වභාවයකි. නමුත් මෙහිදී අත්‍යවශ්‍ය දේ අමතකව‚ අතපසුව තිබීම අපරාධයකි. එය කවුරුන් හෝ සිහිපත් කර දෙන්නේ නම් යුතු කමක් ඉටු කළා වන්නේය. එසේනම් මා මෙහිදී වගකිව යුත්තන් හට ඉඟි කරනුයේ කෙතරම් ප්‍රශ්න මධ්‍යයේ වුවද සාම්ප්‍රදායික නොවන මුත් ඉතා වටිනා කෘෂි අපනයන භාණ්ඩයක් වන මෙම විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට යම් ඵලදායක අනුග්‍රහයක් ඉතා ඉක්මනින්ම ලබා දෙන ලෙසය. මේ බැව් මා විසින් වර්ෂ 1992 දී ලියා ප්‍රසිද්ධ කළ "සුරතල් මසුන් ඇති කරමු" නමැති කෘතිය මගින්ද පෙන්වා දී ඇත.

මෙම කර්මාන්තය අප රටේ තවමත් පෞද්ගලික මට්ටමින් හිතුමතේට කෙරීගෙන යන්නක් බැවින් රාජ්‍ය මට්ටමින් සිදු විය යුතු නිසි මැදිහත්වීම නොවන තාක් විදේශ විනිමය බිලියන ගණනින් ඉපැයිය හැකි වගේම අති විශාල වූ රැකියා ප්‍රශ්නයටද මහඟු පිටුවහලක් කරගත හැකි මෙම වටිනා කර්මාන්තයේ කිසි දියුනුවක් ව්යාප්තියක් කිසිදින ඇතිවිය නොහැක.

පෞද්ගලික අංශයේ මහ පරිමාණකයින් හටද (විසිතුරු මත්ස්‍යය අපනයනයේදී) මුහුණ පෑමට සිදුවන ගැහැට අපමණය. ඒ නිසා මෙහිදී ඔවුන් වෙනුවෙන්ද රාජ්‍ය හස්තය දිගු විය යුතු යැයි පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් විදේශ විනිමය හමුවේ රටට විශාල මෙහෙවරක් සිදු වන බැවිනි.

විසිතුරු මසුන් යනු ජීවී වස්තූන් විශේෂයක් නිසා අපනයනයේදී‚ ආනයනකරු සියලුම වාසි තමන්ගේ පැත්තට හරවා ගනු ලැබේ. ඒ නිසා මෙහිදී අතරමැදියකු ලෙස කටයුතු කරන මූල්‍ය ආයතන හමුවේදී බහුලව ක්‍රියාත්මක වනු ලබන ක්‍රමය වන්නේ [(LC) Letter of Credit] ක්‍රමය නොව {(DP) Document on Payment] නමැති අවදානම උපරිම ගනුදෙනු ක්‍රමයකි. මෙහිදී පවතින භාණ්ඩ බලා ඉන් පසුව මුදල් ගෙවීමේ පදනම නිසා විදේශීක සුදු මහත්/හොරු අපේ අසරණ අපනයන කරුවන්ට "ඉන්ටර්නැෂනල්" (International) පොලු තබන අවස්ථාද එමටය. මිය ගිය මසුන්ගේ ඡායාරූප‚ වීඩියෝ පට නැතහොත් වෙනත් කුමන ප්රෝඩාවක් කර හෝ මුදල් නොගෙවූ වංචනික ක්රියා නිසා ඩොලර් ලක්ෂ ගණනින් විඳ අැති අලාභ සහ ගැටළු අපනයනකරුවන් රැස් කළහොත් යසට දැන ගත හැකි වනු අැත. විදෙස් ණය අයකර ගැනීමට යම් අනුග්රහයක් අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ලැබුනත් පවතින ගැටළු එතෙකින් හමාර නැත.

ඒ වගේම අපට විශාල ලෙන්ගතු කමක් පෙන්වා "ඉන්ටර්නැෂනල්" පොලු වලින් පවා ජාතිය බේරා ගැනීමට විවිධ (මල්හතේ) රක්ෂනාවරන හිමිකරදෙන දේශීය වශයෙන් පවතින රක්ෂණ ආයතන කිසිවක් මගින් කොතෙක් කටමැත දෙඩුවත් විසිතුරු මසුන් අපනයනයේදී රක්ෂණාවරණ කිසිවක් ලබාදී නොමැත. කොටින්ම එය අපනයන කෘෂි රක්ෂණ මණ්ඩලය මගින්වත් ක්‍රියාත්මක වී නොතිබුණු බව මා දන්නේ පෙර කලක මාද විසිතුරු මසුන් අපනයනය කර ඇති බැවිනි. මෙවකට එවැනි ආවරණ ඇත්දැයි නොදන්නා අතර තවමත් නොමැති නම් රාජ්‍ය නෙත් මෙදෙසටද යොමු වීමේ වැදගත්කම දැනට කෙරෙන වාර්ෂික වාර්ෂික ඉල්ලූමෙන් සියයට (2%) දෙකක් පමණ වූ විසිතුරු මත්ස්‍යය අපනයනය තුළින් ලබා ඇති විදේශ විනිමය පිළිබඳ පරීක්ෂා කල කල්හි ඉස්මතු වනු ඇත.

එම නිසා මේ මෙම වටිනා ක්ෂේත්රය තුළ පවතින මෙවැනි අන්තර්ජාතික මෙන්ම ජාතික වශයෙන්ද වූ විවිධ ගැටලුවලට රජයක මැදිහත්වීම දෙපාර්ශවයේම යහපත පිණිස හේතු වේ.

.................................................................

අතීතයේ අප රටේ විදේශ විනිමය ඉපැයූ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ‚ රබර් සහ පොල්ය. නමුත් වර්තමානයේ එම තත්ත්වය සෝචනීය ලෙස වෙනස්ව පවතී. ඉන් පළමු වැන්න ලෙස මැද පෙරදිග බැල මෙහෙවරෙහි යෙදී සිටින කාන්තාවන්ගේ රුහිරු බවට දැන් පරිවර්තන වී ඇත. එමගින් ලබන වත්මන් වාර්ෂික විනිමය ආදායම රුපියල් මිලියන 55000 පමණ බව පැවසේ. ඉදිරියේදී එමගින් තවදුරටත් ආදායම වැඩියෙන් බලාපොරොත්තු වන බවට ලජ්ජා නැති කියමනක් ගුවන් විදුලි තරංග ඔස්සේ පිරිමි කට හඬකින් මෑතදී අසන්නට ලැබුනි.

දෙවන ස්ථානය ඇඟලුම් කර්මාන්තයේ සේවයේ නියුතු ස්ත්රීන්ගේ රුහිරු වී අැත. තෙවන ස්ථානය තේ දළු නෙලනා ස්ත්රීන්ගේ රුහිරු වී ඇත.

කෙසේ නමුත් ජාතිය බිහි කිරීමේ සිට ජීවත් කරවීම දක්වා අමිල මෙහෙවරක් සැමතින්ම ඉටු කරනා ස්ත්‍රීන්ගේ නිදහස‚ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳ වගකිවයුතු සෑම අංශයකම පවතින තත්ත්වය අඳ‚ ගොළු‚ බිහිරිය. ස්ත්රියක් රටේ පාලනය භාර ගෙන ඇති මෙවන් යුගයකදී හෝ ස්ත්‍රී සංහතිය වෙනුවෙන් නිසි කැපවීමක් නොවුවහොත් නැවත එම අවස්ථාව කිසිදා උදා නොවිය හැක.

"මෙය තම වර්ගයා උදෙසා ඉටු විය යුතු අත්‍යවශ්‍ය යුග මෙහෙවරකි"

ඒ මගේ සිත තුල නලියන අදහස් වුවත් මෙහිදී මට පෙන්වා දිය යුතුව ඇත්තේ මෙයයි. විසිතුරු මසුන් වෙනුවෙන් වාර්ෂිකව පවතින අපනයන ඉල්ලුමෙන් අඩු තරමින් සියයට 18% ක් වත් ඉක්මවිය හැකි තත්ත්වයට කටයුතු යෙදුවහොත් වර්තමානයේ රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන ආදායම් මාර්ගය තරනය කර එය අභිමානවත් ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාව පාලකයන්ට උදාවනු ඇත.

මෙයාකාරයෙන් මෙම වටිනා ස්වයං කර්මාන්තය නගා සිටුවීම තුළ විදේශ රටවල විවිධ අඩත්තේට්ටම් විඳිමින් බැලමෙහෙ කරනා අපගේ මව්වරුන්‚ සහෝදරියන් දිනෙක ආපසු දේශයට කැඳවා ගැනීමට ශක්තියක්ද ලැබිය හැක.

"නිවහල්" යනුවෙන් නාම මාත්රිකව පවතින "බොල්" වචනය අදට වඩා එදිනට විචිත්‍රවත් වනු ඇත.

.................................................................

රටේ විවිධ වූ ප්‍රදේශවල වන වැදී ඇති ඉඩම් සහ වගුරු බිම් රැකියා විරහිත‚ ඒ වගේම ඉන්න හිටින්නට එක බිම් අඟලක්වත් නොමැති දුගී දුප්පත් ජනතාව අතර බෙදා දී මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය සහයෝගය කෘෂි සේවා සහ පශු සම්පත් සුරැකීමේ ආයතන මගින් ලබාදීම රුකුලකි. මෙම ආයතන මගින් සත්ව පාලන ක්ෂේත්‍රයට වැඩි වශයෙන් දැනට කෙරෙනුයේ ගව පාලන සහ කුකුල් පාලන කටයුතු සඳහා දායකත්වය ලබාදීම පමණි. නමුත් පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ විසිතුරු මසුන් පිලිබඳ ඇති වෛද්‍ය පහසුකම් හිඟයත් මෙයට තවත් ගැටලුවකි. එම නිසා මෙම කර්මාන්තය හමුවේ දීප ව්‍යාප්ත විවිධ ක්ෂේත්‍රයන් තුළ විශාල පෙළ ගැස්මක් කදිමට සකස් කළ හැකිය. (දැනටද මේ සඳහා සුළු වශයෙන් ඉඩම් ලබාදීම සහ "නාරා" වැනි ජල ජීවී පර්යේෂණ ආයතනවල සහාය ලැබුනද එය දීප ව්‍යාප්තව ගත් කළ ප්‍රමාණවත් නොවන බව මගේ වැටහීමයි) එම නිසා රාජ්‍ය මට්ටමින් ඉඩම් ලබාදීමත්‚ ප්‍රාදේශීය මට්ටමින් කෘෂි මධ්‍යස්ථාන හරහා මත්ස්‍යය වෛද්‍ය සහ තොරතුරු (පශු) අංශ පිහිටුවා ඒ සඳහා පුහුණු කළ පශු නිලධාරීන් පත්කර උපදෙස්‚ රෝග නිරීක්ෂණ‚ බෙහෙත් ද්‍රව්‍ය ආදිය ලබා දී රැකියා විරහිත සියලු සැමට මෙම වටිනා ස්වයං කර්මාන්තයේ දොරගුළු විවර කොට සමුපකාර (ස.ණ.ස.) වැනි ආයතන මගින් හෝ මූල්‍ය ආයතන මගින් හෝ මේ සඳහා ආරම්භක ණය ප්‍රදානයන් ලබාදී පසුව එම නිෂ්පාදන සමුපකාර මට්ටමින්ම සාධාරණ මිලක් ගෙවා එකතු කර අප්‍රමාණ වශයෙන් වූ අපනයන ඉල්ලුම සඳහා සපයා විශාල විදේශ විනිමයක් උපයා රටේත් ජාතියේත් ඇත්තා වූ මේසා විශාල දුගී දුප්පත් කම පිටු දැකීමට හැකි වාතාවරණයක් ඇති කරලීම එතරම් අසීරු නොවනු ඇත.

"මෙය වත්මන් රජයේ සමෘධි වැඩසටහනට කදිම පිටුවහලකි"

වර්තමානයේ තමන්ට හැකි මට්ටමින් මෙය කරනා සුළු නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන මිලදී ගන්නේ පෞද්ගලික වෙළඳුන් සහ පෞද්ගලික මට්ටමින් විසිතුරු මසුන් අපනයන කරන මහා පරිමාණකයින්ය. සාධාරණ මිලක් නොලැබීමත්‚ අවශ්‍යය වෙලාවට මුදල් නොලැබීමත්‚ මෙවැනි පහසුකමක් හෝ ඇත්තේ කොළඹ ආසන්නව වෙසෙන නිෂ්පාදකයින් සදහා පමණක් නිසාත් මෙහි ව්‍යාප්තිය මන්දගාමීය. හැකියාව‚ කැපවීම ඇතත් නිසි අතදීම නොමැති නම් නැති බැරි අයගේ අනාගතය කුමක්ද? ශ්‍රමය සූරා කන අද වැනි සමාජ ක්‍රමයක් තුළ පෞද්ගලික අංශයෙන් හෝ බහු ජාතික සමාගම් මගින් හෝ අත දීමක් බලාපොරොත්තු වීම සැක සහිතය. කිසිදු අත දීමක් නොමැතිව තම ස්වෝත්සාහයෙන්ම නොයෙක් තාඩන පීඩන හිරිහැර දුෂ්කරතා විඳිමින් තමන් පැමිණ ඇති දිගු දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් ලෙසින් ධනවත් වී ඇති මෙම ක්ෂේත්‍රයට ආවේණික පෞද්ගලික සීමිත පිරිසකගෙන් සහන බලාපොරොත්තු වීමත් එක්තරා අසාධාරණයක් නිසා මෙම කර්මාන්තය සඳහා නැති බැරි මෙන්ම ඇති හැකි සෑම කෙනෙකුටම එකසේ සහන සැලසීමට රජයකට හැර වෙනත් කිසිවකුට කළ හැක්කක්ද නොවන්නේය.

එය එසේ වුවහොත් උදාවන විසිඑක්වන සියවසේ ජාතියේ ප්‍රධාන ස්වයං කර්මාන්තයත්‚ දේශීයේ වැඩිම විදේශ විනිමය උපයන නිෂ්පාදනයත් "විසිතුරු වූ සුරතල් මසුන්" වීම අතිශයෝක්තියක් නොවනු ඇත.

"ජාතියක් ස්වයංපෝෂිත වන විට දේශයක් නිතැතින්ම ස්වයංපෝෂිත වේ"

***********************************************

සම්පූර්ණ පරිච්ඡේදයම නොමිලේ බාගත කරගන්න

2 : නිවැරදි මාවත තෝරා ගැනීම සහ තමා තුළ සීමාවන් පිහිටුවා ගැනීම.

යම් පුද්ගලයෙකු තමන්ගේම ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදිටන් කර ගනුයේ සීමිත වැටුපකට‚ ශ්රමය සූරා කෑමකට ලක් නොවී හොඳ මානසිකත්වයක් ඇතිව හොඳ ආදායමක් ලබමින් සිතැඟි පරිදි විවේකයද ලබමින් සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙනි.

නමුත් මෙවැනි පරමාර්ථයන් මුල්කරගෙන විවිධ තරාතිරම්වල විවිධ මට්ටම් තුළ සිටින විවිධ පුද්ගලයින් තමන්ගේම ස්වතන්ත්ර ව්යාපාර කිරීමට ගොස් මංමුළා වන අවස්ථාද නැත්තේ නොවේ. ඒ වගේම ඉවක් බවක් නොමැතිව පාලනය කර ගත නොහැකි තරම් පුළුල් ලෙස අසීමිත ණය ගෙන කිසිම කායික හෝ මානසික සැනසිල්ලක්ද නැතිව තමා යටතේ සිටනා සේවකයකු විඳිනා තරම්වත් සැපතක් නොවිඳ අන්ධයෙක් ලෙස මං මුලා වූ මාවතක ගමන් කරන බව තමාට නොවැටහීමත් එක්කරා අහේතුවකි.

කෙසේ වෙතත්...

====================================

පරිච්ඡේද - 2 සහ 3 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 2, 3 ම රු. 140.00 කට ලබාගන්න

3 : ක්‍ෂේත්රයට අදාළ දැනුම තිබෙන්නේ කොහිද? එය ලබා ගන්නේ කෙසේද?

විසිතුරු මසුන් පිළිබඳ දැඩි ඇල්මක් තිබුනද‚ විසිතුරු මසුන් බෝකිරීමටද (අභිජනනය) දැඩි කැමැත්තක් කුතුහලයක් තිබුණද‚ ඒ පිළිබඳ නිසි දැනුමින් හීන නිසාත්‚ අසා දැන ගැනීමටද කිසිවෙකු නොමැති නිසාත්‚ දන්නා බොහෝ දෙනෙකු අනෙකෙකුට කියා දීමට අකමැති යැයි සිතන නිසාත්‚ මෙම වටිනා ස්වයං කර්මාන්තයට අවතීර්ණ වීමට ඔබ මෙතෙක් ප්රමාද වූ බව මාගේ හැඟීම සහ විශ්වාසයයි.

එලෙසින් ඔබ තුල වූ ඒ විවිධ මිත්යා සිතුවිලි දුරු කිරීම මෙහිදී මාගේ පලමු උත්සාහයයි. නමුත් ඊටත් ප්රතම...

====================================

පරිච්ඡේද - 2 සහ 3 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 2, 3 ම රු. 140.00 කට ලබාගන්න

4 : ස්වයං ප්‍රශ්නෝත්තර පරීක්ෂණය...

මෙම ක්ෂේත්‍රයට ඔබ සුදුස්සෙක්ද? ක්ෂේත්‍රය තුළින් දියුණු වීමට ඔබට කෙතරම් සුදුසුකම් තිබේද? යන්න පළමුව තුලනය කරගෙන තිබීම යහපත් නිසා පහත දැක්වෙන පරීක්ෂණය සඳහා ඔබ ස්වාධීනව පෙනී සිටින්න. එහි දක්වා ඇති ප්‍රශ්නවලට සපයා ඇති පිළිතුරු අතරින් ඔබට වඩාත්ම සංවේදී පිළිතුරු තෝරා සලකුණු කර ගන්න. ඉන්පසුව එම පිළිතුරු සඳහා ලැබෙන ලකුණු මට්ටම අනුව ඔබට ඔබ ගැනද‚ ඔබ ආරම්භ කිරීමට යන මෙම කටයුත්ත පිළිබඳවද යම් තීරණයකට එළඹීමේ අවස්ථාව උදාවනු ඇත.

----------------------------------------------------------

ප්‍රශ්නෝත්තර පරීක්ෂණය ආරම්භ කරන්න

5 : කිසිම මුදලක් නැති අයෙකුට ක්‍ෂේත්රයට අවතීර්ණ විය හැක්කේ කෙසේද?

මෙම පරිච්ඡේදය ගොනු කිරීමෙන් හුදෙක් මා බලාපොරොත්තු වන්නේ ඉතාම අන්ත අසරණ දුගී දුප්පත් ඒ වගේම මෙම ක්‍ෂේත්රයට මොනම ආකාරයකින්වත් අවතීර්ණ විය නොහැකි යැයි සිතා මානසික අසහනයට පත්ව සිටින අයගේ මානසිකත්වය ප්රබෝධ කර ඉහළ තලයකට පමුණුවා ක්‍ෂේත්රයට අවතීර්ණ වීමට හැකි ආත්ම ශක්තියක් ඇති කරලීමයි.

විවිධ තරාතිරම්වල සිටින සියලු පොදු මහත් විසිතුරු මත්ස්ය කර්මාන්ත ක්‍ෂේත්රයට අවතීර්ණ වීමේ අදිටනින් සිටින ලෝලී පාඨක සෑම දෙනාම වෙනුවෙන් සකස් කරන ලද කෘතියක් නිසා මෙම පරිච්ෂේදයද සටහන් නොවුනහොත් එය අඩුවක් විය හැකිය.

කරුනු එසේ හෙයින්...

====================================

පරිච්ඡේද - 5 සහ 6 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 5, 6 ම රු. 140.00 කට ලබාගන්න

6 : ආධුනිකයෙකුට සුදුසු ආරම්භය.

මෙම කෘතියෙන් කෙතරම් සරල බසින් මත්ස්යය අභිජනනය ඉතාම පහසු කටයුත්තක් ලෙස ගෙනහැර දක්වා ඇති නමුදු ආධුනිකයෙකුට කිසියම් මග පෙන්වීමක්‚ අත්වැලක් ඇත්නම් ඔහු ඊට වැඩි ප්රියතාවයක් දැක්විය හැක. ඒ නිසා ආධුනිකයෙකුගේ ආරම්භය කෙසේ විය යුතුද යන්න පිළිබඳ විස්තරයක් කර තිබීමද එවැන්නෙකුට ශක්තියක් විය හැකි බැවින් මම ඒ පිළිබඳව මෙම පරිච්ඡේදයෙන් කෙටි විග්රහයක් කරමි.

මාගේ විශ්වාසය සහ උපදේශනය අනුව අාධුනිකයෙකු සඳහා...

===========================================

පරිච්ඡේද - 5 සහ 6 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 5, 6 ම රු. 140.00 කට ලබාගන්න

7 : ජලීය වශයෙන් මත්ස්යය ප්රභේද

මත්ස්යය ජීවනය සැකසී ඇත්තේ ජලය නිසයි. සමහර විට ඔබ සිතන ආකාරය මෙසේ විය හැකියි. නමුත් විසිතුරු මසුන්ද ගත් කල අපි ආහාරයට ගන්නා මසුන් මෙන්ම වර්ග කර බෙදා දැක්වීමට පුළුවන. එම නිසා මසුන් අනුව ජලයද‚ ජලය අනුව මසුන්ද‚ අප දැන් වෙන් වෙන්ව හඳුනා ගනිමු. ආහාරයට ගන්නා මසුන් පිළිබඳ නොව මෙහිදී අප විසිතුරු ගණයට වැටෙන සුරතල් මසුන් (Pet fish) ගැන පමණක් සලකා බලමු.

* මුහුදු වතුර මසුන් - (Marine Water Fish )

* කලපු වතුර මසුන් - (Brackish Water Fish )

* ඇල් වතුර මසුන් - (Fresh Water Fish)

බොහෝ පුද්ගලයින් මගෙන් විමසා තිබෙනවා ගෝල්ඩ්ෆිෂ් (Goldfish) මාළු ඉන්නේ මුහුදේද කියා‚ නමුත් ඒ සිතුවිල්ල වැරදි එකකි. මෙයින් පෙනී යන්නේ බොහෝ දෙනෙකුට මසුන් පිලිබඳ ජලීය වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත් දැනුමක් නොමැති බවයි. එම නිසා මේ පිළිබඳවද යමක් සඳහන් කර තිබීම නොදන්නා අය සහ ලාබාලයින්ගේ ප්රයෝජනය සඳහා ඉවහල් විය හැක.

* මුහුදු වතුර මසුන් - ගැඹුරු මුහුදේ වෙසෙන විසිතුරු ගණයට වැටෙනා මසුන්ට...

============================================================

පරිච්ඡේද - 7 / 8 සහ 9 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 7, 8, 9 ම රු. 190.00 කට ලබාගන්න

8 : මූලික පාරිසරික සාධක.

පාරිසරික සාධක වශයෙන් ගත්කල මූලිකවම අපට මෙය කොටස් තුනකට වෙන් කර ගත හැක. එනම්..

1. ජලය

2. ඔක්සිජන් (වාතාශ්රය)

3. ආලෝකය (හිරු එළිය)

ඉහත සාධක පිළිබඳව ප්රායෝගික අත්දැකීම් පදනම් කරගෙන කෙටි විග්රහයක් මෙම පරිච්ඡේදයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ජලය (H2O) :-

විසිතුරු මසුන් සඳහා උපයෝගී කර ගන්නා වූ මුහුදු ජලය‚ කලපු ජලය සහ ඇල් ජලය යනුවෙන් ප්රභේද තුනක් පිළිබඳව අපි මීට පෙර පරිච්ඡේදයේදී උගත්තෙමු.

නමුත් අප උත්සාහ ගන්නේ මින් මැදුරු තුළ ඇල් ජලය ආශ්රිතව ජීවත්වන විසිතුරු මසුන් අභිජනනය කිරීම පිළිබඳ අධ්යයනයක් බැවින් මෙම ඇල්වතුර එම මසුන්ට උචිත ලෙස සකස් කර ගන්නේ කෙසේද යන්න විමසා බලමු.

දැන් ඔබ සිතනවා අැති වතුරේ මොනවද සකස් කරන්න තිබෙන්නේ...

===================================================

පරිච්ඡේද - 7 / 8 සහ 9 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 7, 8, 9 ම රු. 190.00 කට ලබාගන්න

9 : භූගෝලීය සාධකයන්ට මුහුණ දීමේ විකල්ප ක්රියාමාර්ග සහ ව්යවසායක යෝජනා.

ස්වභාවිකත්වය පෙරදැරි කරගෙන‚ හැකිතාක් ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් මත්ස්යය අභිජනන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන ඔබගේ වැඩිමනත් දැන ගැනීම පිණිස අප රටේ අභ්යන්තර භූගෝලීය තත්වයන් පිළිබඳ කෙටි විවරණයක් දක්වා තිබීමද යහපත් යැයි සිතුනෙමි.

රට තුළ කලාපීය වශයෙන් පවතින දේශගුණික වෙනස්කම් මෙන්ම බලාපොරොත්තු රහිත ලෙස මතුවන භූගෝලීය තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට දැනුවත් වී සිටීම බුද්ධිගෝචර වේ.

විශේෂයෙන් මෙම කෘතිය මගින් දැනුවත් කරන්නන් අතුරින් වැඩි ප්රවණතාවක් ඇත්තේ හැකියාව ඇතත් පහසුකම් නොමැති බහුතරයක් සඳහා බැවින්ද‚ එම බහුතරය දැනුවත් කිරීම සඳහා වැඩි ප්රමාණයක් දැනුම ලබාදී ඇත්තේ ප්රායෝගික තත්වයන් සහ අත්දැකීම් සම්භාරයක් අළලා බැවින්ද තත්ත්වය කුමක් වුවත්‚ කුමන අතකට පරිවර්තනය වුවත් ඊට සාර්ථකව මුහුණ දීමේ ආත්ම විශ්වාසය එවැනි වූ ඔබ කෙරෙන් තුරන් නොවන අටියෙන් මෙම පරිච්ඡේදය හුදෙක්ම ගොනු කළෙමි.

ඝර්ම කලාපීය (සමකය අසල පිහිටි) රටක් වන අප ශ්රීි ලංකාව තුල විසිතුරු මසුන් අභිජනනය කිරීමේදී...

=======================================

පරිච්ඡේද - 7 / 8 සහ 9 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 7, 8, 9 ම රු. 190.00 කට ලබාගන්න

10 : මින් ජල තටාකවල විෂබීජ සහ අනවශ්ය පෙඳ පාසි හරණය.

යම් තටාකයක හෝ තටාක කිහිපයක හෝ සිටි මසුන්ට කිසියම් රෝගයක් වැලඳුණ විට අප එම මසුන්ට ප්රතිකාර කර රෝගය මර්දනය කර ගන්නා සේම වැදගත් වන මීළඟ කාර්යය වන්නේ එම මසුන් සිටි තටාකයේ ඇති විෂබීජ හරණය කිරීමයි. මෙසේ නොකර අප එම තටාකයට නැවත මසුන් දැමුවහොත් අනිවාර්යෙන්ම එම මසුන්ටද පෙර සිටි මසුන්ට තිබූ රෝගය බෝවීම සිදුවේ.

යම් තටාකයකට රෝගයක් බෝවීම නිසාම විෂබීජ හරණය කරනු වෙනුවට මාස දෙක තුනකට (2-3 කට) වරක් තටාක එකින් එක හුවමාරුවට හෝ හොඳින් සෝදා වේලා විෂබීජ හරණය කර පාවිච්චි කිරීමෙන් (රෝග ප්රතිකර්මයට වඩා මර්ධනය වාසිකර නිසා) ප්‍රතිඵල වැඩි විය හැක.

විශේෂයෙන් අභිජනනය සඳහා යොදා ගන්නා මව් සතුන්ට රෝග කාරක තත්ත්වයන් අැති නොවීමට ඉතා හොඳින් වග බලා ගත යුතුය. අභිජනන ක්රියාවලියෙහි යෙදවීම සඳහා පවත්වාගනෙ යනු ලබනා මව්පිය මත්ස්යයින් හට රෝග වැළඳී පසුව සුවකර ගත්තද පැවති උසස් ශාරීරික තත්ත්වයන් දුර්වල වීම නිසා ජනක ශක්තිය අඩු වීමෙන් නිෂ්පාදන ධාරිතාවය අඩුවීම‚ බිහිකල පැටවුන් දුර්වල වීම සහ හෙලූ බිත්තර ඵල රහිත වීම සිදුවිය හැක.

ඒ වගේම ඕනෑම තටාකයක් දිගින් දිගටම පාවිච්චි කරන විට...

===============================================

පරිච්ඡේද - 10 සහ 11 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 10, 11 ම රු. 140.00 කට ලබාගන්න

11 : විසිතුරු මසුන්ට හානිකර වූ ඔබ දන්නා සහ නොදන්නා සතුරන්.

සමහර අවස්ථාවලදී ඔබ තටාකයට ගණනය කර පොත් පත්වල පවා සටහන් කරගෙන බහා තිබූ මසුන් අස්වැන්න ගෙන ගණනය කිරීමේදී අඩුවක් තිබිය හැකිය. ඒ වගේම තටාකවල සිටින ඔබේ සීමිත වූ මව් සතුන්ද යම් අවස්ථාවලදී බලන කල අතුරුදහන්ව සිටිය හැක. කවුරුවත් පැමිණ හොරෙන් ගෙන ගියාද කියා ඔබට සැක පහළ වීමටද ඉඩ ඇත. එසේ නැතිනම් ඔබ නොමැති යම් අවස්ථාවකදී ඔබේ සේවකයකු මසුන් හොරෙන් අලෙවි කළාද කියා ඔබට සැක සිතිය හැක.

නමුත් බොහෝ විට සිදු වී ඇත්තේ ඔබ සිතන දෙය නොව නොසිතූ දෙයකි. අප කිසි විටෙකත් නොසිතන සමහර විට අප අතරම සිටින අපගේ සුරතලෙකු මසුන්ට සතුරෙකු විය හැකිය. ඒ පිළිබඳ ඔබට යම් දැනුමක් ලබා දීමට මෙයින් අදහස් කරමි.

එම නිසා පළමුව අප එම හානි කාරකයින් කවුරුන්දැයි විමසා බලමු...

======================================

පරිච්ඡේද - 10 සහ 11 = රු 140/= ක් පමනයි.

පරිච්ඡේද 10, 11 ම රු. 140.00 කට ලබාගන්න

12 : මසුන්ට සුදුසු ලෙස තටාක වෙන් කිරීම.

මෙම මාතෘකාවද විමර්ශනයට භාජනය කළ යුතු සංකීර්ණ විෂයකි. විවිධ මසුන් අනුවද‚ මසුන්ගේ විවිධ තත්ත්වයෙන් අනුවද‚ තටාක වෙන් කිරීම සිදු කළ යුතුය. ඒ පිළිබඳ සාමාන්ය විශ්ලේෂණයක් පහත දැක්වේ.

පළමුව අපි තටාක වෙන්කළ යුතු වන මසුන් කවුද කියා විමසා බලමු.

* මව් සතුන් සඳහා

* අභිජනනයෙහි යොදවන මසුන් සඳහා

* මත්ස්යය බිත්තර කෘතිමව රැක්කවීම සඳහා

* මත්ස්යය පැටවුන් සඳහා

* වර්ධක මසුන් සඳහා

මීළඟට මසුන්ට සුදුසු තටාක වර්ග මොනවාදැයි බලමු. මසුන් සඳහා තටාක සෑදීමේදී ක්රම කිහිපයක් අනුව ඒවා සකසා ගත යුතු වේ. ඒවා නම්...

==========================================

පරිච්ඡේද - 12 / 13 සහ 14 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 12, 13, 14 ම රු. 190.00 කට ලබාගන්න

13 : විසිතුරු මත්ස්ය අභිජනනය සඳහා ජලජ පැළෑටිවල වල ඇති දායකත්වය සහ විකල්ප ආදේශන.

අභිජනන ක්රියාවලියේදී දායක වන ජලය‚ ඔක්සිජන්‚ ආලෝකය‚ මසුන්‚ තටාක ආදී සියලු තොරතුරු පිළිබඳ සාකච්ඡා කළ අතර දැන් විසිතුරු මත්ස්යක අභිජනන ක්රියාවලියේදී ජලජ පැළෑටි දායක වන ආකාරය සහ වෙනත් විකල්ප ලෙස උපයෝගී කර ගන්නා කෘතිම ආදේශන මොනවාදැයි සොයා බලමු.

ඉහත සඳහන් කළ සියලු සාධක මෙන්ම ජලජ පැලෑටි සහ මසුන් අතරද සමීප සම්බන්ධතාවයක් ඇත. බොහෝමයක් මසුන් අභිජනනය කිරීමේදී (බිත්තර දමන සහ පැටවුන් දමන) ජලජ පැලෑටි උපයෝගී කර ගැනීම සුලභ සිද්ධියකි. සීමිත මසුන් වර්ග කීපයකට පමණක් විස්තර කළ හැකි හේතූන් කිහිපයක් නිසා කෘතිම ආදේශන ලබා දුන්නද‚ එසේ නොවුවද එම මසුන් ස්වයංක්රීයව අභිජනනය වීමේදී ස්වාභාවික පසුතලයන් සකසා ගැනීම සිදු වේ.

පැටවුන් දමන සියළුම වර්ගයේ මසුන්ට...

====================================

පරිච්ඡේද - 12 / 13 සහ 14 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 12, 13, 14 ම රු. 190.00 කට ලබාගන්න

14 : විසිතුරු මත්ස්යය අභිජනනයේදී දායකත්වය ලබා ගත හැකි බාහිර උපකරණ සහ මාධ්යයන්.

දියුණු මින්මැදුරු කර්මාන්තයේ අද බොහෝ සංකීර්ණ වූ නානාවිධ මින් මැදුරු උපකරණ භාවිතා වන අතර ඒවායින් සමහරක් විසිතුරු මත්ස්යය අභිජනනය සඳහාද දායක කර ගන්නා ආකාරය විස්තර කිරීම මෙහිදී බලාපොරොත්තු වෙමි. ඒ නිසා පළමුව අප එම උපකරණ මොනවාදැයි හඳුනාගෙන සිටිමු.

==========================================

පරිච්ඡේද - 12 / 13 සහ 14 = රු 190/= ක් පමනයි.

පරිච්ඡේද 12, 13, 14 ම රු. 190.00 කට ලබාගන්න

15 : අභිජනනය සඳහා සුදුසු මව් සතුන් තෝරා ගැනීම.

විසිතුරු මත්ස්යා අභිජනන (බෝකිරීම) සාර්ථකව පවත්වා ගෙන යාමට නම් මව් සතුන් තෝරා ගැනීම නිසියාකාරව නිසි අවබෝධයකින් යුතුව ඉටු කරගෙන තිබිය යුතුය. නොඑසේ වුවහොත් අඩු නිෂ්පාදනයකුත්‚ අංග විකල‚ අවර්ණ‚ මිශ්ර වූ මත්ස්යය පැටවුන් බිහි වීමත් වළක්වා ගනු බැරිවෙයි. ඒ නිසා අපගේ සියුම් කල්පනාවත්‚ තීක්ෂණ දෑසත් යොමු කරගත හැකිනම් උසස් මව් සතුන් තෝරා ගැනීම එතරම් ප්රරශ්නයක් නොවනු ඇත. නමුත් අත්දැකීම් අඩු ඔබට මෙය විශාල ප්රශ්නයක් වනු ඇති බව මා දන්නේ මීට බොහෝ කලකට පෙර මා ලත් අත්දැකීම් නිසාය. (Best breeding pair) (බෙස්ට් බ්රීඩින් පෙයාර්) අනර්ඝ ලෙස අභිජනන වන මත්ස්යය යුවලක් කියා ඉතාමත් අධික මිලක් ගෙවා ඒන්ජල් (Angel) ශරීර ප්රමාණයෙන් විශාල යුවලක් එක්තරා පුද්ගලයෙකුගෙන් මිලට ගෙන ආවේය. එම ඒන්ජල් (Angel) මසුන් යුවල මිලට දුන් අවස්ථාවේ ඔහු මට පවසා සිටියේ මෙම (pair එක) ජෝඩුව ගෙන ගොස් හොඳට පැටව් ගැනීමට හැකිවන බවත්‚ ඒන්ජල්ලාගෙන් මට මිලියන කෙනෙක් (කෝටිපතියෙකු) වෙන්න පුළුවන් බවත්ය. නමුත් එසේ කියා නොවටිනා මිලකට දුන් එම (Angel) ඒන්ජල් යුවල ඇති තරමට බිත්තර දමා ඉතා වයසට ගිය යුවළක් බව පසු කාලීනව මම අවබෝධ කර ගත්තේ එම යුවලගෙන් මට කිසිම ප්රයෝජනයක් ගත නොහැකි වූ නිසාය.

කෙසේ වෙතත් අප සමාජයෙන් බැට කන සෑම අවස්ථාවකදීම එයින් යම් පාඩමක්ද උගෙනීම "බැට කෑමේ සම්ප්රදායේ ලක්ෂණයකි" ඉන්පසු මා කිසි දිනක ඉතා විශාල මසුන් අභිජනනය සඳහා මිලට නොගත්තේය. නමුත් ඔහුගේ මුවින් පිටවුනු වචන වලින් ඉතා වටිනා කරුණක් අවබෝධ කර ගතිමි. එනම් එ්න්ජල් මසුන් ගෙන් පමණක් නොව සියලුම විසිතුරු මසුන්ගෙන් මිලියන පතියෙකු පමණක් නොව බිලියන පතියෙකු වුවද විය හැකි බවය. ඒ නිසා මම එදා රැවටුනු ඒ පුද්ගලයාවද මෙහිදී අාදරින් සිහිපත් කරමි.

ඒ සියල්ලෙහි යහපත් ප්රතිඵලය ලෙස මේ වන විට මගේ මුහුකරා ගිය දැනුම උපයෝගී කර ගනිමින් දින කිහිපයකින් බිත්තර ලබා ගත හැකි නාඹර ඒන්ජල් යුවලක් රුපියල් පනහකට/හැත්තෑ පහකට (රු.50/=ට‚75/=ට) පමන සොයා ගැනීමටද මට අද එතරම් අසීරු නැත. විවිධ හිරිහැර විඳ මව් සතුන් තෝරා ගැනීමේදීද මා ලත් ඒ දැනුම පන්නරය ඔබට ලබාදීම මෙම පරිච්ඡේදයේ අරමුනයි.

නමුත් පලමුව ඔබට මතක් කර දී තිබිය යුතු වැදගත්ම උපදේශය නම්...

====================================================

පරිච්ඡේද - 15 / 16 සහ 17 = රු 240/= ක් පමනයි.

පරිච්ඡේද 15, 16, 17 ම රු. 240.00 කට ලබාගන්න

16 : මසුන්ගේ ලිංග විභේදනය.

අභිජනන ක්රියාවලියේ ආරම්භක අවස්ථාවේදීම ඔබට මතුවන ප්රධානතම ගැටලුව වන්නේ පුරුෂ ලිංගික‚ ස්ත්රී ලිංගික මසුන් හඳුනා ගන්නේ කෙසේද යන්නයි. මිනිසුන් සහ සමහර සතුන්ගේ මෙන් මත්ස්යයින්ගේ ලිංග භේදයන් (ස්ත්රී/පුරුෂ වෙනස්කම්) ක්ෂණයකින් බැලූ පමණින්‚ දුටු පමණින් හඳුනා ගත නොහැක.

මත්ස්යයින්ගේ මෙකී ස්ත්රී/පුරුෂ භාවය අවබෝධ කර ගැනීමට එම සතුන් අතර ඉතා දැඩි අධීක්ෂණයකින් ගැවසීම කළ යුතු වේ. විවිධ ප්රභේදයන්ට අයත්‚ විවිධ පරම්පරාවලට අයත්‚ විවිධ වර්ගවල මත්ස්යයින් විශාල පිරිසක් එකට සිටින තටාකයකදී වර්ග වශයෙන් අපට එම මසුන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වුවද....

==========================================

පරිච්ඡේද - 15 / 16 සහ 17 = රු 240/= ක් පමනයි.

පරිච්ඡේද 15, 16, 17 ම රු. 240.00 කට ලබාගන්න

17 : අනාගතයේ දී හමුවන නවක මසුන් බෝකර ගන්නේ කෙසේද? (නෑදෑයින් පිළිගැනීම සහ හඳුනාගැනීම)

රටින් රටට කලින් කලට විසිතුරු වූ සුරතල් මසුන් අතරටද අලුත්‚ අලුත් නෑදෑයින් එකතුවීම සාමාන්ය තත්වයකි. මෙහිදී ඔබ තුළ තවත් අනියත බියක් ඇති වීමට ඉඩ ඇත. එනම් මේ අලුතින් ක්ෂේත්රයට පැමිණෙන අමුත්තන් අභිජනනය කරන්නේ කෙසේද? යන්නයි!

අභිජනන ක්රියාවලිය ආරම්භ කර දැඩි අධීක්ෂණයෙන් යුතුව විසිතුරු මසුන් අතර නිරන්තරයෙන් ගැවසෙන ඔබ එවකට අත්දැකීම් අතින් අනූන බැවින් අළුතින් පැන නගින ප්රශ්න වලට බිය වීමට අවශ්යතාවයක් නැත. ඒ මන්ද යත් මෙවකට ඔබ වෙන්‚ වෙන් වශයෙන් හඳුනා ගත හැකි ලෙස මත්ස්යය ප්රභේද සහ මත්ස්යය විශේෂ හොඳින් හඳුනන බැවින් අළුතින් පැමිණෙන මත්ස්යය අමුත්තන් සාදරයෙන් පිළිගත හැක.

මෙවැනි අමුත්තකු හෝ අමුත්තන් කිහිප වර්ගයක්ම හෝ ඔබට යම් දිනෙක ලැබුණොත් හෝ ඔබ මිලට ගතහොත් ඔබට කිරීමට ඇත්තේ...

==========================================

පරිච්ඡේද - 15 / 16 සහ 17 = රු 240/= ක් පමනයි.

පරිච්ඡේද 15, 16, 17 ම රු. 240.00 කට ලබාගන්න

18 : අභිජනනය අභියස.

ලදු කැලෑ‚ වැට කඩොලු‚ උස් මිටි කඳු හෙල්‚ ගිරි සිඛර පසු කර විශාල අත්දැකීම් සම්භාරයක් පිළිබඳ තොරතුරු රැසක අවබෝධය ඇතිව අප දැන් අභිජනන මාවතේ රුවන් දොරටු අභියස තෝතැන්නට ළඟා වී සිටිමු. මෙතැන් පටන් ඉදිරියට ඇති මේ ඕනෑම දොරටුවකින් ඇතුළු වී ඔබට සිතැඟි පරිදි සැරි සැරීමට අවශය ශක්තියෙන්ද‚ ධෙෙර්යයෙන්ද ඔබ දැන් පරිපූර්ණය.

මසුන් ස්වභාවිකව අභිජනනය වුවද එම අභිජනනය වන ආකාරයන් යම්‚ යම් මත්සය වර්ග අනුව වර්ගීකරණයකට ලක් කළ හැකිය. පළමුවෙන්ම අපි දන්නවා පැටවුන් දමන සහ බිත්තර දමන මසුන් යැයි මත්ස්යය කොට්ඨාස දෙකක් සිටින බව. මෙයින් බිත්තර දමන මසුන් ගත් කල තවත් විවිධ බෙදීම්වලට ලක් කළ හැකිය.

එනම්...

======================================

පරිච්ඡේද - 18 සහ 19 = රු 240/= ක් පමනයි.

පරිච්ඡේද 18, 19 ම රු. 240.00 කට ලබාගන්න

19 : මත්ස්යය අභිජනන ක්රම.

මසුන් ස්වාභාවිකව අභිජනනය වුවද‚ විවිධ මසුන් අභිජනනය වන සංකීර්ණ වූ විධි සහ ප්රායෝගික අධ්යනයන කිරීම් තුළින් පසුකාලීනව මිනිසුන් විසින් සොයා ගන්නා ලද දියුණු සහ උසස් අභිජනන ක්රම භාවිතයන්ද ඇති බැවින් ඒවා පිලිබඳවත් අවබෝධයක් ලබා දුනහොත් ඔබගේ අනාගතය තව තවත් වර්ණවත් වනු ඇති හෙයින් අප ඒ පිළිබඳව විග්රහ කර බලමු.

මත්ස්යය අභිජනන ක්රම පිළිබඳව කතා කිරීමට පෙර ඔබට මතක් කරදිය යුතු වන්නේ "අභිජනනය සඳහා සුදුසු මසුන් තෝරා ගැනීම" පාඩමින් පෙන්වා දුන් පරිදි කොතෙක් පෝෂ්යදායි ආහාර ලබා දුන්නද නිසි අවබෝධයකින් තොරව මව් සතුන් තෝරාගෙන තිබුනහොත් "මත්ස්යය අභිජනන ක්රම" මගින් බලාපොරොත්තු වන උසස් භාවය සිදු නොවන බවයි.

එම නිසා දීර්ඝ කාලීන වෘත්තිය අභිජනන කරුවන් ලෙස සූදානම් වන්නන් පළමුවෙන්ම ඉටුකර ගතයුතු කාර්යය වන්නේ තමුන් අභිජනනය කර ලබා ගන්නා මසුන් අලෙවි කිරීමට පෙර උසස් ලක්ෂණ සහිත නිරෝගී‚ වර්ණවත්‚ ක්රියාශීලි මසුන් අනාගත අභිජනන කාර්යයන් සඳහා උපයෝගි කර ගැනීමට අවශ්යන වන පරිදි සුදුසු ප්රමාණයක් පමනක් තෝරාගෙන සුරක්ෂිත හෙට දින වෙනුවෙන් ආරක්ෂා කර ගන්නා ලෙසයි.

එසේ නම් විසිතුරු මත්ස්යය අභිජනනය (බෝකිරීම) සඳහා ව්යවසායකයන් ලෙස සූදානම් වන ඔබට උසස් අභිජනන ක්රම පිලිබඳවත් අවබෝධයක් ලබාදී තිබීම වැදගත් විය හැකි බැවින් ඒවා මොනවාදැයි විමසා බලමු...

======================================

පරිච්ඡේද - 18 සහ 19 = රු 240/= ක් පමනයි.

පරිච්ඡේද 18, 19 ම රු. 240.00 කට ලබාගන්න

20 : අභිජනනය (බෝකිරීම) පැටවුන් බිහිකරන විශේෂ.

විසිතුරු මසුන් බෝකිරීම දක්වා වූ සියලු කරුණුද‚ මූලික සිද්ධාන්ත‚ අභිජන ක්රම ආදියද පෙර පාඩම්වලදී සාකච්ඡා කර අවසන්ව ඇති බැවින් අපට දැන් ඒ එක්‚ එක් මසුන් බෝකරන ආකාරයන් පිළිබඳ කෙලින්ම අවධානය යොමු කිරීමේ හැකියාව ලැබී ඇත.

ඒ නිසා පලමුව පැටවුන් දමන මසුන්ගෙන් බෝකිරීමේ විස්තර ආරම්භ කරමි. පැටවුන් දමන මත්ස්ය වර්ගද ගණනාවක් සිටින නිසා පළමුව එම වර්ග හඳුනා ගනිමු.

පැටවුන් දමන මත්ස්යය වර්ග.

------------------------

A - ප්ලේටි වර්ග (Platy Varietyes)

B - ස්වෝඩ්ටේල් වර්ග (Swordtail Varietyes)

C - මොලී වර්ග (Molli Varietyes)

D - ගප්පි වර්ග (Guppy Varietyes)

E - මොස්කිටෝ (Mosquito Fish)

F - ලීමියා (Limia)

G - වන් සයිඩඩ් (One - Sided)

H - ෆෝ අයිස් (Four - Eyes)

I - ගුඩීඩ් (Goodeid)

J - හාෆ්බීක් (Halfbeak)

මෙහිදී පැටවුන් බිහි කරන මත්ස්යය විශේෂ...

=================================================

පරිච්ඡේද - 20‚ 21‚ 22‚ 23‚ සහ 24 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 20, 21, 22, 23, 24 ම රු. 340.00 කට ලබාගන්න

21 : ප්ලේටි මසුන් අභිජනනය. Platy fish breeding

ඉහත විස්තර කළ පැටවුන් දමන මසුන් අතරින් පළමුව ප්ලේටි මසුන් බෝකරන ආකාරය විග්රහ කරමි. එයිනුදු පළමුව ප්ලේටි මත්ස්ය වර්ග හඳුනා ගෙන සිටිමු.

ප්ලේටි වර්ග (Platy Varietyes) කිහිපයක්

------------------------------------------

1 රෙඩ් ප්ලේටි (Red Platy)

2 වැග්ටේල් ප්ලේටි (Wagtail Platy)

3 බ්ලැක් ප්ලේටි (Black Platy)

4 ග්රීන් ප්ලේටි (Green Platy)

5 ස්පොටඩ් ප්ලේටි (Spotted Platy)

6 මිකී මවුස් ප්ලේටි (Micky Mouse Platy)

7 සන්සෙට් ප්ලේටි (Sunset Platy)

8 ටක්ෂිඩෝ ප්ලේටි (Tuxedo Platy)

9 වේරියෑටි ප්ලේටි (Variatus Platy)

10 හයිෆින් ප්ලේටි (Hifin Platy)

11 පෙපර් අැන්ඩ් සෝල්ට් ප්ලේටි (Pepper and Salt Platy)

12 බ්ලීඩින් හාට් ප්ලේටි (Bleeding Heart Platy)

13 ගෝල්ඩ් ප්ලේටි (Gold Platy)

තටාකවලට මව් සතුන් අාදේශ කිරීම:- ...

===================================================

පරිච්ඡේද - 20‚21‚22‚23 සහ 24 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 20, 21, 22, 23, 24 ම රු. 340.00 කට ලබාගන්න

22 : ස්වෝඩ්ටේල් මසුන් අභිජනනය. (Swordtail fish breeding)

ස්වෝඩ්ටේල් වර්ග (Swordtail Varieties) කිහිපයක්

---------------------------------------------------

1 රෙඩ් ස්වෝඩ්ටේල් (Red Swordtail)

2 බර්ලින් ස්වෝඩ්ටේල් (Berlin Swordtail)

3 වැග්ටේල් ස්වෝඩ්ටේල් (Wagtail Swordtail)

4 ටක්ෂිඩෝ ස්වෝඩ්ටේල් (Tuxedo Swordtail)

5 වෙරිගේටඩ් ස්වෝඩ්ටේල් (Variegated Swordtail)

6 හයිෆින් ස්වෝඩ්ටේල් (Hifin Swordtail)

7 හයිෆින් ලයටේල් ස්වෝඩ්ටේල් (Hifin Lyretail Swordtail)

8 ෆයබෝල් ස්වෝඩ්ටේල් (Piebald Swordtail)

9 සන්සෙට් ස්වෝඩ්ටේල් (Sunset Swordtail)

10 ග්රීන් ස්වෝඩ්ටේල් (Green Swordtail) වන අාශ්රිත ස්වභාවික ජල පරිසරයන්හි වාසය කරනා (අාරම්භක/මුල්) විශේෂයකි.

ඉහත නම් සඳහන් ස්වෝඩ්ටේල් වර්ග සියල්ලන්ද...

===================================================

පරිච්ඡේද - 20‚21‚22‚23 සහ 24 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 20, 21, 22, 23, 24 ම රු. 340.00 කට ලබාගන්න

23 : මොලී මසුන් අභිජනනය. (Molly fish breeding)

මොලී වර්ග (Molly Varieties) කිහිපයක්

------------------------------------------------

1 බ්ලැක් මොලී (Black Molly)

2 බ්ලැක් ලයටේල් මොලී (Black Lyretail Molly)

3 ලෙපඩ් මොලී (Lepord Molly)

4 වැලිෆරා මොලී (Valifera Molly)

5 වයිට් මොලී (White Molly)

6 සිල්ව මොලී (Silver Molly)

7 මාබල් මොලී (Marble Molly)

8 පෙපර් අැන්ඩ් සෝල්ට් මොලී (Papper and Salt Molly)

9 බැලුන් මොලී (Ballon Molly)

මොලී විශේෂද පැටවුන්...

===================================================

පරිච්ඡේද - 20‚21‚22‚23 සහ 24 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 20, 21, 22, 23, 24 ම රු. 340.00 කට ලබාගන්න

24 : ගප්පි මසුන් අභිජනනය. (Guppy fish breeding)

ගප්පි වර්ග (Guppy Varieties) කිහිපයක්

-------------------------------

1 රෙඩ් ගප්පි (Red Guppy)

2 බ්ලැක් ගප්පි (Black Guppy)

3 කෝබ්රා ගප්පි (Cobra Guppy)

4 නියොන් ගප්පි (Neon Guppy)

5 බ්ලූ ගප්පි (Blue Guppy)

6 වෙරිගේටඩ් ස්නේක්ස්කින් ගප්පි (Varigated Snakeskin Guppy)

7 පර්පල් ගප්පි (Purple Guppy)

8 කොමන් ගප්පි (Common Guppy)

9 රෙඩ් බ්ලොන්ඩ් ගප්පි (Red Blonde Guppy)

10 මිකාරිෆ් ගප්පි (Micarif Guppy) ඉතාමත් මෑත කාලයේදී ශ්රීලංකාවෙන් පලමුව ලෝකයට හඳුන්වා දුන් වර්ගයකි.

ගප්පි කියූ පමනින් ඔබ කවුරුත් ඉතා හොඳින් දන්නා මුත් මෙම ගප්පි මත්ස්යයාගේ දියුණුව කෙතරම්ද‚ ඒ වගේම මෙම මසුන් සඳහා අැති අපනයන ඉල්ලුම කෙතරම් විශාල වූවක්ද යන්න නම් සමහර විට ඔබ තවම නොදන්නවා විය හැක.

නමුත් අපනයනය සඳහා ගප්පි මසුන් සැපයීමේදී ප්රතිශතාත්මක වශයෙන් ගත් කල ගප්පි මසුන්ගෙන් සියයට 15% ක පමන ප්රතිශතයක් පමනක් අවසාන තෝරා ගැනීමේදී වෙන් වන නිසා අාධුනික සුළු පරිමාන වගා කරුවෙකු හට අාරම්භයේදී ගප්පි මසුන් වගා කිරීමට තෝරා ගැනීම මෙම උපදේශක වරයා අනුමත නොකරයි.

මන්ද යත් ගප්පි මසුන් අපනයනය සඳහා බහුල වශයෙන් ගැනෙනුයේ සහ වැඩි මිලක් ලැබෙනුයේ පුරුෂ මත්ස්යයින් හට පමනි. එම නිසා ගප්පි ස්ත්රී මත්ස්යයෙකු පැටවුන් 100 ක් දැමුවහොත් එයින් බොහෝ විට ස්ත්රී පැටවුන් 50 ක් සහ පුරුෂ පැටවුන් 50 ලෙස ගනනය වේ. අපනයනය සඳහා උචිත වයස වන දින 45 ත් 60 ත් අතර කාල පරාසය තුලදී මෙම පුරුෂ පැටවුන් 50 න් 15 ක් පමන අපනයන ලක්ෂන ඝනයට තේරී ඉතිරි 35 දේශීය වෙළඳ පලට අඩු මිලට විකුණා දැමීම බාෙහෝ වගා කරුවන්ගේ සිරිතයි. ගැහැනු මසුන් ඊටත් වඩා අඩු මිලට දේශීය සහ විදේශීය වෙළඳ පලට නිකුත් කෙරේ.

එසේනම් තවත් ඉතාම සුලභ ලෙස පැටවුන් දමන විශේෂයක් වන ගප්පි මසුන් අභිජනනය කරනා අාකාරය දැන් අප නිවැරදිව උගනිමු.

පැටවුන් දමන විශේෂයක් නිසා...

===================================================

පරිච්ඡේද - 20‚21‚22‚23 සහ 24 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 20, 21, 22, 23, 24 ම රු. 340.00 කට ලබාගන්න

25 : අභිජනනය (බෝකිරීම) බිත්තර දමන මත්ස්යය විශේෂ.

මීළඟට අප විසිතුරු මත්ස්ය කර්මාන්තයේදී දේශීය සහ විදේශීය වශයෙන් වඩාත් ජනප්රිය මෙන්ම සුලභ ලෙස දැක ගැනීමට ඇත්තා වූද‚ යහපත් ඉල්ලුමක් පවතින්නා වූද‚ බිත්තර දමන විශේෂයන් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු.

ප්රිථමයෙන් බිත්තර දමන මත්ස්යය විශේෂ කිහිපයක් හඳුනාගෙන සිටිමු.

A ගෝල්ඩ්ෆිෂ් (Gold fish)

B කාප් (Carp)

C කොමට් (Comet)

D ෂූ බන්කි (Shu Bunkin)

E ඩෑනියෝ (Danio)

F බාබ් (Barb)

-------------------------------------------

G ටෙට්රා (Tetra) - චැරසින් (Charasin)

H සිල්වර් ඩොලර් (Silver Dollar) - චැරසින් (Charasin)

-------------------------------------------

I ගුරාමි (Gourami) - බබල් නෙස්ට් බ්රීඩර්ස් (Bubble Nest Breeders)

J ෆයිටර් (Fighter) - බබල් නෙස්ට් බ්රීඩර්ස් (Bubble Nest Breeders)

K පැරඩයිස් (Paradise) - බබල් නෙස්ට් බ්රීඩර්ස් (Bubble Nest Breeders)

--------------------------------------------

L ඒන්ජල් (Angel) - සික්ලිඩ් (Cichlid)

M ඩිස්කස් (Discus) - සික්ලිඩ් (Cichlid)

N රාමරේසි (Ramirez) - සික්ලිඩ් (Cichlid)

O ක්රිබෙන්සි (Kribensis) - සික්ලිඩ් (Cichlid)

P සෙවරුම් (Seyerum) - සික්ලිඩ් (Cichlid)

Q ඔස්කා (Oscar) - සික්ලිඩ් (Cichlid)

R ෆයර් මවුත් (Fire Mouth) - සික්ලිඩ් (Cichlid)

S බ්ලූ අකාරා (Blue Acara) - සික්ලිඩ් (Cichlid)

T ජුවෙල් (Jewel) - සික්ලිඩ් (Cichlid)

U ජැක්ඩෙම්සි (Jagdemsi) - සික්ලිඩ් (Cichlid)

V සීබ්රා සික්ලිඩ් (Zebra Cichlid) - සික්ලිඩ් (Cichlid)

W මලාවි (Malawi) - සික්ලිඩ් (Cichlid)

--------------------------------------------

X අවුරාටස් (Auratus) - මලාවි (Malawi)

Y පවුඩර් බ්ලූ (Powder Blue) - මලාවි (Malawi)

Z ලම්බඩෝල් (Lumbedall) - මලාවි (Malawi)

============================================

ඉහත A සිට K දක්වා වූ සියළුම විසිතුරු මත්ස්යය විශේෂයන් අතර කොතෙක් වර්ග සිටියත් ඒ සෑම වර්ගයක්ම හැඳින්වීමේදී වර්ග නාමය අගට සෑම විටම විශේෂ නාමයද එකතු වන නිසා කිසිවෙකුටත් ඒ පිළිබඳ ප්රශ්නයක් අැති නොවේ.

උදාහරන:-

ඔරන්ඩා ගෝල්ඩ්ෆිෂ්..........කැලිකෝ ගෝල්ඩ්ෆිෂ්

ඩෝෆ් ගුරාමි..........කිසින් ගුරාමි

ටයිගර් බාබ්..........රෝසි බාබ්

සර්පි ටෙට්රා..........බ්ලැක් විඩෝ ටෙට්රා

නමුත් විශේෂයෙන් "ටෙට්රා" සහ "බාබ්" වැනි විශේෂයන් ඒ‚ ඒ වර්ග අතර "මුහුන් අභිජනනයේදී" සංකීර්න වූ ප්රශ්න සහ ගැටඵ පවතින බව කිව යුතුය.

එම තත්ත්වයද උදාහරන මගින් පෙන්වන්නේ නම්...

===================================================

පරිච්ඡේද - 25‚26‚27‚28 සහ 29 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 25, 26, 27, 28, 29 ම රු. 340.00 කට ලබාගන්න

26 : ගෝල්ඩ්ෆිෂ් මසුන් අභිජනනය. (Gold fish breeding)

කාප් මසුන් තුළින් බිහිවූ දෙමුහුන් ඵලයක් ලෙස ප්රචලිත ගෝල්ඩ්ෆිෂ් මසුන් වර්ග විශාල ප්රමාණයක් ඇත. නමුත් අප රට තුළ මෙයින් බහුලව ඇත්තේ සීමිත වර්ගයන් කිහිපයක් වන අතර‚ තව සමහර උසස් වර්ග අදටත් අප රටට පිටරටවලින් ආනයනය කරනු (ගෙන්වනු) ලබන අතර මිල ඉතා අධිකය. කෙසේ වෙතත් ඉතා උසස් තත්වයේ ගෝල්ඩ්ෆිෂ් මසුන් නිශ්පාදනය සහ අපනයනය අතින් අප සිටින්නේ ඉතාමත් පහත් අඩියකය. එනිසා උසස් තත්වයේ ගෝල්ඩ්ෆිෂ් මසුන් අභිජනනය මගින් ව්යාප්ත කර දේශීය වෙළඳ පොළ තුළද ගෝල්ඩ්ෆිෂ් මසුන් සඳහා අප්රමාණ වූ ඉල්ලුමක් ඇති බැවින් සහන මිලකට ලබාදිය හැකි නම් ඉතා අගනේය.

--------------------------------------------------------

ප්රථමයෙන් ගෝල්ඩ්ෆිෂ් වර්ග කිහිපයක නම් ලැයිස්තුවක් පහත දක්වමි.

(1) රෙඩ් කැප් ගෝල්ඩ්ෆිෂ් (Red Cap Goldfish)

(11) ඔරන්ඩා ගෝල්ඩ්ෆිෂ් (Oranda Goldfish)

(111) පර්ල්ස්කේල් ගෝල්ඩ්ෆිෂ් (PearlScale Goldfish)

(1V) ලයන් හෙඩ් ගෝල්ඩ්ෆිෂ් (Lion Head Goldfish)

(V) කැලිකෝ ගෝල්ඩ්ෆිෂ් (Calico Goldfish)

(V1) බබල් අයි ගෝල්ඩ්ෆිෂ් (Bubble Eye Goldfish)

(V11) බ්ලැක් මෝ ගෝල්ඩ්ෆිෂ් (Black Moor Goldfish)

(V11) කොමන් ගෝල්ඩ්ෆිෂ් (Common Goldfish)

--------------------------------------------------------

ගෝල්ඩ්ෆිෂ් මසුන් අභිජනනයෙහි යෙදවීම...

===================================================

පරිච්ඡේද - 25‚26‚27‚28 සහ 29 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 25, 26, 27, 28, 29 ම රු. 340.00 කට ලබාගන්න

27 : කාප් මසුන් අභිජනනය. (Carp fish breeding)

විවිධ වූ මුහුන් අභිජනනයන්හිදී ඉතාමත් සංකීර්ණ ලෙස කාප් මසුන්ගේ වර්ණ සංකලනය වී ඇති බැවින් ව්යවහාරය පහසු වනු සඳහා අප විසින් සාදා ගන්නා ලද නම් වලින් හඳුන්වන්නට පුරුදු වී ඇති නමුත් විශේෂිත වූ කාප් මසුන් සඳහා විශේෂිත වූ නම් මීට අමතරව පවතින බව සලකන්න.

*****************************************************

උදාහරන ලෙස මෙම ග්රන්ථයේ කර්තෘවරයා විසින් බිහි කරවනු ලැබූ [(ශ්රීකාප් - රාජාධිරාජ) Sri Carp - Rajadiraja (Emperor)] දැක්විය හැක.

මෙවැනි වූ සුවිශේෂී ලක්ෂන සහිත කාප් මසුන් ජාත්යන්තර විසිතුරු මත්ස්යය ප්රදර්ශනයන්හිදී ඩොලර් ලක්ෂ ගනන්වලට වෙන්දේසි වන අවස්ථා බහුලය. මේ සඳහා ජපානය ප්රසිද්ධියක් උසුලයි.

මෙම කාප් මසුන් (කොයි/Coi) යනුවෙන් ලොව පුරා ප්රචලිතය.

ශ්රීලාංකික තම මව් රටට විසිතුරු මසුන් වෙනුවෙන් කීර්තියක් අැති කරවීම සඳහා මෙම ග්රන්තයේ සහ වෙබ් අඩවියේ උපදේශකවරයා විසින් උසස් අභිජනන ක්රම භාවිතයෙන් බිහි කරවූ මෙම නවක කාප් කලාවට [ශ්රීකාප්] "ලංකා" යනුවෙන් පෙලපතක් නම් කරන්නට යෙදුනි.

ඒ පෙලපතට අනුව ඉන් මතු ශ්රීලංකාවේ කිනම් හෝ අභිජනන කරුවකු විසින් බිහි කරවනු ලබනා විශේෂ ලක්ෂන සහිත ඕනෑම කාප් මත්ස්යයෙකු හට [ශ්රීකාප්] නාමය මූලික කොට තමන් හට අනන්යය වූ වෙනත් ඕනෑම විශේෂ නාමයක් දමා ගෙන අලෙවි හෝ වෙන්දේසි කිරීමේ ක්රමවේදයක් අප රටින්ද අාරම්භ කිරීමට සැමට යෝජනා කරමින් [ශ්රීකාප්] නාමය අද මෙතැන් පටන් සමස්ත ශ්රීලාංකීය විසිතුරු මත්ස්යය ප්රජාව වෙත මුදා හරිමින් ජනසතු කරමි.

මීට උදාහරන ලෙස මෙම උපදේශක වරයා විසින් ඉහත ලෙස බිහි කල විශේෂිත [ශ්රීකාප්] මසුන් සඳහා [ශ්රීකාප් "රාජාධිරාජ"] [ශ්රීකාප් "රන්ගිරි"] [ශ්රකාප් "සුමී"] යන අාදී වශයෙන් නම් කරන්නට යෙදුනි.

ඒ අනුව ඉහත විස්තර කල මෙම උපදේශකවරයාගේ [ශ්රීකාප් "රාජාධිරාජ"] ජාත්යන්තර වෙන්දේසියේ ඩොලර් ලක්ෂ තුනකට ලන්සු දමා සිටියදී අනපේක්ෂිතව තම නිවස සහ ගොවිපලට පැමිනි වැසිපිටාරයක් නිසා මෙම වටිනා මත්ස්යයා ඔහුට අහිමි විනි.

වර්ෂ 2005 එදා යුගයේ ඩොලරයේ වටිනාකම අනුව "රාජාධිරාජ" රුපියල් කෝටි තුනක පමන වටිනාකමකින් සමන්විත විය.

මෙතරම් අධික මිල ගනන්වලට විසිතුරු මසුන් විකුණන්නට පුළුවන්දැයි යන ප්රශ්නයක් අාධුනික සුරතල් මත්ස්යය ලෝලීන් හට අැති වුවහොත් එය පුදුමයක් නොවනු අැත.

නමුත් ඒ සාධාරන පුදුමයට හේතුවත් සුළු වශයෙන් විග්රහයක් කරන්නේනම් විසිතුරු වූ සුරතල් මත්ස්යය ක්ෂේත්රය යනු ජාති/අාගම්‚ කුල/මල‚ අැති/නැති‚ උස/මිටි‚ සුදු/කළු‚ දුප්පත්/පොහොසත්‚ ගැහැනු/පිරිමි‚ බාල/තරුණ/මහළු‚ යනාදී සියළුම භේදයන්ගෙන් තොරව මුළු ලොවම එකසේ වෙලාගත්/වැලඳගත් සුවිශේෂී විනෝදාංශයකි. [World Famous Hobby (වර්ල්ඩ් ෆේමස් හොබී)]

ලෝක ධන කුවේරයින් මෙම විනෝදාංශය වෙනුවෙන් ඕනෑ තරම් මුදල් වියදම් කරයි. ඔවුන්ට අවශ්යය කරන්නේ මාන්නයයි. ලෝකයේ කිසිවෙකු සන්තකයෙහි නොමැති දේවල් තමන් සන්තකයෙහි අැතැයි පෙන්වීමට ඔවුන් මහත් කැමැත්තක් දක්වයි. එම නිසා මෙම විනෝදාංශයට ප්රියතාවයක් දක්වන විනෝදකාමීන් මෙවන් වූ සුවිශේෂී මසුන් සොයමින් ලොව පුරා පියාසර කරයි. කිසිදු පැකිලීමකින් තාෙරව ගුවන් ගාස්තු වියදම් කරමින් ඉහත කී ප්රදර්ශන සහ වෙන්දේසි වලට ගොස් හිස් අතින් හෝ අාපසු එයි. ඒවා ඔවුන්ට වගේ වගක් නැත.

එංගලන්තයේ රජ මාලිගාවට‚ අැමරිකාවේ ජනාධිපති නිල නිවස වයිට් හවුස් එකට‚ මයිකල් ජැක්සන් වැනි ධන කුවේරයින් මෙම කථාව පිලිබඳ සාක්ෂි ලෙස දැක්විය හැක.

ඉතින් මුලු ලාෙවම වෙලා ගත් මෙතරම් වටිනා විනෝදාංශයක් වෙනුවෙන් අවශ්යය කරනා සුරතල් මසුන් වෙනුවෙන් පවතිනා ඉල්ලුමෙන් සියයට 6% ය 7% කවත් සැපයුමක් කරන්නට අප රටට නොහැකිව අැත්තේ අැත්තෙන්ම රටේත්‚ ජනතාවගේත් අවාසනාවකටය.‍

නමුත් අප රටේ පවතිනා හනමිටි ජාතික ප්රතිපත්ති යාවත්කාලීන කලහොත් මේ රට ගොඩ ගැනුමට වසර දෙක/තුනකට වඩා ගත නොවනු අැත.

සියලු ස්වාභාවික සම්පත් අනූන අප රට තුල ඕනෑම වර්ගයක‚ ඕනෑම ප්රමානයක විසිතුරු මත්ස්යයෙකු නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වැය වන්නේ ශත ගනනක් නැතහොත් සුළු රුපියල් ගනනක් පමනි. නමුත් එසේ නිෂ්පාදනය කරනා මත්ස්යයා මිල කිරීමේදී එයට සීමාවක් නැත.

උදාහරනයක් ලෙස මෙම උපදේශකවරයා විසින් බිහි කල කෝටි 3 ක් වටිනා [(ශ්රී කාප්) "රාජාධිරාජ"] උපතේ සිට වසරක පමන කාලයක් ලොකු මහත් කිරීම වෙනුවෙන් රුපියල් 1000/- ක්වත් වියදම් නොවුනු බව මතකය.

මෙම මත්ස්යයා වෙන්දේසි කිරීම පිනිස [(ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ) Export Development Board - (EDB)] පූර්න අනුග්රහය යටතේ නොමිලේ [www.sricarplanka.com] නමින් වෙබ් අඩවියක් පිලියෙල කර දෙන්නටද යෙදුනි. ඒ මා හට අැති අාදරයක්වත්‚ කරුණාවක්වත් නිසා නොව. එම මත්ස්යයා වෙන්දේසි උවහොත් රට තුලට නිකම්ම ගලාඑන විදේශ විනිමය කන්දරාවට අැති අාදරය නිසාය.

මෙම විශේෂ [ශ්රීකාප් "රාජාධිරාජ"] ගේ තොරතුරු දැන ගත් ජාත්යන්තර මාධ්යය සිංගප්පූරුවේ (අැක්වාරාමා/AQUARAMA) නමින් වාර්ෂිකව පැවැත්වෙන ජාත්යන්තර විසිතුරු මත්ස්යය ප්රදර්ශන වර්ශ 2005 සඟරාවේ 52 වැනි පිටුවේ මේ පිලිබඳ ප්රචාරයක්ද සිදු කරන ලදී. [එකී විස්තර මෙම වෙබ් අඩවියේ (අැල්බම්/Album) වල දැක්වේ)]

එසේනම් අපි දැන් සියල්ල පැත්තක දමා දුවලා ගිහිල්ලා කාප් බෝකරමු. මෙන්න මේ වගේ බාල විදියටම හිතන්න පුරුදු නොවී නිතරම නව මං‚ වෙනත් වෙළඳ පල හිඩැස් සොයා බලා ව්යාපාරයකට යොමු වීම පරමාදර්ශී වූ ව්යවසායකත්වයයි.

විවිධ පැතිකඩ මානයන් ඔස්සේ ගවේෂනශීලී සවිස්තර ඔබ සැම හා පැවසීමෙන් මෙම උපදේශක වරයා අපේක්ෂා කරනුයේ මේ සියළු තොරතුරු පාදක කර ගනිමින් විසිතුරු මත්ස්යය කලාවේ සූරවීර වූ ප්රති නිර්මානශීලී නවක මතු පරපුරක් අප රට තුලින් බිහිවනු දැක්ම උදෙසාය.

ඒ සිහිනය යථාර්තයක් වනු දැකීම මියෑදෙන්නට පෙර මහළු මගේ නෙත්/සිත් පිං ලබත්වා...

--------------------------------------------------------

පොදු ව්යාවහාරය (ෆැන්සි කාප් - Fancy Carp)

ව්යවහාරික වර්ග.

**********************************

(*1*) ශ්රී කාප් (Sri Carp)

**********************************

(2) කොයි කාප් (Coi Carp)

(3) කොමන් කාප් (Common Carp)

(4) ෂයින් කාප් (Shine Carp)

(5) මිරර් කාප් (Mirror Carp)

(6) ගෝල්ඩන් කාප් (Golden Carp)

(7) බතික් කාප් (Batik Carp)

(8) වේල්ටේල් කාප් (Wailtail Carp)

(9) කාප් මසුන්ගේ මුල් පෙලපතට අයත් වන [Grass Carp (තණකොල කාපයා)] "ගොඩුවා" නමින් අප රටේ අාහාරයට මසුන් අලෙවි කරනා වෙළඳ පොලේ (මාළු කඩේ/මාළු මාකට් එකේ) කිලෝවක් රු. 200/- ට 300/- ට විකිණීමට තිබෙනු අදටත් දක්නට අැත.

--------------------------------------------------------

කාප් මසුන් අභිජනනයෙහි යෙදවීම...

===================================================

පරිච්ඡේද - 25‚ 26‚ 27‚ 28‚ සහ 29 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 25, 26, 27, 28, 29 ම රු. 340.00 කට ලබාගන්න

28 : කොමට් මසුන් අභිජනනය. (Comet fish breeding)

වර්ග වශයෙන් වෙන් කිරීමක් මොවුන් තුළ එතරම් දක්නට නොමැත. වර්න පිහිටීම් තුළ යම්‚ යම් වෙනස්කම් දක්නට ඇති මසුන් සිටියද පොදුවේ මේ සැමටම ["කොමට්" (Comet)] යනුවෙන් හැඳින්වීම සිදුවේ.

මෙම විශේෂයද කාප් මසුන්ගේ පෙනුමට බොහෝ සෙයින් සමාන නමුත් අඟල් 6"-7" කට වඩා විශාල නොවන්නේය. "කොමට්" මසුන්ට වඩා විශාල නොවූ සිහින් දිගටි ස්වභාවයක් සහ වරල් වල දික් වූ ස්වභාවයක් ඇත. මෙම මසුන් අභිජනනය කිරීමේදී....

--------------------------------------------------------

"කොමට්" මසුන් අභිජනනයෙහි යෙදවීම...

===================================================

පරිච්ඡේද - 25‚ 26‚ 27‚ 28‚ සහ 29 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 25, 26, 27, 28, 29 ම රු. 340.00 කට ලබාගන්න

29 : ෂු - බන්කින් මසුන් අභිජනනය. (Shubunkin fish breeding)

එක්තරා ප්රමාණයකට "ගෝල්ඩ්ෆිෂ්" මසුන්ගේ ශරීර ස්වභාවයට කිට්ටු කම් පවත්වන නමුත් මඳක් දිගටි පසු පස වරලස "ගෝල්ඩ්ෆිෂ්" මසුන්ගේ මෙන් ත්රිකෝණාකාර බෙදීමක් දක්නට නැති තනි වරලක් ලෙස පිහිටා ඇත. මිශ්ර බතික් වර්ණයන්ගෙන් යුක්ත මොවුන් සැමට පොදුවේ ["ෂු-බන්කින්" (Shubunkin)] යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙම විශේෂය කාප් මසුන්ගේ පෙනුමටත් බොහෝ සෙයින් සමාන වුවද වෙනසකට ඇත්තේ උන්ගේ ශරීරය අඟල් 4"-5" කට වඩා විශාල නොවීමය. එම නිසා මෙම මසුන් අභිජනනය කිරීමේදී...

--------------------------------------------------------

ෂු - බන්කින් මසුන් අභිජනනයෙහි යෙදවීම...

===================================================

පරිච්ඡේද - 25‚ 26‚ 27‚ 28‚ සහ 29 = රු 340/= ක් පමනයි.

පරිච්ඡේද 25, 26, 27, 28, 29 ම රු. 340.00 කට ලබාගන්න

30 : ඒන්ජල් මසුන් අභිජනනය. (Angel fish breeding)

ප්රකට අපනයන ඉල්ලුමක් ඇති බිත්තර දමන විශේෂයක් වන මෙම "ඒන්ජල්" මසුන්ට උඩු අතට විහිදුණු පෙති හැඩති ශරීර පිහිටීමක් ඇත්තේය. ජලයෙහි මැද කොටසෙහි ජීවත් වීමට වැඩි ප්රියතාවයක් ඇත්තා වූද‚ ජලයේ මැද කොටසේම අභිජනනය වන්නා වූද‚ අද කාලයේ සමහර දඟකාර කොල්ලෝ/කෙල්ලෝ වගේ මෙයාලත් මේ කාලේ කොකම් කර sms ගසා email යවා(විහිළුවට) ප්රේම කර මිතුරු වී අභිජනනය වන්නා වූද‚ විශේෂයක් වන මෙම මසුන්ගේ වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා බොහෝ අභිජනන කරුවන් කෘතිම ක්රම ආදේශ කරගෙන ඇත්තේය.

එම නිසා ඉතා හොඳින් නඩත්තු කල "ඒන්ජල්" මසුන් දින 7 කට වරක් වුවද‚ බිත්තර දැමීමේ හැකියාව ඇත. නමුත් ඔවුන් එසේ කරනුයේ පලමු වර දැමූ බිත්තර වලින් පැමිණි පැටවුන් එම තටාකයෙහි නොසිටියහොත් පමණි. ඒ නිසා අප මෙම කෘතිම ක්රම උපයෝගී කර ගනිමින් "ඒන්ජල්" මසුන් අභිජනනය කර වැඩි ඵලදායකත්වයක් ලබා ගන්නේ කෙසේද යන්න විග්රහ කර බැලීමට පෙර ["ඒන්ජල්" (Angel)] වර්ග කිහිපයක් හඳුනාගෙන සිටිමු. ඒ වගේම "ඒන්ජල්" මසුන් "සික්ලිඩ්" ගණයට අයත් වුවද ඉතාමත් ජනප්රිය විශේෂයක් බවද මතක් කළ යුතුය.

මාස 3ක් 4ක් පමන වයස ගත වන විට "ඒන්ජල්" මසුන් පරිනත භාවයට පත් වන අතර එම වකවානුව තුල අභිජනනය සඳහා තෝරා ගැනීම උචිතය. සාමාන්යයෙන් වයසට සාපේක්ෂව "ඒන්ජල්" ගැහැනු සත්ත්වයෙකුට එක් අවස්ථාවකදී බිත්තර 400/700/1200 පමන තම ගැබ තුලින් මුදා හැරීමේ හැකියාව පවතී.

එසේ බිජුලන "ඒන්ජල්" බිත්තර තුලින් පැමිනෙන පැටවුන් සති 3 කදී එකෙකු රු. 5/= බැගින් පමන තොග මිලට දස දහස් ගනනින් අලෙවි කිරීමේ හැකියාව දේශීය වෙළඳ පල තුල පවතී.

ඉතා සුළු ඉඩ කඩක් තුල නිසි කළමණාකරනයකින් යුතුව "ඒන්ජල්" මත්ස්යය ජෝඩු 5 ක් 10 ක් අභිජනනයෙහි යෙදවිය හැකිනම් අප රටේ අවිධිමත් කාන්තා සංහතියට මැද පෙරදිග ගොස් තම මව් රට අවක්ඥාවට පත් කරවමින් බැල මෙහෙවරෙහි යෙදීම අවශ්යය නොවනු අැත.

අප අභිමානවත් ජාතියකි. අපට කල නොහැක්කක් නාෙමැත. නමුත් වහල් මෙහෙවරට කාන්තාවන් පිටරට පටවා විදේශ විනිමය වැඩි වැඩියෙන් (අංක 1 ට) අපේක්ෂා කරනා දේශපාලනික සංස්කෘතියක් අැති ලෝකයේ ප්රබුද්ධ ජාතිය අපදැයි මහා ගැටළුවකි.

------------------------------------------------

"ඒන්ජල්" මත්ස්යය වර්ග කීපයක්‚

(1) බ්ලැක් ඒන්ජල් - (Black Angel)

(2) මාබල් ඒන්ජල් - (Marble Angel)

(3) සීබ්රා ඒන්ජල් - (Zebra Angel)

(4) ලෙපර්ඩ් ඒන්ජල් - (Lepord Angel)

(5) ගෝස්ට් ඒන්ජල් - (Ghost Angel)

(6) ගෝල්ඩන් ඒන්ජල් - (Golden Angel)

(7) බ්ලෂීන් ඒන්ජල් - (Blushing Angel)

(8) සිල්වර් ඒන්ජල් - (Silver Angel)

--------------------------------------------------------

"ඒන්ජල්" මසුන් අභිජනනයෙහි යෙදවීම...

පරිච්ඡේද 30 ම රු. 240.00 කට ලබාගන්න

31 : ෆයිටර් මසුන් අභිජනනය. (Fighter fish breeding)

ෆයිටර් කියූ පමණින් සටන් කාමියකු යැයි ඔබ සිතුවද මෙම මත්ස්යයාගේ සටන් කාමීත්වය ඇත්තේ තමාගේ වර්ගයේම තවත් මත්ස්යයකු සමග පමණි. එයිනුදු පුරුෂ මසුන් දෙදෙනෙකු පමණක් එකට එකතු වුණු අවස්ථාවකදී දෙදෙනා අතර ද්වන්ධ සටනක් ඇති වනු විනා මෙම මසුන් වෙනත් කිසිදු මසකු සමග සටනකට පෙළඹෙන විශේෂයක් නොවන්නේය. නමුත් බොහෝ අය "ෆයිටර්" නම කියූ පමණින් "අපෝ ෆයිටර්ලා නම් එපා" යැයි මට බොහෝ දෙනකු පවසා ඇත.

ජීවනයේ පවතින ක්රියාකාරකම් ස්වභාවය නිසා "ෆයිටර්" (Fighter) යනුවෙන් ප්රචලිත වුවද මොවුන්ගේ ඉංග්රීසි නාමය (Beeta - බීටා) සහ (Siamese - සයමීස්) වන අතර විද්යාත්මක නාමය (Beeta Splendens - බීටා ස්ප්ලෙන්ඩන්ස්) වේ.

නමුත් මෙම ෆයිටර් මත්ස්යයා (විශේෂයෙන් පුරුෂ මත්ස්යයා) අනෙකුත් කුඩා මසුන් වන ගප්පි‚ ප්ලේටි‚ ස්වෝර්ඩ්ටේල්‚ බාබ්‚ වැනි මසුන්ගේ විවිධ ක්රියාකාරකම් නිසා මරණයට පත්වූ අවස්ථා මගේ අත්දැකීම් තුළ බහුලව ඇත. ඒ මන්ද යත් මෙම මත්ස්යයාගේ ඉතා දිගු වූද‚ වර්ණවත් වූද‚ වරල් සමූහය නිසා ඉහත දැක්වූ කුඩා මසුන් සිටින තටාකයකට යම් ලෙසකින් "ෆයිටර්" විශේෂයෙන් පුරුෂ මත්ස්යයකු දමනු ලැබුවහොත් ෆයිටර් මත්ස්යයාගේ සටන්කාමීත්වය කෙසේ වෙතත් ඌ අනිකුත් මසුන්ගේ ප්රහාර වලට ලක්වී මිය යනු ලබයි. මෙහිදී සිදුවනුයේ ගප්පි‚ ප්ලේටි‚ ස්වොර්ඩ්ටේල්‚ බාබ්‚ වැනි මසුන් "ෆයිටර් මත්ස්යයා" පසුපස හඹා යමින් උගේ දිගු වරල් වලට කොටමින් කඩා දමනු ලබයි. පැය කීපයක් මෙවැනි අඩන්තේට්ටම් වලට ලක්වන ෆයිටර් මත්ස්ය්යකු මිය යාමට වුවද ඉඩ ඇති නිසා ෆයිටර් මසුන් මිශ්ර ටැංකිවලට දැමීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ඒ වගේම ෆයිටර් පුරුෂ මසුන් පමනක් එකට එක්ව සිටින ලෙස නොදැමීමටද වග බලා යුතුය. නමුත් ෆයිටර් "ස්ත්රී" මසුන්ට මෙම බලපෑම ඇති නොවේ.

ෆයිටර් මසුන් වර්ග වශයෙන් වෙන් කිරීමක් කර නොමැති අතර වර්ණ සහ වරල් හැඩතල අනුව වර්ග කිරීමක් දක්නට ඇත.

රතු පාට‚ කොල පාට‚ නිල් පාට‚ සුදු පාට‚ දම් පාට‚ නියෝන් පාට‚ සහ විවිධ මිශ්ර (බතික්) වර්ණයන්ගෙන් යුත් ෆයිටර් මසුන් දැකගත හැක. ඒ වගේම ඕනෑම "පුරුෂ" සහ "ස්ත්රී" මසුන් දෙදෙනෙකු අභිජනනයේ යෙදවීමේදී විවිධ මිශ්ර වර්ණයන්ගෙන්ද‚ විවිධ වරල් හැඩ තලයන්ගෙන්ද‚ මිශ්ර අභිජනනය නොහොත් මුහුන් අභිජනනයෙහි යොදවා නව වර්ණ සහිත සහ නව ශරීර වරල් හැඩතල ඇති නවක මසුන් බිහි කරවීමද අභිජනන කරුවන් සුලභව අනුගමනය කරනු ලබනා ක්රමවේදයන් වේ.

මෙම ග්රන්ථය (www.aquariumconsultant.com) නමැති මෙම අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්රචලිත කරණා වර්තමානය වන විට මේ ආකාරයෙන් බිහි කරවනු ලැබූ ෆයිටර් පිරිමි මසුන් ඉතා විශාල මිල ගණන්වලට අලෙවි වනු දක්නට ඇත.

සියළුම මත්ස්ය වර්ගයන්ට අදාළ පොදු තොරතුරු රැසක් පෙර පාඩම් වල දිගු ලෙස විස්තර කර ඇති බැවින් ඒවායින් බැහැරව මෙම ෆයිටර් මසුන්ට ආවේණික තොරතුරු පමණක් මෙහි සඳහන් කරමි.

--------------------------------------------------------

වර්තමානය වන විට දේශීය විවෘත වෙළඳ පොලෙහි ෆයිටර් පිරිමි මත්ස්යයෙකු ප්රමිතිය සහ ශාරීරික වරල් හැඩතල අනුව රු.150/= සිට රු.1500/= ක් වැනි මිල ගනන් වලට සිල්ලරට අලෙවි වනු ලබයි.

සාමාන්යයෙන් ෆයිටර් ස්ත්රී මත්ස්යයෙකුට ලබා ඇති පරිනත භාවය අනුව එක් වරකට බිත්තර 300 සිට 700 ක් 1000 ක් පමන දක්වා මුදා හැරීමේ හැකියාව පවතී. මෙම මසුන් මාස 3 දී පමන පරිනත භාවයට පත් වන මුත් බිත්තර ප්රමානය පරිනතයේ කාල පරාසයන් හා අඩු/වැඩි වේ. කෙසේ වෙතත් ෆයිටර් ස්ත්රී මත්ස්යයෙකු තුලින් බිත්තර ලබා ගැනීමේදී එය වතාවත් 3 න 4 කට වඩා නොවිය යුතුය. ඒවායේ වැඩි විස්තර සමස්ත පාඩමෙහි දැක්වේ.

ෆයිටර් මසුන් අභිජනනයෙහි යෙදවීම...

පරිච්ඡේද 31 ම රු. 240.00 කට ලබාගන්න

32 : ගුරාමි මසුන් අභිජනනය. (Gourami fish breeding)

ගුරාමි නමැති මෙම මත්ස්යය විශේෂයද "ෆයිටර්" මසුන් මෙන්ම ජලය මතුපිට පෙන කැදැල්ලක් සාදා ජලයේ ඉහළ කොටසේ (ඉහළ ස්ථරයේ) අභිජනනය වුවද‚ ෆයිටර් මසුන් මෙන් කලහකාරී නොවන්නා සේම ඔවුන් අතර ද්වන්ධ සටන්ද නොමැත. නමුත් කලාතුරකින් පුරුෂ මසුන් අතර සුළු ආරවුල් දක්නට ලැබේ.

එසේ වුවද ගුරාමි පමණක් නොවන මිශ්ර තටාකවලදී සහ ඉඩකඩ බහුල තටාකයන්හිදී මෙම ප්රශ්නය තවදුරටත් අවමය.

බොහෝ මත්ස්යය විශේෂ කුමන හෝ සුවිශේෂිත්වයක් ඇති අතර ගුරාමි විශේෂයෙහි සුවිශේෂ ලක්ෂණය වනුයේ වර්ග අතර ඇති ශරීර ප්රමාණයන්හි පරතරයයි. මෙම විශේෂයෙහි "අඟුටුමිටි" අවස්ථාවේ සිට "යෝධ" අවස්ථාව දක්වා ශරීර ප්රමාණයන්ගෙන් විහිදී ඇත. එම නිසා පළමුව අප ගුරාමි වර්ග කිපයක් දැන හැඳින ගනිමු.

--------------------------------------

ගුරාමි වර්ග කිහිපයක්‚

1. ජයන්ට් ගුරාමි (Giant Gourami) යෝධ

2. පින්ක් ජයන්ට් ගුරාමි (Pink Giant Gourami) යෝධ රෝස

3. ලිට්ල් ජයන්ට් ගුරාමි (Little Giant Gourami) කුඩා යෝධ

4. කිසින් ගුරාමි (Kissing Gourami) හාදු / තොත්තු

5. මූන් ලයිට් ගුරාමි (Moon Light Gourami) හඳ එලිය

6. පර්ල් ගුරාමි (Pearl Gourami) මුතු

7. පිග්මි ගුරාමි (Pygmy Gourami) වාමන

8. හොනී ගුරාමි (Honey Gourami) පැනි

9. චොක්ලට් ගුරාමි (Chocolate Gourami) චොක්ලට්

10. වයිට් ගුරාමි (White Gourami) සුදු

11. බ්ලූ ගුරාමි (Blue Gourami) නිල්

12. ස්නේක් ස්කින් ගුරාමි (Snake Skin Gourami) නයි හම

13. තික්ලිප් ගුරාමි (Thick Lipped Gourami) ඝණ තොල්

14. ඩුවෝෆ් ගුරාමි (Dwarf Gourami) අඟුටු මිටි

---------------------------------------------

ගුරාමි මසුන් අභිජනනයෙහි යෙදවීම...

======================================

පරිච්ඡේද - 32 සහ 33 = රු 280/= ක් පමනයි.

පරිච්ඡේද 32, 33 ම රු. 280.00 කට ලබාගන්න

33 : පැරඩයිස් මසුන් අභිජනනය. Paradise fish breeding

ෆයිටර්‚ ගුරාමි විශේෂයේ මසුන් මෙන් පැරඩයිස් විශේෂයද පෙනමත බිත්තර දමා අභිජනනය වුවද (Bubble nest breeders) ඉහත විශේෂ දෙකට වඩා (ජීවන රටාව සහ ක්රියාකාරකම් තුල) අතරමැදි වෙනස් කම් පවතින නිසා මෙහිදීද කිසියම් විස්තරයක්‚ උපදේශනයක් ලබා දී තිබීම වැදගත් විය හැක.

එමෙන්ම අතිරේකය ලෙස හෝ විනෝදය සඳහා පැරඩයිස් මසුන් අභිජනනයෙහි යොදවන අයෙකුට හෝ එතරම් තටාක නොමැති සුළු පරිමාණ කරුවන් හට උපරිම ප්රයෝජන මෙමගින් ලබා ගත හැක.

---------------------------------------------------------

අභිජනන විදි හැදෑරීමට ප්රථම පැරඩයිස් මත්ස්යය වර්ග කිහිපයක් හඳුනා ගෙන සිටිමු.

1. බ්ලූ පැරඩයිස් (Blue Paradise)

2. බ්ලැක් පැරඩයිස් (Black Paradise)

3. ඇල්බිනෝ පැරඩයිස් (Albino Paradise)

---------------------------------------------------------

මීට අමතරව අප රටේ ස්වාභාවික පරිසරයන්හි ඇළ‚ දොළ ආශ්රිතව වෙසෙන පැරඩයිස් වර්ග දෙකක් ඇත. ඔවුන්ගේ නම් පහත දැක්වේ‚

1. ඕනේට් පැරඩයිස් - (Ornate Paradise) "මල්පුළුට්ටා" නමැති සිංහල නාමයෙන් හැඳින්වේ.

2. ස්පයික් ටේල්ඩ් පැරඩයිස් - (Spike tailed paradise) මෙම මත්ස්යයාගේ සිංහල නාමය "පුලුට්ටා" වෙයි.

ඉහත නම් දැක්වූ අප රට තුළ ස්වභාවික පරිසරයන්හි වෙසෙන පැරඩයිස් (Paradise) වර්ග දෙකින් "පුලුට්ටා" නැමැති සිංහල ව්යවහාරික නාමයෙන් දැක්වෙන වර්ගය කුඹුරු යාය සහ ඒ අවට ඇළවේලි ආශ්රිතව ගොහොරු සහිත වගුරු‚ වක්කඩ වලවල් වැනි ඕනෑම කටුක පරිසරය ඉතා හොඳින් වාසය කරනු ලබන අතර දිවයින පුරා විසිරී සුලබ ලෙස සිටිනු ලබයි.

නමුත් අප රටට අනන්යය වූ ජාතික සම්පතක් වන මෙම "මල්පුළුට්ටා" නමින් හැඳින්වෙන ආවේණික වර්ගය සෑම ප්රදේශයකම දක්නට නොමැති අතර ඉතා අලංකාර‚ අපනයන වශයෙන් ඉතා වටිනා‚ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනා ඉතා දුර්ලභ මත්ස්යය විශේෂයකි.

එම නිසා මේ වනවිට මෙම මත්ස්යය විශේෂය අපනයනය තහනම් කර අැත. නමුත් මෙවන් ජාතික සම්පත් වනගත අැලදොලවල් වලින් අල්ලා වෙනත් මසුන්ගේ නම් යොදා හොර රහසේ අපනයනය කරනා වන්චනිකයින්ද නැත්තේ නොවේ.

ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා මෙවන් වූ ලෙස අප රටට ආවේණික මසුන් බෝකළ හැකි නම් ජාත්යන්තර වශයෙන් කිසිදු තරඟයක් නොමැතිව ඉතා හොඳ අපනයන ආදායමක් මෙමඟින් ලබාගත හැක.

කිසියම් තරඟ කාරීත්වයක් ඇති මත්ස්යය වර්ග බෝකිරීමට වඩා දුර්ලභ මෙන්ම අපනයන වටිනාකමක් ඇති මසුන් බෝ කිරීමෙන් හෝ විශාලනය කිරීමෙන් වෘත්තීය මට්ටමින් විසිතුරු මත්ස්යය කර්මාන්තයේ නියැලී සිටින ව්යවසායකයින් හට මෙමගින් ආර්ථික ප්රතිලාභ දෙගුණ තෙගුණ කරගත හැකිවනු ඇත.

ඔබ සැමගේ වැඩිමනත් දැන ගැනීම පිණිස 1980/90 දශකයේදී මා විසින් [එක්සත් රාජධානිය (එංගලන්තය/UK)] වෙත අපනයනය කරනු ලැබූ විසිතුරු මසුන් අතර සිටි දේශීය වශයෙන් විසිතුරු ගණයට අයත් වූ මසුන් පිළිබඳ විග්රහයක් කරන්නේ ආධුනික ඔබ පුදුමයට පත් කරවමිනි.

අරවානා‚ ඩිස්කස්‚ ඒන්ජල්‚ නියොන් ටෙට්රා‚ වැනි වූ සුවහසක් ඇල දොල ගංගා ආදියෙහි වනගතව (උදාහරණ ලෙස ඇමසන් නදියේ‚ ගංගාවේ) සිටි මත්ස්යයින් දියුණු අභිජනන ක්රම මගින් උසස් කොට විසිතුරු මසුන් ලෙස මින් මැදුරු තුළ අභිෂේක ලැබුවද සැබැවින්ම වනගත උන්ගේ අාරම්භය නැතහොත් සෑබෑ නිජබිම වතාන්තරයයි.

ඒ ආකාරයෙන්ම අපගේ ඇලේ‚ දොලේ‚ වෙලේ‚ කුඹුරේ‚ සිටිනා මඩකරියන්ගේත්‚ තිත්තයන්ගේත්‚ නලා හඳයා‚ ඉරි දන්ඩියාගේත්‚ හුංගා‚ අංකුට්ටා‚ ගේත් මඩ සෝදා වීදුරු ටැංකියකට දැමූ කල පවතින ලක්ෂණ රජකමටත් සුදුසු ලෙස දැන් ඔබ පුදුමයෙන් දකීවි.

---------------------------------------------

පැරඩයිස් මසුන් අභිජනනයෙහි යෙදවීම...

======================================

පරිච්ඡේද - 32 සහ 33 = රු 280/= ක් පමනයි.

පරිච්ඡේද 32, 33 ම රු. 280.00 කට ලබාගන්න

34 : බාබ් මසුන් අභිජනනය. (Barb fish breeding)

පොදු වශයෙන් ගත් කල "බාබ්" යනුවෙන් ව්යවහාරය කළද විද්යාත්මක වශයෙන් ප්රභේද කිරීමේදී මෙම වර්ග අතර යම්‚ යම් වෙනස් කම් දක්නට ඇත. "බාබ්" විශේෂයට අයත් වන වර්ග ගණනාවක් ඇති අතර මින් සමහරකගේ "මුහුන් අභිජනන" අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු අධ්යයනය කර ක්රියා කිරීම සුදුසු වේ. නමුත් ප්රායෝගික අත්හදා බැලීම් තුළින්ද කාලානුරූපව උසස් ප්රතිඵල අත්කර නොගත හැකි නොවේ.

මෙහිදී පළමුව අප සරල වශයෙන් අභිජනන ක්රියා පිළිබඳ අධ්යයනය කර පසු කාලීනව දැනුමෙන් සහ අත්දැකීම් තුළින් මුහුකුරා යන විට ගැඹුරු සීමාවන් කරා යොමුවීම වඩා සුදුසුය. "බාබ්" වර්ග අභිජනනයේදී "අන්තර්" සහ "පෙළපත්" අභිජනනය බහුලව භාවිත කළ හැකි අතර "මුහුන් අභිජනනය" සුළු වශයෙන් උපයෝගී කරගත හැක.

එම නිසා "බාබ් මත්ස්යය" අභිජනනය පිළිබඳව තොරතුරු විග්රහ කිරීමට පෙර අප වෙළඳ පලේ බහුල වශයෙන් ඇත්තා වූද‚ දේශීය විදේශීය වශයෙන් සුලභ ඉල්ලුමක් පවතින්නා වූද වර්ග කීපයක් හඳුනාගෙන සිටිමු.

----------------------------------

බාබ් වර්ග

1. ටයිගර් බාබ් (Tiger barb)

2. ග්රීන් ටයිගර් බාබ් (Green Tiger Barb)

3. රෝසි බාබ් (Rosy Barb)

4. ගෝල්ඩන් බාබ් (Golden Barb)

5. ඇල්බිනෝ ටයිගර් බාබ් (Albino Tiger Barb)

අප රට තුළ ස්වභාවික ඇළ දොළ වලද දේශීය වශයෙන් ආවේණික "බාබ්" වර්ග ගණනාවක් සිටිනු ලබන අතර එයින් අපනයනය කරනු ලබන වර්ග ගණනාවක් ඇත. මෙයින් සමහර වර්ග සඳහා අපනයන සීමාවන් පනවා ඇති අතර තවත් සමහර වර්ග වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බැවින් අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මෙහිදී ඔබේ දැනගැනීම පිණිස අපනයන වටිනාකමක් ඇති දුර්ලභ "බාබ්" මත්ස්යය වර්ග කිහිපයකගේ නම් පහත සඳහන් කරනු ලබන අතර දේශීය මසුන් පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම කෘති පෙළෙහි ඉදිරි කොටස්වලදී දැක්වීමට බලාපොරොත්තු වෙමි.

---------------------------

සිංහල නාමය

1. බුලත් හපයා

2. පෝතයා (කහ සහ රතු)

3. දන්කුඩු පෙතියා

4. ලේ තිත්තයා

5. අශෝක පෙතියා

---------------------------

English Name (ඉංග්රීසි නාමය)

1. Black Ruby Barb

2. Cumingi Barb

3. Blotched Filament Barb

4. Cherry Barb

5. Asoka Barb

---------------------------

සිංගිරිස් නාමය

1. බ්ලැක් රූබි බාබ්

2. කුමින්ගි බාබ්

3. බ්ලෝච්ඩ් ෆිලමෙන්ට් බාබ්

4. චෙරී බාබ්

5. අසෝක බාබ්

-------------------------------------------------------

එසේනම් අප දැන් බාබ් මසුන් අභිජනනයෙහි යෙදවීම උගනිමු...

පරිච්ඡේද 34 ම රු. 190.00 කට ලබාගන්න

35 : ටෙට්රා මසුන් අභිජනනය. (Tetra fish breeding)

මෙම මාතෘකාව පිළිබඳ තොරතුරු කිසිවක් සටහන් කරන්නට පළමුව සිය ගණනක්ව පවතින "ටෙට්රා" විශේෂයෙහි අලංකාර වර්ග කීපයක නම් ලැයිස්තුවක් පළමුව පහත දක්වා සිටිමි.

----------------------------------------------------------

1. බෝනස් අයර්ස් ටෙට්රා - Buenos Aires Tetra

2. බ්ලැක් ටෙට්රා - Black Tetra

3. මොයින්කවූසියා ටෙට්රා - Moenkhausia Tetra

4. සර්පෙයි ටෙට්රා - Serpae Tetra

5. නියොන් ටෙට්රා - Neon Tetra

6. පෙන්ගුයින් ටෙට්රා - Penguin Tetra

7. බ්ලැක් නියොන් ටෙට්රා - Black Neon Tetra

8. වයිට් ටෙට්රා - White Tetra

9. බ්ලැක්පැන්තම් ටෙට්රා - Blackphantom Tetra

10. ග්ලෝ ලයිට් ටෙට්රා - Glow Light Tetra

11. බ්ලීඩින් හාට් ටෙට්රා - Bleeding Heart Tetra

12. රුමිනෝස් ටෙට්රා - Rummy/Nose Tetra

13. කොන්ගෝ ටෙට්රා - Congo Tetra

14. කාඩිනල් ටෙට්රා - Cardinal Tetra

15. ෆ්ලෑග් ටෙට්රා - Flag Tetra

16. රේන්බෝ ටෙට්රා - Rainbow Tetra

17. එම්පරර් ටෙට්රා - Emperor Tetra

18. ජෙලිබීන් ටෙට්රා - Jelly Bean Tetra

19. සෙල්ෆින් ටෙට්රා - Sailfin Tetra

20. සිල්වරි ටෙට්රා - Silvery Tetra

------------------------------------------------------------

ඊට ප්රථම කිවයුතු තවත් වැදගත් කාරණාවක් ඇත. කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්යය වගාව සිදු කිරීමට අපේක්ෂා කරන ලද ව්යවසායකයින් වගේම විසිතුරු මසුන් නොහොත් සුරතල් මසුන් විනෝදය පිණිස ඇති දැඩි කරන්නන් මෙම කාර්යයේදී වැදගත් ස්ථානයක් හිමි කර ගනියි.

ඒ මන්ද යත් ඔවුන් නොමැතිනම් විසිතුරු මසුන් සඳහා වෙළඳ පොලක් නොපවතින නිසාය.

ඉතා කාර්ය බහුල වර්තමාන සමාජ ක්රමය තුළ විනෝදය පිණිසත් මානසික ආතතිය මග හරවා ගනු සඳහාත් තම නිවෙස තුළ අලංකාර විසිතුරු මත්ස්යය තටාකයක් නැතහොත් ටැංකියක්‚ මින් ජලාලයක් පවත්වාගෙන යන්නන් හට එම ටැංකි නිතර සුද්ද පවිත්ර කර ගැනීමට සිදුවීම කිසියම් ගැටලුකාරී තවයක් විය හැක.

මෙම "ටෙට්රා" සහ "බාබ්" වැනි සුරතල් මත්ස්යය විශේෂ එවැනි ගැටළු පවතින අයට කදිම පිටු වහලකි.

ඒ මන්ද යත් නිසි ලෙස සකසා ගත් ගෘහය තුළ ඇති අලංකාර මින් ජලාලයට "ටෙට්රා" සහ "බාබ්" වැනි මසුන් ආදේශ කිරීමෙන් එවන් තටාක මාස ගණනාවකට එනම් මාස හත අටක් අවුරුද්දක් උවත් සිය‍යට සියයක් සුද්ද පවිත්ර නොකර සිටීම කල හැකි වීමය.

කළ යුතුව ඇත්තේ තටාකයේ ජලය අවපැහැ ගැන්වී ඇත්නම් එම ටැංකියේ ජලයෙන් තුනෙන් එක් කොටසක් අඩු කොට එම ප්රමාණය සහ වාෂ්ප වීම නිසා අඩුව ඇති ජල ප්රමාණය පමණක් ටැංකිය වෙත අලුතින් ආදේශ කිරීම පමණි.

ඒ වගේම මෙම මසුන් සිටින ටැංකි වලට සජීවී ජලජ ශාක ඕනෑ තරම් එකතු කිරීමේ හැකියාව ඇත. මෙම මසුන්ගෙන් එවන් ශාක වලට කිසිම ආකාරයක හානියක් සිදු නොවන නිසා ඉතාම අලංකාර ස්වභාවික පරිසරයක් මෙවන් තටාක තුළ නිර්මාණය කර ගත හැක.

තවද ඉතා වැදගත් කාරණයක් වන්නේ මෙම තටාක තුළ ඒකරාශී වන මසුන්ගේ අපද්රව්ය බහා ඇති ෆිල්ටර සහ සිහින් ගල් තට්ටු මතින් පෙරී ගොස් තටාකය හෝ ටැංකිය පතුලේ තැන්පත්ව ඇති බැවින් මේවා ස්වභාවික ක්රම වේදයකට යටත්ව ස්වභාවික පොහොරක් ලෙස ශාක තුළට අවශෝෂණය වීම සිදුවේ.

නමුත් මෙවන් ක්රම සහ උපදේශන අභිජනන ක්රියාවලියේදී වෙනස් මගක් ගන්නා බව මතක තබා ගත යුතුය.

ඒ පිළිබඳව මෙහිදී වෙනම කතා කරමු.

නමුත් අලංකාර ගෘහස්ථ ටැංකි තුලට ස්වභාවික ජලජ ශාක‚ කොට කැබලි‚ අලංකාර ගල් කැබලි ආදේශ කොට සකස් කරගන්නා ලද ස්වභාවික පරිසරයක් තුළ මෙවැනි කුඩා මසුන් ගස් ගල් කොට කැබලි අතරින් පිහිනා යන විට නිවස තුල ඇති චමත්කාරය විසින් ඔබේ ආතතිය ශුන්ය කරනු ලබයි.

විනෝද කාමීන් හටත්‚ ආධුනික වගා කරුවන් හටත්‚ ප්රවීණ වගා කරුවන් හටත් මෙම උපදේශනය එක ලෙස පොදුවේ අත් විඳිය හැක්කේ සියල්ලෝම විසිතුරු මසුන් නැතහොත් සුරතල් මසුන්ගේ සදාතනික ලෝලීන් නිසාය.

--------------------------------------------------------

එසේ නම් අප දැන් "ටෙට්රා" මසුන්ගේ අභිජනන ක්රිියාවලිය සඳහා අවශ්යය කරනා උපදෙස් මොනවාදැයි විමසා බලමු...

පරිච්ඡේද 35 ම රු. 190.00 කට ලබාගන්න

36 : සීබ්රා (Zebra) ඩෑනියෝ (Danio) මසුන් අභිජනනය. (Zeebra Danio fish breeding)

හඳුන්වා දීමේ පහසුව තකා "සීබ්රා" යනුවෙන් නම් කළත් එය නිවැරදි නොවේ. විශේෂයෙන් බොහෝමයක් ළමුන් සහ සමහර ආධුනිකයින් මෙම විශේෂයෙහි කුමන වර්ගයකට වුවද "සීබ්රා" යනුවෙන් හඳුන්වනු ලබයි. ඒ බොහෝ විට ඔවුන්ගේ නොදැනුවත් කම නිසාය.

නමුත් දිනෙක රටේ විදේශ විනිමය උපයන ප්රධානතම කර්මාන්තය වීමට හොඳටම ඉඩකඩ තිබෙන විසිතුරු මසුන් පිළිබඳ තොරතුරු ඇතුළත් සිංහල බසින් රචිත හරවත් සාරවත් පොත පත හිඟකම මෙම බොහෝමයක් නාෙදැනුවත්කම් සහ නොවැටහීම් වල ප්රධානතම සාධකය ලෙස නොබියව ප්රකාශ කළ හැකිය. මෙහි දැක්වෙන "ඝර්ම කලාපීය විසිතුරු මත්ස්යය අභිජනනය සහ පුනරාගමනය" නමැති ග්රන්ථය ලියා ප්රචලිත කර මෙම වෙබ් අඩවිය මගින් අන්තර්ජාලයට යොමු කරවනා වර්ෂ 2019 ක් වූ පෙබරවාරි මස 11 වැනි දින වන විට වසර 20 ට අාසන්න කාලයක් ගත වී අැතත් මෙම ග්රන්ථය අාසන්නයට හෝ සපැමිනි පොත් පත් අදටත් විරලව පැවතීම බලවත් කණගාටුවකි.

කෙසේ නමුත් ස්ත්රී‚ පුරුෂ මෙන්ම වයස් භේදයෙන්ද තොරව විරැකියාවෙන් සහ අගහිඟකම් වලින් පෙළෙන ශ්රී ලාංකික දුගී දුප්පත් ජනතාවගේ ඒක පුද්ගල ආදායම නගා සිටුවීම පිණිස වටිනා ස්වයං කර්මාන්තයක් වන මෙම විසිතුරු මත්ස්යය අභිජනනය පිළිබඳ රජයේ වගකිව යුතු අංශවල දායකත්වය දැනට වඩා ක්රමවත්ව සහ හරවත්ව මෙන්ම රූපවාහිනී ප්රචාරක මාධ්යයන් තුලින්ද ජනතාව අතරට සන්නිවේදනය කළ හැකි නම් එකම පවුලක් තුළ සිටින සියලුම සාමාජිකයින්ට එකට එකතු වී සාමූහිකව පවත්වා ගෙන යාහැකි ආශ්වාද ජනක ස්වයං වෘත්තීය මඟක් ලෙස රට පුරාම ව්යාප්ත කරවිය හැකිය.

ඒ සියලු බලාපොරොත්තු හෙට දවස වෙනුවෙන් තබා දැනට මෙමඟින් හෝ යමක් අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු. එසේ නම් බොහෝ දෙනෙක් නම කියූ පමණින් දන්නා මෙම "සීබ්රා" මසුන් ගේ නිවැරදි මෙන්ම පරම්පරා ගත විශේෂිත නාමය පළමුව දැන ගනිමු. වර්ග ගණනාවක් සිටිනු ලබන මෙම විශේෂයෙහි පොදු ඉංග්රීසි නාමය වනුයේ "ඩෑනියෝ" (Danio) ය.

උදාහරණයක් මගින් මෙය ඔබට පැහැදිලි කරන්නේ නම් ප්ලේටි‚ ස්වෝර්ඩ්ටේල්‚ මොලී‚ ගප්පි‚ ගොල්ඩ්ෆිෂ්‚ කාප්‚ ඒන්ජල්‚ යනු ඒ එක්‚ එක් විශේෂයෙහි පොදු නාමයයි. එවැනිම ලෙස සැලකිල්ලට ගෙන විග්රහ කිරීමේදී මෙම "සීබ්රා" මසුන්ගේ පොදු ව්යවහාරික නාමය "ඩෑනියෝ" යන නමින් වන අතර විද්යාත්මක වශයෙන් බෙදා වෙන් කිරීමේදී වර්ග අතර යම්‚ යම් වෙනස්කම් දක්නට ලැබේ.

වීදුරු බෝල ටිකක් නැතහොත් එම ප්රමාණයේ තිරිවානා ගල් ටිකක් දාලා "සීබ්රා" මසුන්ගෙන් බිත්තර ගන්න පුළුවන් කියලා නම් පාසල් යන වයසේ සිටින විසිතුරු මසුන් පිළිබඳ උනන්දුවක් දක්වන අපගේ කුඩා දරු දැරියන් පවා දන්නා කරුණකි. නමුත් ඔවුන්ට තිබෙන බරපතළ ප්රශ්නය වන්නේ මෙසේ ලබා ගන්නා පැටවුන් අකාලයේ මිය යාමට නොදී වර්ධනය කර ගන්නේ කෙසේද යන්නයි. මෙතුවක් කල් ප්රශ්න පත්තරයක් ලෙසින් තිබූ එම ගැටලු බොහෝමයකට මෙම කෘතිය මගින් විසඳුම් ලැබී ඇති හෙයින් මෙහිදී අප "ඩෑනියෝ" විශේෂයට අයත් වන මත්ස්යය වර්ග කීපයක් හඳුනාගෙන සිටිමු.

1. සීබ්රාට ඩෑනියෝ - Zebra Danio

2. ස්පොටඩ් ඩෑනියෝ - Spotted Danio

3. ලෙපඩ් ඩෑනියෝ - Lepoard Danio

4. පර්ල් ඩෑනියෝ - Pearl Danio

5. ජයන්ට් ඩෑනියෝ - Giant Danio

6. පතිරන ඩෑනියෝ - Pthirana Danio

ඉහත දැක්වූ සමහර වර්ග (දිගු වරල් / Wail tail - වේල්ටේල්) මෙන්ම (Albino -ඇල්බිනෝ) නමැති සුදු පැහැති ශරීරය සහ සුදු පැහැති ශරීරය සහ රත් පැහැති නෙත් ලෙස සිටිනු ලබයි. එම වර්ගයද (දිගු වරල් / කෙටි වරල්) වශයෙන් දක්නට ඇත. ඒ වාගේම මේ අතුරින් ජයන්ට් (ඩෑනියෝ - Giant Danio) නැමැති වර්ගය අප රටේ ගංගා ඇළ දොළ වල ඉතා සුලබ ලෙස ස්වභාවිකව වෙසෙන අතර ගමේ ගොඩේ කොයි කවුරුත් මොවුන් හඳුන්වනුයේ "දණ්ඩි" හෝ "ඉපිල්ලන්" ලෙසිනි. ගමේ ගොඩේ කවුරුත් එහෙම කිව්වට‚ අපිට යන්න බැරි උනාට මෙයත් පිට රටවලට යනු ලබන (අපනයන කරන) අපේ රටේ ස්වභාවිකව වෙසෙන මසුන් අතරින් විසිතුරු ගණයට වැටෙන මත්ස්යය ලැයිස්තුවේ සිටින තවත් එක් විශේෂයකි. ස්වභාවික පරිසරයන්හි බහුල ලෙස වෙසෙන බැවින් මෙම මත්ස්යයා වෙනුවෙන් මෙවකට අපනයන නීති (තහනමක් හෝ සීමාවන්) පැනවී නොමැත. එම නිසා අපනයන සමාගම් වෙත මෙවැනි මසුන් අල්ලා ගෙන යනු ලබන වෘත්තිකයන්ගෙන් එකෙකු ඉතා සුළු ගණන්වලට මිලට ගෙන පිටරට යවනු විනා මොවුන්ද මින් මැදුරු තුළ අභිජනනය කළ බවක් නම් තවමත් අසන්නට නැත.

එම හේතුව නිසා අපනයන කරුවන් ගෙන් මෙවැනි වූ මසුන් හට ඉල්ලුමක් නොතිබුණු බැවින් ඒ පිළිබඳ උනන්දුවක් අභිජනන කරුවන් තුළද දක්නට නොලැබුනි.

නමුත් කතුවරයාගේ මෙම වෙබ් අඩවිය වෙත ඔබ පිවිසෙන වර්ෂ 2019 වකවානුව වන විට ඩොලරයේ අගය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා අපනයන සඳහා ගැනෙන දේශීය මත්ස්යය වර්ගද අභිජනනය කිරීමෙන් නිතරඟ ආදායමක් හිමි කර ගැනීමේ භාග්යය නිරතුරුවම අභියෝගයන් හට මුහුණ දීමට සමත්කම් සහ කැමැත්තක් දක්වන විසිතුරු මත්ස්යය ව්යවසායකින් හට උදාකර ගත හැකි වනු ඇත.

"ජයන්ට් ඩෑනියෝ - Giant Danio" මසුන්ගේ ශරීර හැඩ තලයන්ට බොහෝ සේ සමාන නමුත් ශරීර වර්ණ පිහිටීම තුළ දක්නට ඇති වෙනස් බවක් නිසා ස්වාභාවික පරිසරයකදී සොයා ගනු ලැබූ ඉහත සඳහන් "පතිරන ඩෑනියෝ - Pthirana Danio" නමැති මත්ස්යයා ශ්රී ලංකාවෙන් පළමුව ලෝකයට හඳුන්වා දුන් නවක වර්ගයක් ලෙස 1980/90 දශකවල සිට සැලකේ.

කුමක් කෙසේ වෙතත් දැන් අප මෙම "ඩෑනියෝ" මසුන් නැතහොත් කොයි කවුරුත් දන්නා විදිහට කියනවා නම් "සීබ්රා" මසුන් අභිජනනය කර පැටවුන් ලබා ගන්නා ආකාරයත් විශේෂයෙන් පාසල් යන ළමුන්ට පවා ගැටළුවක්ව පවතින මෙම පැටවුන් ලොකු මහත් කර හදාවඩා ගන්නා ආකාරයත් උගනිමු.

සත්ව උද්යානයේ සිටින "සීබ්රා" නමැති සිවුපා සත්වයාගේ ශරීරයේ පිහිටා ඇති වර්ණ රේඛාවන්ට සමාන බවක් දක්වනු ලබන හෙයින් "සීබ්රා" නමැති මසුන් වර්ගය ලෝලීන් අතර වඩා ප්රචලිත වන්නට අැත.

අන්තප්පුර‚ බහු භාර්යා‚ බහු පුරුෂ‚ සාමූහික‚ රන්චු වැනි විවිධ බහුවිධි අභිජනන ක්රම මගින් ["සීබ්රා" ඩෑනියෝ] මසුන් අභිජනනය කර බිත්තර ලබා දසදහස්/ලක්ෂ යනාදී වශයෙන් පැටවුන් ලබා ගැනීමේ හැකියාව පවතී. වියදම ඉතා අල්ප මත්ස්යය විශේෂයක් වන මෙම මසුන් වර්ෂ 2019 වන විට පවතිනා වර්තමාන වෙළඳ පලේ සිල්ලර මිල එක් ජෝඩුවක් රු. 60/= සිට 150/= දක්වා මිල ගනන්වලට අලෙවි කෙරේ. වයස මාස 3 ක් පමන ගතවන විට මෙම මසුන්ද අනෙකුත් බොහෝමයක් මසුන් මෙන් දේශීය සහ විදේශීය වෙළඳ පලට නිකුත් කිරීමේ හැකියාව පවතී.

අවශ්යය වන්නේ එක් වරකදී නිසි ප්රමිතියෙන් යුතු මසුන් අවම තොගය ජෝඩු 500 ක් බැගින්වත් එක දිගට තමාට ඉල්ලුමක් ලැබෙන අපනයන කරුවාට සැපයීමට හැකි බව තහවුරු කර පෙන්වීම පමනි. නමුත් අලස කම නිසාත්‚ උවමනාවක් නොමැති කම නිසාත්‚ ඉක්මන් සල්ලි පසුපස දිවීම වර්තමාන සමාජයේ බහුතරයකගේ ජීවන අාභාෂයක් වී අැති නිසාත්‚ විශේෂයෙන් මෙවන් වූ ලෙස දැනුවත් භාවයක් විධිමත්ව ලබා දීමේ වැඩ පිලිවෙලක් අප රට තුල මේ වනතුරු නොමැති නිසාත්‚ බොහෝ නිෂ්පාදකයින් අපනයන කරුවන් අසරන කරවමින් නිසි ලෙස තම සැපයුම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටියී.

මෙවන් වූ බොහොමයක් ප්රායෝගික ගැටළු නිසා විසිතුරු මසුන් වෙනුවෙන් ලෝක වෙළඳ පලෙහි පවතින ඉල්ලුමෙන් මේ වන තුරුත් සියයට (5%) පහකට (6%) හයකට නොවැඩි ඉලක්කයක් හඹා යන්නට අප රට අපොහොසත්ව සිටියී. නමුත් රටේ ජාතික සංඛල්පය වන්නේ "අපනයනය රටේ ජීවනාලියයි" යනුවෙනි. අනිච්චන් දුක්ඛන් සංසාරේ‚ මෙහෙමත් අපරාධයක්. රට හිඟමනේ... අපනයනය අනතුරේ... "පය ගැටුනත් මිනිමුතු කණා අැහිඳ නොගනී"

නිසි බලධරයින්ගේ අැස්ගෙඩි ඉක්මනින් විවර වේවායි පතමින් අපගේ යුතුකම් සහ වගකීම් අපි ඉටු කරමු.

-----------------------------------------------------------

එසේ නම් දැන් අප සවිස්තරාත්මකව හඳුනා ගත් "ඩෑනියෝ" මසුන් අභිජනන පිළිබඳ විදිමත්ව උගනිමු...

පරිච්ඡේද 36 ම රු. 140.00 කට ලබාගන්න

37 : "සික්ලිඩ්" මසුන් අභිජනනය. (Cichlid fish breeding)

මීට පෙර පරිච්ඡේදයකදීත් විස්තර කළ පරිදි ආධුනිකයින් ලෝලීන් සහ එකතු කරන්නන් ගොල්ඩ්ෆිෂ්‚ කාප්‚ ඒන්ජල්‚ ඇතුළු සීමිත මත්ස්යය වර්ග කීපයක් පමණක් ගැන උනන්දු වීම පවතින වත්මන් ක්රමයේ වරදකි. විවිධ විශේෂ සහ එම විශේෂ තුළ සිටිනා වූ තවත් බොහෝ වර්ග පිළිබඳ නිසි වැටහීමක් නොමැති කම නිසා කොයි අත බැලුවත්‚ කවුරුන් ළඟ බැලුවත් දක්නට සිටින්නේ කොතෙකුත් දැක ඇති වර්ග කීපයක් පමණි.

වරක් බැලූ අයෙකුට තවත් වරක් බලන්න හිතෙන්නේත් නිතර දුටු දෙයකට වඩා නුදුටු දෙයක් දුටු විටය. තමන්ගේ ගොවිපල‚ තමන්ගේ ප්රදර්ශනාගාරය අන්යයන්ට ප්රිය ජනක තත්ත්වයකට පත්කර ගත් කල එය විදේශ වෙළඳ පොළටත් වඩා යහපත් දේශීය වෙළෙඳ පොළක් ඇති කර ගැනීමටද සමත් විය හැක.

විශේෂයෙන් ප්රදර්ශන අලෙවි හල් (මින්මැදුරු) පවත්වාගෙන යන්නන් තුළ හොඳ තේරීමක් (Selection - සිලෙක්ෂන්) විසිතුරු මසුන් අතරද තිබිය යුතුය. ලෝලීන් සහ එකතු කරන්නන් තුළ යහපත් විවිධත්වයක් ඇති කළ හැක්කේ එවිටය. මෙම විවිධත්වය නොමැති කම නිසා දේශීය වශයෙන් සලකා බැලූ කල රට තුළ පවතින වත්මන් තත්වය ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇත. එම තත්වය මග හරවා නැවත ප්රානවත් බවක් ඇති කරලීමට නම් අභිජනන කරුවන් සහ අලෙවි ප්රදර්ශන හල් හිමියන් දැනට වඩා ඒ පිළිබඳ අවබෝධයකින් සහ අධීක්ෂණයකින් යුතුව කටයුතු කළ යුතුය. නමුත් මෙහි වැඩි වගකීම දේශීය සිල්ලර වෙළෙඳ පොළ පවත්වාගෙන යනු ලබන ප්රදර්ශන අලෙවි හල් හිමියන් පිට පැටවිය යුතුව ඇත.

මවුපිය මත්ස්ය යුවළ ප්රදර්ශනය කරවා ඒ තුළින් එම වර්ගයේ පැටවුන් විකිණීම සාර්ථක ක්රමයකි. විශේෂයෙන් "සික්ලිඩ්" වර්ග ජනප්රිය කරවීමටත්‚ ඒ තුළින් තම වෙළෙඳ පොළ ඒකාධිකාරය ආරක්ෂා කර ගැනීමටත්‚ ප්රදර්ශනය කරවන අතරම "සික්ලිඩ්" යුවලක් තුලින් ප්රදර්ශන අලෙවි හලේදීම අභිජනනය වන්නට හැර පැටවුන් මුරයක් ලබා ගැනීමද සිදු කරගත හැකිය. යහපත් නඩත්තුවකින් පසුවන "සික්ලිඩ්" යුවළක් ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකදී අභිජනනය වීමේ ඉඩකඩ පවතිනු ලැබේ. මෙසේ බිහිවන පැටවුන් තුළින් අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාවද අලෙවි හල් හිමියාට ලැබේ. ඒ වගේම තමාගේ මානසික ඒකාග්රතාවයද මෙමඟින් විඳිමින් චමත්කාර ජනක විවිධත්වයක් ලැබීමටද‚ වෘත්තිය පිළිබඳ ප්රබෝධයකටද එය ඉවහල් කරගත හැක.

මිනිසුන්ට පවා යම් යම් ආදර්ශ ලබා ගත හැකි සුවිශේෂී ජීවන පැවැත්මක් ඇති "සික්ලිඩ්" විශේෂ අභිජනනය පිළිබඳ තොරතුරු දැන්වීමට පෙර සිය ගණනක්ව පවතින වර්ග අතුරින් තෝරා ගත් වර්ග කීපයක නම් ලැයිස්තුවක් පහත දක්වමි. නමුත් එම වර්ග ලැයිස්තුව අතරින් වර්තමානයේ රට තුළ දක්නට ඇති වර්ග ගණන හත/අටකට වඩා නැති තරම්ය.

විවිධ නවක මත්ස්ය වර්ග අභිජනනය කිරීමේ අවශ්යතාව ඇති දක්ෂ අභිජනන කරුවන් රැසක් රට තුළ සිටින නමුත් පිට රටවලින් හෝ මව් සතුන් ගෙන්වා ගැනීමට පවතින දුෂ්කරතා සහ අධික මිල නිසා අවශ්යතාවය සිහිනයකට පමණක් සීමා වී පවතී.

අපනයනයේදී නොසිතූ විරූ සුවිශේෂී තත්වයක් බලාපොරොත්තු විය හැකි මෙම කර්මාන්තයේ සංවර්ධනයට වාචිකව නොව ප්රායෝගිකව ඉතා පහසුවෙන් (*විශේෂයෙන් සුළු පරිමාණ කරුවන්ට) මෙවැනි විවිධ වූ තම ස්වශක්තියෙන් ඉටුකර ගත නොහැකි අත්යාවශ්යයතාවයන් පිරිමසා දීමට දායක විය හැකි යම්‚ යම් රාජ්ය ආයතන කීපයක්ම ඇති මුත් අවශ්යතාවය මතුකර දක්වන්නට ශක්තියක් ඇති අය නොමැති නිසාද‚ මෙම කර්මාන්තයේ උන්නතිය පිළිබඳ පෙර දැක්මක් ඇති වගකිව යුත්තන් නොමැති නිසාද‚ එවැනි දැක්මක් සඳහා ක්ෂේත්රය පිළිබඳ අවබෝධයක් ඇති අය අදාළ නිලතලවල නොමැති නිසාද‚ සියලු ප්රශ්න හිටි තැනම ලොප්ව පවතී. එහෙයින් ඇහැට ඇන්නා වගේ පේන මානයේ තිබෙන විදේශ විනිමය අහේතුව නිසා අහිමිව පවතී.

"නලලේ තියාගෙන කණ්නාඩි කුට්ටම හොයනවා කියන්නේ ඔය වගේ වැඩ වලට තමයි"

නමුත් මෙම කර්මාන්තයේ දියුණුව පිළිබඳ අවශ්යය නිසි පියවර ගතහොත් එයින් ලබාගත හැකි ප්රතිඵල අන් කිසිදු අපනයන කර්මාන්තයකට දෙවැනි නොවන බවට අනාවැකි ස්ථිරව පළකළ හැකිය. ලමයාගේ සිට මහළු අවස්ථාව දක්වා වයස මෙන්ම ස්ත්රීි/පුරුෂ භේදයකින් තොරව සහ විශාල අභිරුචියකින්ද යුතුව ආවරණය කළ හැකි දේශීය සහ විදේශීය වශයෙන් සැලකෙන වෙනත් කිසිදු කර්මාන්තයක් තවත් ඇත්දැයි කිව නොහැකි තරම්ය.

කුමක් කෙසේ වෙතත්...

"බීරි අලින්ට වීනා ගැයීමක් මෙමගින් සිදු නොවේවායි පතමි"

පවතින තත්ත්වය එසේ තිබියදී චිරාත් කාලයක් මෙම කර්මාන්තය තමන්ගේ ශක්ති ප්රිමාණයෙන් රැකගෙන පැමිණි පාරම්පරික අභිජනන කරුවන් නිසා ඉදිරි පරම්පරාවන් වෙත කිසියම් දෙයක් හෝ ඉතිරිව පැවතීම රටේත් ජාතියේත් වාසනාවකි.

-----------------------------------------------------------

එසේනම් දැන් අප "සික්ලිඩ්" ගණයට වැටෙන මත්ස්යය වර්ග කීපයක් හඳුනා ගෙන සිටිමු.

1. ඔස්කා සික්ලිඩ් - Oscar Cichlid

2. සෙවරුම් සික්ලිඩ් - Severum Cichlid

3. ෆයර් මවුත් සික්ලිඩ් - Fire Mouth Cichlid

4. ක්ර්වුන් ජුවෙල් සික්ලිඩ් - Crown Jewel Cichlid

5. රෙඩ් ඩෙවල් සික්ලිඩ් - Red Devil Cichlid

6. බ්ලු අකාරා සික්ලිඩ් - Blue Acara Cichlid

7. ජැක් ඩෙම්සි සික්ලිඩ් - Jack Dempsey Cichlid

8. "රාම්" හෝ "රාමරේසි" සික්ලිඩ් - "Ram" or "Ramirezi" Cichlid

9. ක්රිබෙන්සිස් සික්ලිඩ් - Kribensis Cichlid

10. කන්වික්ට් සික්ලිඩ් - Convict Cichlid

11. ෆ්ලෑග් සික්ලිඩ් - Flag Cichlid

12. චොක්ලට් සික්ලිඩ් - Chocolate Cichlid

13. ඩැපල්ඩ් සික්ලිඩ් - Dappled Cichlid

14. බ්ලැක් බෙල්ට් සික්ලිඩ් - Black Belt Cichlid

15. රෙඩ් හෙඩඩ් සික්ලිඩ් - Red Headed Cichlid

16. ස්පිලෝටම් සික්ලිඩ් - Spilotum Cichlid

17. පෝට් සික්ලිඩ - Port Cichlid

18. පර්ල් සික්ලිඩ් - Pearl Cichlid

19. එෆ් සික්ලිඩ් - "F" Cichlid

20. කූබන් සික්ලිඩ් - Cuban Cichlid

21. පැස්ටල් සික්ලිඩ් - Pastel Cichlid

22. ගොල්ඩ් ඩුවෝෆ් සික්ලිඩ් - Gold Dwarf Cichlid

23. ඩුවෝෆ් සික්ලිඩ් - Dwarf Cichlid

24. කොක්කටු සික්ලිඩ් - Cockatoo Cichlid

25. ලයෆින්ඩ් චෙකර්බෝඩ් සික්ලිඩ් - Lyre-Finned Checker Board Cichlid

26. වයිට් ස්පොටඩ් පයික් සික්ලිඩ් - White Spotted Pike Cichlid

27. ට්රටයන්ගල් සික්ලිඩ් - Triangle Cichlid

-----------------------------------------------------------

සික්ලිඩ් මසුන් අභිජනනයේදී....

පරිච්ඡේද 37 ම රු. 240.00 කට ලබාගන්න

38 : මලාවි මසුන් අභිජනනය. (Malavi fish breeding)

මලාවි මත්ස්යය විශේෂයද පෙර පාඩමෙහි කියා දුන් "සික්ලිඩ්" ගණයට අයත් වුවත් සංස්කෘතිකමය වශයෙන් සලකා බැලූ කල දෙගොල්ලන්ගේ ජීවන පැවැත්ම‚ චර්යා ධර්ම අහස පොළොව තරම් දුරස්තර වේ. ආහාර ගන්නා ආකාරය‚ ජලය තුල ජීවත්වන ආකාරය‚ අභිජනනය වන ආකාරය‚ පැටවුන් රකිනා ආකාරය මෙන්ම පුරුෂ මත්ස්යයින් තම ස්ත්රී වර්ගයා කෙරෙහි දක්වන ආකල්පය යනාදී සුවිශේෂී ලක්ෂණයන් ගනු ලබයි. එම නිසා "සික්ලිඩ්" ගණයට අයත් වුවත් වෙනත් ප්රභේදයක් ලෙස "මලාවි" මසුන් හැඳින්විය හැක.

මීට පෙර පරිච්ඡේදයේදී විස්තර කළ "සික්ලිඩ්" විශේෂයේ මත්ස්යය යුවලක් අතර මෙන් "මලාවි" මසුන් ‍යුවලක් තුළ දිගු කාලීන ප්රේම කිරීමක් දක්නට නොලැබේ. කොටින්ම "මලාවි" පුරුෂ මසුන් ස්ත්රී මසුන් කෙරෙහි කිසිදු දයාවක්‚ කරුණාවක් පානු දක්නට ලැබෙන්නේම නැත. අදට ඔබින වචනයකින් කතා කරනවා නම් සල්ලාලයෙකුට සරිලන ජීවිතයක් ගත කරන "මලාවි" පුරුෂ මසුන් ගැන ඉතිහාසයට ඔබින ලෙස කතා කරනවා නම් බිසෝවරුන් පිරිවරාගෙන අන්තංපුරයක වෙසෙන රජෙකු වැනිය. නමුත් රජ කෙනකු අන්තංපුරයෙහි කොතරම් බිසෝවරුන් තබා ගත්තද ඒ එක් අග බිසවක් තබා ගැනීමෙන් අනතුරුවය. නමුත් "මලාවි" පුරුෂ මසුන් එතරම්වත් බන්ධනයක් හෝ වගකීමක් තබාගෙන නැත. තම මනදොළ සපුරා ගැනීමට‚ තම සිතැඟි ඉෂ්ඨ කර ගැනීමට අවශ්යය වූ කල්හි පමණක් තම රජ දහන තුල වෙසෙන ස්ත්රී මත්ස්යයකු කැඳවා ප්රජනන කාර්යයෙහි යෙදෙනු ලබයි.

ඒද තම වර්ගයා බෝකිරීමේ අවශ්යතාවයක් ඔහුට ඇති නිසා නොව‚ එම අවශ්ය‍තාවය ඇත්තේ මලාවි ස්ත්රී මසුන්ට පමණි.

විශ්වය තුල කුමන ආකාරයෙන් හෝ ස්ත්රී සහ පුරුෂ ලෙස මනුෂ්යයින් ඇතුළු අනිකුත් සියළු සත්වයින් බිහි වූ දා සිට ආත්මීය වශයෙන් ස්ත්රීි පාර්ශවය තුළ තම වර්ගයා බෝකිරීමේ දැඩි අවශ්යතාවයක් පැලපදියම්ව පවතී. එය පුරුෂ පාර්ශවය තුළ මේ සඳහා ඇති අවශ්යතාවයට වඩා ඉතා ප්රබල එකකි. මේ සියල්ල සොබාදහම තුළ පවතින සාරධර්ම සහ මූලධර්මයන්ය.

ඒවායෙහි අඩුපාඩු සොයන්න‚ විශ්ලේෂණය කරන්න‚ තර්ක කරන්න මගේ දැනුම මදිය. අනෙකක් තබා ස්වභාව ධර්මයේ විශ්ව කර්ම නැතහොත් විශ්ව නිර්මාන පිළිබඳව ලියන්න ගියොත් මට මසුන් ගැන ලියන්න වෙන එකක්ද නැත. කෙසේ වෙතත් එහි එක් න්යායක් පමණක් මෙහිදී සැලකිල්ලට ගෙන හැර බැලුවහොත් විශ්වයේ පැවැත්මට ඔබින ලෙස සියල්ල සමතුලිත තත්වයකට පත්ව පැවතීමටද සොබා දහමින්ම කරුණු යෙදී ඇත. එසේ නොවුනා නම් මා අසා ඇති ආකාරයට කිඹුල්ලූන්ගෙන් පිරී ගිය ලොවක් දකින්නට අපට ඉන්නටවත් ලැබී තියේවිද මන්දා..!

එය එසේ වන්නා සේම සියලු මත්සයය විශේෂ තුළද තම වර්ගයා බෝවීමේදී සංකීර්ණ ලක්ෂණයන් පෙන්නුම් කරනු ලබයි. පැටවුන් දමන සියලුම විශේෂ පැටවුන් දැමූ පසු මව්පිය මසුන් එම පැටවුන් ගැන කිසිදු සෙවීමක් බැලීමක් නැත. උපන්දා සිට ස්වශක්තියෙන් ජීවත් වීමේ වගකීම පැටවුන්ට නිතැතින්ම හිමිවේ. නමුත් බිත්තර දමන විශේෂ තුළ විවිධ ලක්ෂණ මේ වෙනුවෙන් පෙන්නුම් කරනු ලැබේ. ගෝල්ඩ්ෆිෂ්‚ කාප්‚ කොමට්‚ ෂූ/බන්කි‚ බාබ්‚ ටෙට්රා‚ ඩෑනියෝ වැනි මත්ස්යය විශේෂ ස්ත්රී/පුරුෂ දෙදෙනා එකට එකතු වී බිත්තර හෙලූ පසු එම බිත්තර පිළිබඳ කිසිදු සෙවීමක් බැලීමක් නැත. අවශ්යය වුවහොත් ඒවා නැවත ගිල දැමීමට පවා ඔවුන් පෙළඹෙයි. ෆයිටර්‚ ගුරාමි‚ පැරඩයිස් වැනි විශේෂ බිත්තර දැමූ පසු එම බිත්තර තුළින් පැටවුන් පැමිණ යම් ප්රමාණයකට ඔවුන්ට තනිව ජීවත් වීමේ හැකියාව ලැබෙන තෙක් පුරුෂ (පිය) මත්ස්යයා තම පැටවුන් ආරක්ෂා කරනු ලබයි. පුරුෂ මත්ස්යයා නැවත ස්ත්රී මත්ස්යයෙකු සමග ප්රජනන කාර්යය සඳහා උනන්දු වනුයේ මෙම කාර්යය භාරයෙන් මිදුණු පසුවය. එමෙන්ම "සික්ලිඩ්" විශේෂ තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මව් සහ පිය යන මසුන් දෙදෙනාම එකට එකතුව බිත්තර දමා එම බිත්තර දෙදෙනාගේම සහභාගිත්වයෙන් රැක පැටවුන් බිහිවූ පසු එම පැටවුන් දැඩි ආරක්ෂක වළල්ලක් තුළ රැක ගනිමින් කෙදිනක හෝ පැටවුන් ලොකු මහත් වී දෙමව්පියන්ගෙන් බැහැර වී ස්වාධීනව ජීවත් වීමේ හැකියාව ලැබී නිදහස්ව විසිර යන තුරු රැක බලා ගනු ලබයි. "මලාවි" සහ "තිලාපි" (මොසැම්බික්) මත්ස්යය විශේෂ තුළ මෙම තත්ත්වය මේ සියල්ලටම වඩා වෙනස් බවක් දක්නට ඇත. ඒ වගේම ස්ත්රී මත්ස්යා සහ පුරුෂ මත්ස්යයා ප්රජනන කාර්යය සඳහා සූදානම් වන අවස්ථාව වන විට දෙදෙනාගේ සිතැඟි පවතිනුයේද වෙනස් ආකාරයකටය. එනම් පුරුෂ මත්ස්යයා තුළ වර්ගයා බෝකිරීම පිළිබඳ හැඟීමක් නොමැති අතර ඔහුට ඇත්තේ ස්ත්රී මත්ස්යාගෙන් තම මනදොළ පුරවා ගැනීමේ ගිජු බව පමණි. නමුත් මෙම අවස්ථාවේදී ස්ත්රී මත්සයයා තුළ පවතිනුයේ වර්ගයා බෝකිරීම සඳහා ස්වභාවයෙන්ම "කෙතක්වන්" තම ගැබ තුළ මෝරා වැඩුණු බිත්තර පුරුෂ මත්ස්යයෙකුගේ සහභාගීත්වයෙන් ජනනය කරවාගෙන රැක පැටවුන් බිහිකර විශ්වයේ පැවැත්ම උදෙසා තමාගේ ඇති දායකත්වය පිළිබිඹු කරවීම පිළිබඳ අවශ්යතාවයයි.

"අම්මා" යන උතුම් වචනයෙන් පිදුම් ලබන මනුශ්යය ස්ත්රියක තුළින් තම දරුවනට සිදුවන මෙහෙවරට වඩා ගැඹුරු මෙන්ම දුෂ්කර ස්වභාවයක් මෙම වකවානුව තුළ මලාවි ස්ත්රී මත්ස්යයකු ගත කරනු ලබයි. සමහරවිට එය මනුශ්යයෙකුට හිතන්නවත් බැරි තත්වයක් විය හැක. පුරුෂ මත්ස්යයා සමග ප්රජනන කාර්යයෙහි යෙදී බිත්තර හෙලූ පසු පුරුෂ මත්ස්යයා එම බිත්තර ගිල දැමීමට පෙර හැකි උපරිම ප්රමාණයක් තම මුව තුළට ගෙන මලාවි ස්ත්රීි මත්ස්යයා පුරුෂ මත්ස්ය යාගෙන් මිදී පලා යනු ලබයි.

"කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" යන අරුත් කියමන මෙහිදී දෙපාර්ශවයම සනාථ කරමින් තමාගේ අවශ්යතාව හමාර කර ගත් මලාවි පුරුෂ මත්ස්යයා යටි අදහස මුදුන්පත් කරවා ගෙන තමා ගෙන් මිදී පලාගිය ස්ත්රී මත්ස්යයා පිළිබඳ නොතැවී ඇය හෙලූ බිත්තර කිසිවක් ඉතිරිව ඇතොත් ඒවා ටිකද ගිල දමා තමන්ගේ මීළඟ ගොදුර කුමන ප්රියම්බිකාවක් විය හැකිද යන්න පිළිබඳ උත්සුක වන බවක් විද්යාමාන වේ. එනමුත් මෙහිදී පලාගිය ස්ත්රී මත්ස්යාගේ කාර්ය භාරය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ භාරදූර ස්වභාවයක් ගනු ලබයි. මේ වන විට ඇයගේ මුඛයේ සිට අමාශය දෙසට විහිදී ස්වභාවයෙන්ම මැවී ඇති උමං මාර්ගයක් වැනි මුඛ කුහරය තුළ ජනනය කර පුරුෂ මත්ස්යයාගෙන් බේරා ගත් බිත්තර පිරී ඇත. මෙම බිත්තර බිඳී ඒවා තුළින් පැටවුන් බිහි වී ඉතා හොඳින් පිහිනා යා හැකි තත්ත්වයට පත්වන තුරු තම මුවින් පැටවුන් එළියට යැවීමට පෙළඹෙන්නේ නැත. අඩු තරමින් සති තුනක්වත් මෙසේ පැටවුන් රකින ඇය ඒ මුලු කාල පරිච්ඡේදය තුළම කිසිදු අහරක් නොගනී. මූව තුල පැටවුන් පුරවාගෙන සිටියදී මූව ආසන්නයට අහරක් වැටුනත් එය පවා අහුලා නොගැනීමට තරම් ඈ පරාර්ථකාමී වනුයේ එම ඇසිල්ලෙන් හෝ තම පැටවකුට අවදානමක් නොවනු අටියෙනි. නමුත් තම පැටවුන්ගේ පෝෂණය සඳහා ඇය තම ශරීරය තුළින් ශ්රාවය කර ආහාර සපයා දෙනු ලැබේ. මිනිස් මවක් තම දරුවාට මව් කිරි ලබා දෙන්නේ ඇය ආහාර ගනිමින් තම පෝෂණයද රැක ගනිමින් වුවත් මෙම මත්ස්යයා ප්රජනනය වී බිත්තර දැමූ අවස්ථාවේ සිට තම පැටවුන් සහතිකයක් ඇතිව නිදහස් කරන තුරු සති තුනක් පමණ නිරාහාරව සිටීමත් "ස්වභාව ධර්මයේම තවත් සුවිශේෂ විශ්ව නිර්මාණයක්" විය හැකිය.

මෙම වකවානුව වන විට පැටවුන් සෙන්ටි මීටර්. 1-1/2 ත්‚ 2 ත්‚ අතර ප්රමාණයක් විශාල ලෙස වැඩී සිටින නිසා ඒ වන විට අන්තරායන් පිළිබඳ පවත්නා අවදානමද ශේෂ වී ගොස් ඇති බැවින් මෑත් වී සිට පැටවුන්ට ස්වාධීනව ජීවත් වීමේ හැකියාව‚ ආහාර සොයා ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ද ආහාර සොයා බුදිනු ලබයි. ක්රමක් ක්රමයෙන් පැටවුන් ස්වශක්තිය ගොඩනගා ගනිමින් මව් මත්ස්යයා අතහැර ගිය කල්හි ඒ වනවිට නැවතත් තම ගැබ තුළ මෝරා වැඩී පවතින බිත්තර තුළින් වර්ගයා බෝකිරීමේ කාර්යය භාරය උදෙසා මනදොළ සපුරා ගැනීම පිණිස එවන් අවස්ථාවක් වෙනුවෙන් හෝ ස්ත්රී මත්ස්යයකු තම කුටිය දෙසට පැමිණෙන තුරු අඟන රැඟුම් රඟමින් පෙරමග බලා සිටින පුරුෂ මත්ස්යකු සොයා යනු ලැබේ.

විශ්වය පවතින තාක් මලාවි මසුන් තුළද මෙම ක්රියාදාමය අඛණ්ඩව සිදුවනු ඇත.

අවශ්යය පරිසරය සකස් කර නිසි ආහාර ලබා දීමෙන් ඉතා පහසුවෙන් ව්යාප්ත කරගත හැකි මලාවි මසුන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව තිබූ නිසා නවක අභිජනන කරුවන් සහ සුරතල් මත්ස්යය ලෝලීන් අතර ප්රචලිතව නොතිබූ බව විශ්වාස කල හැක. නමුත් මෙමගින් දැනුවත් වුණු පසු "මලාවි" මසුන් අභිජනනය ඉතාමත්ම සරල පහසු කටයුත්තක් වනු ඇත. ඒ පිළිබඳ ඉගෙනීමට පෙර වර්ග කීපයක් හඳුනාගෙන සිටීම වැදගත්ය.

--------------------------------------------------------

"මලාවි" වර්ගද විශාල සංඛ්යාවක් සිටින නමුත් ඉන් සුළු ප්රමාණයකගේ නම් ලැයිස්තුවක් පහත දක්වමි.

1. අවුරාටස් / ඔරේටස් මලාවි - Auratus Malavi

2. කෙන්යීඊ (ලොම්බාඩෝයි) මලාවි - Kennyi (Lombardoi) Malavi

3. ජොහාන්නී මලාවි - Johanni Malavi

4. සීබ්රා මලාවි - Zebra Malavi

5. ඔලොනොකාරා මලාවි - Aulonocara Malavi

6. ඉලෙක්ට්රි ක්බ්ලූ මලාවි - Electric Blue Malavi

7. ස්කේල් ඊට මලාවි - Scale/Eater Malavi

8. රෙඩ් එම්ප්රේස් මලාවි - Red Empress Malavi

9. පෝලිස්ටිග්මා මලාවි - Polystigma Malavi

10. බ්ලූ ලම්ප් හෙඩ් මලාවි - Blue Lumphead Malavi

11. අයි බයිටර් මලාවි - Eye-Biter Malavi

12. නොවෙම්ෆැසියෙටස් මලාවි - Novemfasciatus Malavi

13. එඩුආඩි මලාවි - Eduardi Malavi

14. ට්රොඩෆිඔප්ස් මලාවි - Tropheops Malavi

15. ට්රෙඩවවසෙයි මලාවි - Trewavasae Malavi

16. සිල්වර් බ්ලූ එම්බියුනා මලාවි - Silver Blue Mbuna Malavi

17. ස්නේල්/ෂෙල් එම්බියුනා මලාවි - Snail - Shell Mbuna Malavi

18. ස්ලෙන්ඩර් එම්බියුනා මලාවි - Slender Mbuna Malavi

19. ඩස්කි එම්බියුනා මලාවි - Dusky Mbuna Malavi

20. ඔරෙන්ජ් එම්බියුනා මලාවි - Orange Mbuna Malavi

21. පර්පල් එම්බියුනා මලාවි - Purple Mbuna Malavi

22. බ්ලැක් එම්බියුනා මලාවි - Black Mbuna Malavi

ඉහත ලැයිස්තුවේ වර්ග විස්සකට අධික නම් ප්රමාණයක් ලියැවුණද අප රට තුළ මින් මැදුරු අලෙවි හල්වල මින් වර්ග කිහිපයකට වඩා බහුල වශයෙන් දක්නට නැත. ඊට අමතරව තවත් වර්ග දෙක තුනක් පමණ කවුරු කවුරුන් හෝ මලාවි මසුන් ප්රියකරන අභිජනන කරුවන් කිහිප දෙනෙකු ළඟ සිටිය හැකි මුත් එයද සැක සහිතය.

"මලාවි" සහ "සික්ලිඩ්" විශේෂයේ මසුන්ගේ ජීවන පැවැත්ම තුළින් ලැබිය හැකි රසාස්වාදය බහුතරයක් නොදන්නා නිසාත්‚ දැන ගන්නට එම මසුන් සමාජය තුළ බහුල වශයෙන් මන බඳින ලෙස ප්රදර්ශනය කරවූ ටැංකි මින් මැදුරු අලෙවි හල්වල නොමැති නිසාත්‚ ඒ වගේම විවිධ වර්ගයන්ගේ මව් සතුන් රට තුලින් සොයා ගැනීම උගහට නිසාත්‚ විදේශ රටවලින් මව් සතුන් ගෙන්වා ගැනීමට ඇති අසීරුතා නිසාත්‚ අවශ්යය අභිජනන කරුවන්ට මෙවැනි දේ සඳහා දායක වන්නට පවතින රාජ්ය ආයතන මගින් නිසි කටයුතු සිදු නොවන නිසාත්‚ විසිතුරු මත්ස්යය කර්මාන්තය අප රට තුළ ගොල්ඩ්ෆිෂ්‚ කාප්‚ ඒන්ජල්‚ ගප්පි‚ ප්ලේටි‚ ස්වොර්ඩ්ටේල්‚ වැනි සීමිත විශේෂ කීපයකට පමණක් සීමා වී පවතී. ඒ නිසාම රටතුළ සිටින ලෝලීන්ටද මෙය දැන් ඒකාකාරිත්වය නිසාම නීරස වී ඇත.

විදේශ රටවලින් අසීමිත ඉල්ලුමක් පවතින නිසා අපනයනය සඳහා අප රට තුළ දැනට අභිජනනය කරනු ලබන සීමිත මත්ස්යය වර්ග කීපයට වුවත් අඛණ්ඩ ඉල්ලුමක් පවතී. නමුත් රට තුල පවතින තත්වය නම් ඉහත දැක්වූ සියළු හේතුන් නිසා ඉතා කණගාටුදායක තත්ත්වයක පවතීයී.

එකී සියලු හේතූන් රාජ්යය මට්ටමින් විධිමත්ව යාවත්කාලීන කොට රට තුළ සිටින විසිතුරු මත්ස්යය වගා කරුවන් යළි "පුනර්ජීවනය" කරවීම පිණිස අවශ්යයතාවය ඇති මුත් විවිධ මව් සතුන් ලබා ගැනීමට පවතින දුෂ්කරතා නිසා කණස්සල්ලෙන් පසුවන අභිජනන කරුවන්ට ධීවර අමාත්යාංශයේ මැදිහත් වීමෙන් "නාරා" වැනි ජලජීවී පර්යේෂණ ආයතන හරහා පිටරට වලින් අවශ්යය මව් සතුන් ගෙන්වා සහන දායක ලෙස බෙදා දිය හැකි නම් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද දැනටත් වඩා උසස් දියුණුවක් මෙම කර්මාන්තය තුලින් දැකීමට හැකිවන බව "අනාවැකියක්" ලෙස නොබියව ප්රකාශ කළ හැකිය.

------------------------------------------------------------------

එසේ නම් දැන් අප "මලාවි" අභිජනන පාඩම වෙත යොමුවෙමු.

"මලාවි" මසුන් අභිජනනයෙහි යෙදවීම සඳහා පරිසර තටාක පිළියෙළ කිරීම :-

පරිච්ඡේද 38 ම රු. 240.00 කට ලබාගන්න

39 : මසුන්ට ආවේණික වර්ධක සටහන් සහ ජීවන කාලය (ආයුෂ) සාමාන්ය

විසිතුරු මසුන්ගේ ශරීර වර්ධනය එක් එක් විශේෂයන්ට ආවේණික මෙන්ම විශේෂ අතර සිටින යම් යම් වර්ගයන්ටද ආවේනික වූ තත්වයන් මත රඳා පවතී. ඒ වගේම මින් මැදුරු තුළ ජීවත්වන සහ ස්වාභාවික පරිසරයන්හි වෙසෙන එකම වර්ගයේ විශේෂ අතරද ශරිර ප්රමාණයන්ගේ පරස්පර වෙනස්කම් තිබිය හැක. ස්වභාවික පරිසරයන් තුළ වැඩෙන මත්ස්යයකු තරමට මින්ජල තටාකයක් තුළ සිටින මත්ස්යයෙකුගේ වැඩීම බලාපොරොත්තු වීම අසීරුය. නමුත් පවතින තත්ත්වය මින් මැදුරු කර්මාන්තයට බාධාවක් වී නොමැත.

විවිධ කාල පරිච්ඡේදයන්හිදී වෙළඳ පලට අනුකූලව ඔබගේ අභිජනන (බෝකිරීමේ) ක්රියාදාමයන්ද යම්‚ යම් මත්ස්යය වර්ග අනුව වෙනස් කිරීමකට වුවද තුඩුදිය හැකි බැවින් විවිධ මසුන් පිළිබඳවත්‚ විවිධ තොරතුරු පිළිබඳවත් අවබෝධය තිබීම වැදගත්ය. එම නිසා මෙහිදී ඔබගේ සාමාන්ය දැන ගැනීම පිණිස එක්‚ එක් විශේෂයන්ගේ වයස් සීමාවන් අනුව ශරීර වර්ධනය සිදුවන ආකාරය පිළිබඳ (මසුන්ගේ උස‚ පලල දැක්වීම අසීරු බැවින් දිග පමනක්) වූ දළ පරාසයක් පහත දක්වමි.

වයස මාස වලින්ද‚ ශරීර දිග සෙන්ටි මීටර (cm) වලින්ද දැක්වේ.

===============================

=

=

=

=

===============================

සැලකිය යුතුයි :- අයහපත් නඩත්තුව‚ පෝෂණය සහ ඉඩකඩ සැපයීම තුළ මෙම තත්ත්වයන් වෙනස් විය හැක.

සාමාන්යයෙන් ඉහත මත්ස්යය විශේෂ තුළ සිටින එක්‚ එක් වර්ග අනුව වයස මාස 18-24 පමණ ඉක්මවූ පසු එවකට වැඩී ඇති ශරීර ප්රමාණයේ උපරිමය ඉක්මවා කෙතරම් වයස ගත වුවද වර්ධනයේ වෙනසක් ඇති නොවේ. ඒ වගේම ඉහත දක්වා ඇති දළ වගුවේ සඳහන් විශේෂ අතර සිටින එක්‚ එක් වර්ග අතර වර්ධක වෙනස්කම් පවතිනු ලැබේ.

උදාහරණය ලෙස දක්වන්නේ නමි "ගුරාමි" වර්ගයේ ඩෝෆ් ගුරාමි (Dawf Gourami) "කුරුමිටි" නැතහොත් "අඟුටුමිටි" ගුරාමින් කෙතරම් වයස ගත වූවද සෙන්ටි මීටර් 4.5 / 5.0 කට පමන වඩා විශාල වන්නේ නැත. මොලී‚ සික්ලිඩ්‚ මලාවි‚ බාබ් වැනි විශේෂයන්ගේ වර්ග අතරද මෙවැනි වෙනස් කම් දක්නට ඇත.

මීළඟට ඔබේ සාමාන්යත දැන ගැනීම පිණිස එක්‚ එක් මත්ස්යය විශේෂ දිගු කාලීනව අභිජනනයෙහි යෙදවීමේදී වඩාත්ම උචිත කාල පරාසයන් සහ ජීවත්වීමේ ආයු කාලයන් පිළිබඳ දල විවරණයක්ද පහත දක්වමි.

===============================

=

=

=

=

===============================

සැලකිය යුතුයි :- අයහපත් නඩත්තුව සහ පෝෂණය මත මෙම කාල පරාසයන් පහළ බැසිය හැක.

ඉහත දැක්වූ වගු දෙකින් ආධුනිකයින්ගේ පහසුව තකා අවබෝධයේ සාමාන්ය වශයෙන් පිහිටුවා ගත යුතු තත්ත්වයන් ගොනු කර දක්වා ඇති නමුදු මෙම සියලුම තත්ත්ව පරාසයන් මීට වඩා සුළු වශයෙන් අඩු වැඩි විය හැක. කෙසේ නමුත් ඉහත වගුවේ සඳහන් විසිතුරු මත්ස්යය විශේෂයන් අභිජනනයෙහි යෙදවීම සහ ජීවත් වීම තුළ උපරිම වටිනාකම් ඇති කාල සීමාවන් දළ වශයෙන් මෙසේ පෙන්වා දිය හැකි අතර මෙම කාල පරිච්ඡේදයන් ඉක්මවීම අභිජනනය (බෝකිරීම) වශයෙන් සලකා බැලූ කල ප්රිතිඵල ඉතාම අඩු වූද‚ ජීවත්වීමේ ආයුෂ වශයෙන් සලකා බැලූ කළ මල මත්ස්යයකු ජීවත් වනවා වැනි තත්වයකට වඩා වැඩි යමක් කීමට නැත.

එම නිසා අභිජනන කරුවකු වශයෙන් ගත් කළ මට ඔබට මෙහිදී ලබා දීමට ඇති උපදේශය නම් අභිජනනය සඳහා සුදුසු නොවූ වහාම එම මසුන් ගොවිපළේ අභිජනන (බෝකිරීමේ) කටයුතු වලින් බැහැර කර විනෝදය සහ අලංකාරය සඳහා විසිතුරු මසුන් ඇති දැඩි කරනු ලබන්නන්ට අලෙවි කිරීම පිණිස මින්මැදුරු අලෙවි හල් වෙත නිකුත් කිරීම හෝ ගොවිපළ තුළදීම හෝ අලෙවි කර දැමීම කළ යුතුය.

මෙසේ ඉවත් කරන සෑම මව්/පිය මත්ස්යයකු නිසාම තම ගොවිපල තුළ ඇතිවන චක්රානුකුල අභිජනන ක්රියාවලියේ සැලැස්ම තුල ඇතිවන පුරප්පාඩුව මඟහරවා ගැනීම පිණිස කල් ඇතිව තෝරා පෝෂණය කරමින් තබාගෙන සිටි නාඹර වූ නිරෝගි මසුන් ආදේශ කර ගත යුතුය.

* මෙය නිරන්තරම දක්ෂ ව්යාපාරික අභිජනන කරුවෙකු (විසිතුරු මත්ස්යය ව්යවසායකයෙකු) තුළ පිහිටා තිබිය යුතු ලක්ෂණයකි.

යම් ලෙසකින් මේතාක් කල් එවැනි කල්පනාවක් ඔබ තුළ නොතිබුණා නම් මින් මතු හෝ එම ධනාත්මක චින්තනය ධාරණය කොට ගන්න.

---------------------------------------------------------

සටහන :-

නමුත් මෙහිදී ප්රතිපත්ති ගරුක යමෙකුගේ සිත තුළ නැගෙන උසස් අදහස් වෙනස් කිරීමට නොපෙළඹෙන මා එවන් මත්ස්යසයෙකු මිය යන තුරුම (ගොවිපොළේ ඉඩ කඩද අහුරා ගනිමින්) තමා රක්ෂා කළ යම් මත්ස්යයකු තබා ගැනීම වරදක් සේ නොදකිමි. නමුත් ව්යාපාරික සහ යතාර්ථය යන කරුණු දෙක හමුවේදී මතුවන ප්රායෝගික තත්ත්වයන් පැහැදිලි කිරීම උපදේශකයෙකු වශයෙන් මාගේ යුතුකම වේ.

සම්පූර්ණ පරිච්ඡේදයම නොමිලේ බාගත කරගන්න

40 : මත්ස්යයින්ට ආහාර සැපයීම

මසුන්ට ආහාර සැපයීම කොතරම් වැදගත් කටයුත්තක් වුවත් එයට හිමිවන්නේ දෙවැනි ස්ථානයකි. මන්ද යත් නිසි ලෙස ඔක්සිජන් සංකලනය වී පදමට සැකසුණු ජලය නිසි (PH) අගයෙන් සහ නිසි උෂ්ණත්වයෙන්ද සමන්විත නොවුවහොත් මසුන්ට එවැනි ජල පරිසරයක් තුළ වැඩි වේලාවක් ජීවත් වීමේ හැකියාව නොමැති වන බැවිනි. නමුත් මසුන්ට ආහාර නොමැතිව දින ගණනාවක් වුවද නිරාහාරව ඉතා හොඳින් ජීවත් වීමේ හැකියාව ස්වභාවයෙන්ම ලැබී ඇත.

කෙසේ නමුත් මසුන් (බෝකිරීමේ) අභිජනන ව්යාපෘතියක් පවත්වාගෙන යන්නකු මසුන්ගේ යහපත් වර්ධනය‚ පෝෂණය සහ බෝවීමේ කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නියමාකාරයෙන් ආහාර සැපයීම ඉතා වැදගත් නිසා මෙහිදී අප ඒ පිළිබඳ උගනිමු.

ඊට ප්රථම මතක් කර තැබිය යුතු තවත් වැදගත් පණිවිඩයක් වනුයේ යම් ලෙසකින් ඔබ බැහැරක යන්නේ නම් ඒ මුළු කාලය සඳහාම සෑහෙන පරිදි මසුන්ට ආහාර දමායාම කිසි විටෙකත් නොකරන්න. එසේ වුවහොත් එම ආහාර තටාක තුල නරක් වීම නිසා (එහිදී ජලය තුල ඇමෝනියා බහුල වේ) ඔබ ආපසු පැමිණෙන විට සියලු මසුන් මිය ගොස් සිටීමට වුවද ඉඩ ඇත. එහෙයින් හදිසියේ හෝ ඔබට බැහැර වීමට අවශ්යතාවයක් ඇතිවූ යම් විටක ගත යුතු සුදුසුම ක්රි‍යා මාර්ගය වනුයේ දැනුම් තේරුම් ඇති සහකරුවකු ඔබට ඇත්නම් එම කාර්යය ඔහුට පවරා යාම හෝ එසේ නොමැති නම් ඔබ බැහැරට යන අවස්ථාවේ සුළු ප්රමාණයක් ආහාර ලබා දී ඉතිරි කාලය තුළ නිරාහාරව සිටීමට සලස්වා යාමයි.

වෙනත් සමහර සතුන් මෙන් මසුන් ආහාර ගබඩා කර තබාගෙන බුදින්නන් නොවෙති. ඒ වගේම ගොඩ ගහගෙන ආහාර බුදින්නන්ද නොවෙති. මසුන් ඉතාම සීමිත ආහාර ප්රමාණයක් ගන්නා සත්ව කොට්ඨාසයකි. ඒ වගේම මසුන් ආහාර ගන්නා සෑම වාරයක්ම ඉතාම ප්රිය ජනකව ආරම්භ කර ඉතාම සුළු වෙලාවක් තුලදී අත්හැර දමන්නන් වෙති. බොහෝ විට මසුන්ගේ ආහාර ගන්නා වේලාව විනාඩි (2/3 කට) දෙක/තුනකට වඩා වැඩි නොවන්නේය. එයද රංචුව තුළ සිටියදී ඇති වන තරඟ කාරීත්වයක් නිසාය. තරඟ කාරීත්වයක් නැත්නම් ආහාර ගැනීමට මසුන් ඉතාම උදාසීන භාවයක් දක්වන්නේය. එම නිසා මසුන්ට ආහාර සැපයුමටත් වඩා මත්ස්යයින් ජීවත්වන පරිසරය ක්රමවත් ලෙස පවත්වාගෙන යෑම වර්ධනයට අතිශයින්ම බලපාන්නක් බව තරයේ මතක තබා ගත යුතුය.

මසුන්ට ආහාර සැපයීමේදී වැඩි වාර ගණනක් තුළ අඩු ප්රආමාණයක් බැගින් ලබා දීම සාර්ථක ක්රමයකි. එහිදී ඇතිවන තරඟකාරී භාවය නිසා වැඩි ආහාර ප්රමාණයක් අනුභව කිරීම තුළ මසුන්ගේ ශරීර වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරවිය හැක. සාමාන්යයෙන් කුඩා පැටවුන් සඳහා දිනකට පස් (5) වතාවක් පමණ ආහාර සැපයීම සුදුසු වන අතර වර්ධිත මසුන් සහ මව් සතුන් සඳහා දිනකට තුන් (3) වරක් පමන ආහාර සැපයීම සුදුසුය.

මසුන් අතර නානා විධ ගති පැවතුම් ඇති විශේෂද සිටිනා බැවින් ඉතාම සීමිත මත්ස්යඇ වර්ග කිහිපයක් පමණක් තරඟකාරී ලෙස ආහාර සඳහා නොපෙළඹෙන අතර‚ ආහාර පිළිබඳ කිසිම ගණන් ගැනීමක් නොපෙන්වා (ආහාර සපයන අභිජනන කරු පවා ඉවත් වන තුරු) සිට සැඟවී සිටිනා ස්ථාන වලින් එළියට පැමිණ ආහාර බුදින්නන්ද ඇත්තේය. මේ සඳහා විශේෂයෙන්ම හඳුන්වා දිය හැක්කේ "මලාවි" විශේෂයන්ය. සමහර "සික්ලිඩ්" වර්ග තුළද මෙම ලක්ෂණ දක්නට ඇත. මෙවැනි මසුන්ට ආහාර සැපයීමේ ප්රනමාණයන් තේරුම් ගැනීමට තටාක තුළ සිටින මසුන් ගණන මෙන්ම‚ දින ගණනාවක් තුළ අධ්යනයනයකින් සහ සුපරීක්ෂාවෙන් යුතුව ආහාර සැපයීමෙන් අවබෝධ කරගත යුතු තත්ත්වයකි.

නමුත් ආහාර දැමූ විගස ඒ සඳහා එක් රොක් වන අනිකුත් සියලු විශේෂ සඳහා ආහාර යෙදිය යුතු ආකාරය ඔබට එම විනාඩි දෙක/තුන (2-3) තුළදීම වුවද තේරුම් ගැනීම අපහසු නොවනු ඇත.

මීළඟට මසුන්ට ආහාර සැපයීමේදී එය අපට කාණ්ඩ තුනකට වෙන් කර දැකිය හැකි අතර එය පහත සඳහන් පරිදි වේ.

1. කුඩාම පැටවුන්ගේ ආහාර අවස්ථාව

2. වර්ධිත මසුන්ගේ ආහාර අවස්ථාව

3. අභිජනනයෙහි යොදවන මව් සතුන්ගේ ආහාර අවස්ථාව

මසුන්ගේ මෙම ආහාර අවස්ථා තුන පිළිබඳ ඇති වෙනස පාඩම තුළදී විග්රහ කිරීමට පෙර මසුන්ට ආහාර පිනිස ලබා දිය හැකි ද්රව්යරයන් පිළිබඳ ඇති තොරතුරු මොනවා දැයි විමසා බැලීමක්ද කර සිටිමු.

සුරතලයට සහ විසිතුරු බව සඳහා නිවෙස් තුල තබා ඇති මින් ජල තටාකවල නැතහොත් සුරතල් මත්ස්ය ටැංකිවල සිටින මසුන් ජීවත් කරවීම සඳහා වෙළඳ පොලේ බහුලව ඇති "පෙළට්" / "ෆ්ලේක්ස්" / "ඩ්රයි වර්ම්ස්" වැනි කල් තබා ගත හැකි වන ලෙස පිළියෙල කර ඇති පොදු මත්ස්ය ආහාර ලබා දිය හැකිය. නමුත් දිගින් දිගටම මසුන් (බෝකර) අභිජනනය කර වෙළඳ පලට නිකුත් කිරීමේ අදහසින් ව්යාපාරික පදනමක් මත මසුන් ඇති දැඩි කරන අයෙකු ළඟ එකතු කර සිටින සෑම තරාතිරමකම මසුන් සඳහා වෙන්‚ වෙන් වූ ආහාර වර්ග සහ වට්ටෝරු ගණනාවක් තිබෙන අතර ඒවා පහත සඳහන් ලෙස ප්රභේද කර දැක්විය හැකිය.

* ජීවී අහාර වර්ග. (14 ක් පිළිබඳ තොරතුරු දැන ගන්න)

* සත්ව ප්රෝටීන් අඩංගු (අජීවී) ආහාර වර්ග.

* ඛනිජ ආහාර වර්ග.

* අමුද්රව්ය යොදා (තමුන්ටම) පිළියෙල කර ගත හැකි සාන්ද්ර ආහාර වර්ග (මෙම ග්රන්ථයේ කතුවරයා විසින් දශක ගණනාවක තම අත්දැකීම් තුල වට්ටෝරු ගත කළ මත්ස්යය ආහාර වර්ග ලැයිස්තු ගණනාවක්) මෙහි දක්වා අැත.

* නියමිත ප්රමිතියට අනුව සකස් කර (විවෘත වෙළඳපළ තුළ) හඳුන්වා දී ඇති විසිතුරු මත්ස්යය ආහාර වර්ග.

කෙසේ වෙතත් දශක ගණනාවක අත්දැකීම් බහුල මා හට ඉතා කණගාටුවෙන් මුත් පැවසිය යුතුව ඇත්තේ විදේශ විනිමය උපයන මෙම වටිනා කර්මාන්තය හමුවේ විසිතුරු මත්ස්ය අභිජනන කරුවන් හට තම ගොවිපලෙහි පරිහරණය සඳහා අවශ්යයය නිසි පෝෂණයෙන් අනූන ඵලදායක මත්ස්යෝ ආහාර නිෂ්පාදනය පිළිබඳ රජයේ අදාළ අංශ තුළ පවතින ආකල්පය ඉතාම අනවබෝධමත් තත්ත්වයකි.

මේ පිළිබඳ මා විසින් අදාළ රාජ්ය අංශ වෙත කොතෙකුත් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති මුත් ඒවාට ලැබුණු ප්රතිචාරය වූයේ (කොහෙද යන්නේ මල්ලේ පොල්) වැනි තත්ත්වයකි. නැතහොත් (බීරි අලියට විනා ගැහුවා) වැනිය.

කෙසේ වෙතත් මේ වන තුරුත් සාර්ථක අභිජනන කරුවන් තම ගොවි පොළවල් අති සාර්ථකව පවත්වාගෙන යනුයේ තමන් විසින්ම සාදා ගනු ලබන පෝෂනයෙන් වැඩි මිලෙන් අඩු සජීවී සහ අජීවී මත්ස්යත ආහාර වලින් නිසා ඔවුන් හට ඉහත දැක්වූ ප්ර ශ්න තමන්ගේ ඉදිරි ගමනට ගැටලුවක් වී නොමැත.

නමුත් ජාතික වශයෙන් ගත්කළ මෙය මහා අරබූදයක් බව අවධාරණය කළ යුතුය.

රජය මගින් නිසි අධිකාරි බලයක් ලබා දෙන්නේ නම් හෙට සිට වුවද... වසරක් ඇතුළත රට පුරා ("ආටීමියා"/"Artemia" සහ "ටියුබිෆෙක්ස්" "Tubifex" වැනි) සජීවී මත්ස්යය ආහාර සුලභ කර "ධන ඉල්ලම්" පෙන්වීමේ අභියෝගය භාර ගැනීමට කතුවරයා නොබියව සැදී පැහැදී සිටියී.

බාලගිරි දෝෂයක්ව ඇති එම යෝජනා අනාගතයටම බාරදී අප දැන් යලිත් පාඩමට අවතීර්ණ වෙමු.

------------------------------------------------------------

විසිතුරු මසුන් බෝකිරීමේ කර්මාන්තයේ යෙදී සිටිනා මහ පරිමාන සහ සුළු පරිමාන ව්යවසායකයින් හටද‚ ස්වයං කර්මාන්තයක් ලෙස නිවසේ ගෙමිදුලේ පවත්වාගෙන යන විසිතුරු මත්ස්යය ව්යාපාරයන් හටද වර්තමානය වන විටත් පවතිනා උග්රතම ගැටළුව වී අැත්තේ වෙළඳ පොලේ මව්පිය මසුන් ස‍ඳහා උචිත නිසි පෝෂනයෙන් යුතු විධිමත් අාහාර නොමැති කම පිලිබඳ ප්රශ්නයයි.

මේ වන විට යම් යම් අාහාර වර්ග කීපයක් පැවතුනත් ඒවා මිලට ගෙන මසුන් අැති දැඩි කර වානිජමය අාර්ථික වාසියක් අත්කර ගැනීම දුෂ්කර කටයුත්තක්ව අැත.

එම නිසා මෙම ග්රන්තයේ කතුවරයා දශක ගනනාවක් තුල තම ගොවිපලේ අැති දැඩි කල මසුන් සඳහා තම නිවසේ තම කුස්සියේ තම මවගේ සහ භාර්යාවගේද උදව් අැතිව සිදු කරනා ලද විවිධ පර්යේෂන ඔස්සේ මෙම පරිච්ඡේදයේ දක්වා අැති විවිධ මත්ස්යය අාහාර වට්ටෝරු ඉතාම සාර්ථක ලෙස මසුන් සඳහා භාවිතා කොට අත්දුටු ප්රථිපල ලබා අැත.

එමෙන්ම ඒ සමහර මත්ස්යය අාහාර සකස් කිරීමට උපයෝගී කොටගෙන අැත්තේ නිවසේ ඉතිරි වන සහ ඉවත ලන අපද්රව්යය භාවිතාවෙනි.

එම නිසා මෙම මත්ස්යය අාහාර වර්ග නිෂ්පාදනය සඳහා වැය වී අැති මුදලද ඉතාමත් අල්පය. ඒ හේතුව නිසා මත්ස්යයෙකු නිසි වයසට පැමින අලෙවි කරනා තුරු එම මත්ස්යයා වෙනුවෙන් වැයවී අැති අාහාර වියදම ශත ගනනක් නැතහොත් ඉතාමත් අල්ප මුදලක් වීම නිසා තරඟකාරී වෙළඳ පල තුල මෙම උපදේශකවරයාගේ වත් පිලිවෙත් අනුගමනය කරන්නන් හට අාර්ථික වශයෙන් ඉහල ලාබ ප්රයෝජන සහ අපද්රව්යය කළමණාකරනයටද මහඟු පිටුබලයක් මෙමගින් අත්කර ගත හැකිවනු අැත.

පරිච්ඡේද 40 ම රු. 380.00 කට ලබාගන්න

41 : මත්ස්‍යය රෝග සහ ප්‍රතිකාර

පුරා වසර (25) විසි පහකට අධික කාලයක් තුළ‚ ලාබාල කාලයේ අති ප්‍රියංකර විනෝදාංශයක් ලෙසද‚ වයසින් මෝරා වැඩෙත්ම විනෝදාංශයක් මෙන්ම ආර්ථික වශයෙන්ද ප්‍රතිලාභ ලබන ලාභදායක ව්‍යාපාරයක් ලෙසද යන මේ කරුණු දෙකම හමුවේ මසුන් අතර උඩුතල‚ යටිතල දේශගුණික මෙන්ම පාරිසරික වෙනස්කම් සහ නොවෙනස්කම් හමුවේ ඒකාකාරයෙන් ගැවසී ඇති මා පරිච්ඡේද 41 කින් යුත් මෙම කෘතියේ පිටු (250) දෙසීය පනහකට අධික ප්‍රමාණයක් තුළ විස්තර කර ඇති සියලු තොරතුරු ඇසූ දුටු දේ සහ අත්දැකීම් අළලා සටහන් කල සත්‍ය තොරතුරුය.

"මසුන් පිළිබඳ සියලු වැදගත් තොරතුරු ඉගෙන ගත්තා. නමුත් ලෙඩ රෝග ගැන ඉගෙන ගන්නේ නැතුව කොහොමද අපි මාලු හදන්නේ"

මේක තමයි ඊළඟට මගේ දයාබර ආධුනිකයින් හට තියෙන ලොකුම ප්‍රශ්නය..? එහෙම නේද..!

ආධුනික ඕගොල්ලෝ ඒ කිසි දෙයකට බයවෙන්න එපා. ඒ හැම ප්‍රශ්නයකටම මා ළඟ අත්දැකීම් තුළින් එකතු කර ගත් විසඳුම් ඕන තරම් තියෙනවා.

අනිවාර්යෙන්ම ඕගොල්ලො හැම එක්කෙනෙක්ම මෙහි දක්වා අැති පරිදි තමන් හට කැමති සාමාජිකත්වයක් ලබාගෙන හඳුනා ගැනීමේ අංකයක් ලබා ගන්න.

එවිට මගේ මනස හොඳ සිහියෙන් පවතින තාක් කල් මෙම කෘතියේ විග්‍රහ කර ඇති කරුණු වලට සහ ඊට පරිබාහිරව ඔබට මතු වන ගැටලු සම්බන්ධයෙන් මම ඔයාලා සමග සක්‍රීය දායකත්වයෙන් යුතුව උපදේශයෙන් බැඳිලා සිටිනවා.

මෙම ග්‍රන්ථය ලියා මේ රට තුළ ප්‍රචලිත වී මේ වන විට වසර විස්සක් පමණ ගතව ඇති අතර මේ නිසා මෙරට තුළ බිහිවී ඇති අභිජනන කරුවන් සහ අපනයන කරුවන් අප්‍රමාණය. ඒ කිසිවෙකු තුලින් මා හට මේ වනතුරු කිසිදු විවේචනයක් ලැබී නාෙමැති වීම ඉමහත් සතුටට කරුනකි.

ඉන් සමහරක් දෙනා මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර තවත් සමහරු එසේ ප්‍රකාශ නොකර සිටී. කීර්ති ප්‍රශංසා පිළිබඳව උමතුවක් නොමැති මා හට අවශ්‍යව ඇත්තේ විසිතුරු මත්ස්‍ය වගාව පිලිබඳ තොරතුරු සහ තාක්ෂනික දැනුම සොයනා සියල්ලන් හට අවශ්යය දැනුම සහ මඟ පෙන්වීම ලබා දී ක්ෂේත්රය රට තුල කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට දායක වීම පමනි.

එමෙන්ම මා එසේ පරහිත කාමී ලෙස සිතන්නේ කුඩා කල සිට විසිතුරු මසුන් පිළිබඳ දැනුම ලබා ගැනීමට පැවති දුෂ්කරතා කෙතරම්දැයි මා ඉතා හොඳින් දන්නා නිසාය.

එකල සිටි පාරම්පරික අභිජනන කරුවන් සුරතල් මසුන් බෝකිරීම පිළිබඳ සියලු තොරතුරු "ගුරු මුෂ්ටියක්ව" තබා ගෙන ඒවා තවත් කිසිවෙකුට කියලා නොදී සදාතනික රහස් ලෙස පවත්වා ගෙන යාම නිසා මෙම සුන්දර වූ වටිනා කර්මාන්තයේ ව්‍යාප්තිය ඉතාම මන්දගාමී තත්ත්වයකට පත්විය.

පැවති කටුක අතීතය එසේ වුවත් ඒ අතීතයෙන් බැට කෑ මා මගේ වයස ගෙවා අවබෝධ කරගත් මෙම විෂය පිළිබඳ දැනුම‚ තාක්ෂනය දිනෙන් දින වෙනස් උවත් සොබාදහමේ මූලාශ්රයන් ස්ථාවරව පවතිනා බැවින් නවීන ලෝකයේ වත්මන් මතු පරපුර වෙනුවෙන් දශක දෙකකට පසු යලිදු වතාවක් ඩිජිටල් තාක්ෂනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිග හැරීමට කල්පනා කළේ මෙසේය.

එසේ නම් අප දැන් යළිත් පාඩමට පිවිසෙමු.....

මත්ස්‍යය රෝග සහ ප්‍රතිකාර

=====================

හොඳයි කෙසේ නමුත් මත්ස්‍ය රෝග හමුවේ ආරම්භක අවස්ථාවේදීම ඔබට ඇතිවූ අනියත බිය පහ කරලීම මගේ යුතු කමක් මෙන්ම වගකීමක් බැවින් මෙම මාතෘකාව නැතහොත් පරිච්ඡේදය දිගින් දිගට ගෙන යාමට පෙරාතුව මා හට ඔබට පැවසිය යුතු වැදගත්ම කරුණ වනුයේ අවබෝධයෙන් යුතුව සිදු කරනා යහපත් පාලනයත්‚ යහපත් නඩත්තුවත් තුළ වසර විසිපහකට අධික කාලයක් පුරා පවත්වාගෙන ආ මගේ විසිතුරු මත්ස්‍යය ඉතිහාසය තුළ ඉතාම සීමිත අවස්ථාවන් කිහිපයක් හමුවේ හටගත් සාමාන්‍ය රෝග කාරක තත්වයක් හැරුණු කොට සියල්ල නැතිවී‚ වැනසී යන තරමේ දරුණු වසංගතකාරී තත්වයක් පිළිබඳ කියන්නට කිසිදු සිදුවීමක් නොමැති වූ බව පමණක් ආපසු හැරී බලා ප්‍රකාශ කර සිටිය හැක.

"දියට බසින්නේ නැතිව කිසිදාකත් පිහිනීමට උගත නොහැක" ඒ වගේම "මුහුද හත් ගව්වක් දුර තිබියදී අමුඩ ගැසීමත්" තේරුමක් නොමැත.

ඉතින් මගේ හිතාදර ආධුනික පාඨක ලෝලීන් සැමට මා මෙහිදී නැවතත් කියා සිටිනවා මූලාරම්භයේදී දැක්වූ පරිදි අදාළ මංගල කාරණා 4 න් ඔබ පරිපූර්ණ යැයි සිතේ නම්‚ ඒ වගේම මා විසින් පිළියෙළ කරදුන් ස්වයං ප්‍රශ්නෝත්තර පරීක්ෂණයෙන් ඔබ සමත් නම් ක්ෂේත්‍රයට නොබියව අවතීර්ණ වන්න. ඉන් පසුව පැමිණෙන සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය නොඅඩුව ඔබට ලැබෙනු ඇත. ඉහත පළමු උදාහරණය මගින් "දියට බසින තුරු පිහිනිය  නොහැකි" බව පෙන්වා සිටියේ ඒ නිසාය. එහෙම නැතුව අරක උනොත් මොකද කරන්නේ‚ මේක උනොත් මක්කද කොරන්නේ කියලා හිත‚ හිතා පස් මහ බැලුම් බල‚ බලා ලතැවෙමින් සිටින්න එපා. ඒ වගේම ක්ෂේත්‍රයට නිසි ලෙස අවතීර්ණ වන්නටත් පෙරාතුව පොත් පෙරළ පෙරළා ලෙඩ රෝග මොනවාද‚ ප්‍රතිකාර කවරේදැයි සෙවීම හරියට "මුහුද හත් ගව්වක් දුර තිබියදී අමුඩ ගැසීමක්" නොවන්නේද..!

ක්ෂේත්‍රයට අවතීර්ණ වී කාලයක් ගතවන විට විවිධ ආකාරයේ අත්දැකීම් ලබමින් ලෙඩ රෝග හඳුනාගන්නා විට ඊට යෙදිය යුතු පිළියම්ද නිතැතින්ම අවබෝධ වේ.

එවන් ගැටළු ඇති වුවද මින් මතු මා ඔබ සැම සමග නිරන්තරවම සබැඳිව සිටිනා නිසා අනියත බියක් තබා ගැනීමද කිසිසේත් අවශ්‍යය නොවේ.

ඒ නිසා අප දැන් මූලිකව විසිතුරු වූ ඔබේ සුරතල් මසුන්ගේ රෝග කාරකයින් කවුදැයි හඳුනාගෙන සිටිමු.

* බැක්ටීරියා (Bacteria)

* දිලීර (Fungus)

* පරපෝෂිත (Parasit)

* වෛරස් (Virus)

ඉහත දැක්වූ එක්‚ එක් රෝග කාරකයා විසින් මසුන්ට ඇති කරනු ලබන ආසාදන කවරේදැයි අනුපිළිවෙළින් අවබෝධ කර ගැනීමට පෙර ඒවාට පිළියම් ලෙස බහුතරයක් සාර්ථක මත්ස්‍යය අභිජනන කරුවන් තමන් ළඟ සන්තකයෙහි තබාගෙන සිටින යම්‚ යම් රසායනික ද්‍රව්‍යයක් කීපයක් ඔබද පිළියෙල කරගෙන තිබිය යුතුය. යම් ආසාදනයක් ඇති වූ කල්හි ඊට අවශ්‍ය ද්‍රව්‍ය සොයනවාට වඩා ආරම්භයේ සිට සූදානම් කරගත් පිළියම් තිබීම බුද්ධි ගෝචර වේ.

නමුත් කනගාටුවෙන් මුත් මෙම වටිනා කර්මාන්තය සඳහා අදාළ රෝග සහ රෝග කාරකයන් නම් කර ඒවාට ප්‍රත්‍යක්ෂ පිළියම් ලෙස නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇති ඖෂධ වර්ග කිසිවක් (වර්ෂ 2019/වර්තමානය වන විට) පුද්ගලික අංශයේ සීමිත වර්ග කිහිපයක් හැනු තොට මේ වන තුරු දේශීය වශයෙන් පවතින ජාතික ජල ජීවී පර්යේෂණ ආයතන මගින් නිපදවා ඇති බවක් දක්නට නැති බවද ප්‍රකාශ කළ යුතුය.

එම නිසා මෙම ක්ෂේත්‍රයේ මුල සිට අග දක්වාම "තම හිසට තම අතමය සෙවනැල්ල" යන පිරුළ සනාථ කරමින් තමාටම තම භෞතික තත්ත්වයන් පිළිසකර කර ගැනීමට සිදුව තිබීම අතීතයේ සිට වත්මන් කාලය දක්වාම පවතින්නා වූ සාමාන්‍ය තත්වයක් වී ඇත. එය බෙහෙවින් කණගාටුවට කරුණකි. නමුත් ඒ ගැටළු කිසිවක් මා අැතුළු පැරැන්නෝ මෙතෙක් අා මග වලක්වන්නට අසමත් විනි. ව්යවසායකත්වය යන්නෙහි නියම අරුත එය බව වත්මන් ලාබාලයින් පූර්වාදර්ශයට ගන්නේනම් ඔවුන්ගේ අනාගතයේ සාර්ථකත්වය නියතය.

නමුත් මෙම කෘතිය පිළියෙළ කිරීම තුළ පවතින්නා වූ බොහෝමයක් අරමුණු සාක්ෂාත් වීමේදී විසිතුරු මත්ස්‍යය ක්ෂේත්‍රයේ හෙට දවස නැතහොත් ඉදිරි අනාගතය දියුණු තත්වයක් කරා යොමු කරවීමේ ඇති වැදගත්කම (වර්ෂ 2019 වූ) මේ වන විට වග කිවයුතු සියල්ලන් නිසි ලෙස තේරුම් බේරුම් කරගෙන ඇතැයි යන්නද මෙහිදී මා දැඩි ලෙස විශ්වාස කරමි.

කෙසේ වෙතත් කවුරුවත් පිළිබඳ වැඩි විශ්වාසයක් තබා බලා සිටීම මා මෙන්ම මෙම විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයේ යෙදුණු පැරැන්නෝ කිසිවෙකු තුළ දක්නට නොවීය. අන්න ඒ ආභාෂය තුළ එසේ නම් අපද අනාගතයේදී පහසුකම් ලැබෙන තුරු බලා නොසිට මේ සඳහා අවශ්‍ය අත් බෙහෙත් පිළියෙල කර ගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යයන් හැකි අවම ප්‍රමාණයන්ගෙන් මිලට ගෙන එමගින් අදාල සාන්ද්‍රණයන්ගෙන් යුක්ත තනුක ද්‍රාවණයක් (Stock Solution) බැගින් සාදා පිළියෙල කරගෙන පාවිච්චි කිරීම සුදුසුය.

ඒ සඳහා පහත සඳහන් රසායනික ද්‍රව්‍යයන් සහ මිනිස්සුන්ගේ පරිහරණය සඳහා භාවිතා කෙරෙන බෙහෙත් කරල් (Capsuls) වර්ග කීපයක් බැගින් මිලට ගෙන තබා ගන්න. මේ සඳහා මූල්‍ය පහසුකම් හීන අය අඩු තරමින් (අයඩින් රහිත/අයඩින් රහිත කිරීමට ලුනු කැට දැඩි අව් රශ්මියෙන් වියලා ගන්න) දියලුණු කැට පැකට්ටුවක් වත් තබා ගන්න. මන්ද යත් බොහෝ විට මසුන් සඳහා පවතින බොහොමයක් ආසාදන තත්වයන් දියලුණු මිටක් දෙකක් තටාකයට (පවතින ජල පරිමාවට සාපේක්ෂව) දැමීමෙන් මර්දනය කර ගැනීමේ හැකියාවද පවතින බැවිනි.

අදාළ බෙහෙත් වර්ග පිළියෙල කර ගැනීමේදී ආධුනිකයින් තුළින් සිදුවිය හැකි අන්තරාකාරී අවස්ථා මග හරවනු සඳහා එහි සාන්ද්‍රණය (1000 PPM) ලෙස එනම් ජලය ලීටරයට ග්‍රෑම් (01) එකක් වන ලෙස දක්වා ඇතත් අවබෝධය සහ අවදානම දත් අය එම මාත්‍රාව තව දුරටත් තනුක කර ගැනීම ගැටළුවක් නොමැත. නමුත් පරිහරණයේදී උපදෙස් අනුමත පරිදි පිළිපැදිය යුතුය. (1000 PPM) මාත්‍රාවකින් බෙහෙත් මදක් වැඩිපුර තටාක වෙත ආදේශ වුවද අනතුරක් සිදු වීමට ඇති ඉඩ කඩ අවම මුත් (100 PPM) මාත්‍රාවකින් බෙහෙත් මදක් වැඩිපුර ආදේශ වීම අන්තරාකාරී වේ.

කෙසේ වෙතත් කොතෙකුත් පී.පී.එම්. (PPM) යනුවෙන් හැඳින්වෙන ගුණිත ක්‍රමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ආධුනිකයින්ගේ යහපත පිණිස මෙහි ගෙන හැර දක්වමි.

********************************************

(PPM) Part Per Million (පාර්ට් පර් මිලියන්) දස ලක්ෂයකට කොටස්

*********************************************

මිලි ලීටර් 01 (ml) = මිලි ග්‍රෑම් 1000 (mg)

මිලි ලීටර් 1000 (ml) = මිලි ග්‍රෑම් 1000000 (mg) දස ලක්ෂයකි.

මිලි ලීටර් 1000 (ml) = ග්‍රෑම් 1000 (Gram)

ලීටර් 01 (Litre) = කිලෝ 01 (kg)

ග්‍රෑම් 01 (Gram) = මිලි ග්‍රෑම් 1000 (mg)

ග්‍රෑම් 1000 (Gram) = මිලි ග්‍රෑම් 1000000 (mg) දස ලක්ෂයකි.

************************************************

ලීටරයක් හෝ කිලෝ එකක් යනු මිලි ග්‍රෑමයේ කොටස් දස ලක්ෂයකි. මෙවැනි වූ කොටස් දස ලක්ෂයක් තුල දිය වී හෝ මිශ්‍ර වී හෝ පවතින තවත් යම් ද්‍රව්‍යයක හෝ ද්‍රවයක එක් මිලි ග්‍රෑමයක් යනු (01 - PPM) වේ.

===============================================

"මත්ස්‍යයින්ට ආහාර සැපයීම" නමැති (40) වැනි පරිච්ඡේදයට පමණක් දෙවැනි වූ මෙම "මසුන්ට වැළඳෙන රෝග සහ ප්‍රතිකාර" නම් වූ (41) වැනි අවසන් පරිච්ඡේදය කෙතරම් විශාල වුවත්‚ ප්‍රතිකාර විධි කෙතරම් දක්වා ඇතත් අත්‍යවශ්‍යම වූ අවස්ථාවකදී හැර රසායනික (බෙහෙත්) වර්ග (විශේෂයෙන් අභිජනනයෙහි යොදවනු ලබන මව් සතුන් සඳහා) පරිහරණය නොකරන්න. හැකිතාක් යහපත් පාලනය සහ නඩත්තුව තුළ සෞඛ්‍යාරක්ෂිත මෙන්ම නිරෝගීව තබා ගැනීමෙන් උසස් මෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිඵල මව් සතුන් ගෙන් ලබා ගැනීමේ හැකියාව හොඳින් පවතී.

කෙසේ වෙතත් මෙම ග්රන්ථයෙහි ඒ‚ ඒ පරිච්ඡේදයන් තුලින් සවිස්තරාත්මකව විග්රහ කර අැති තොරතුරු නිසි ලෙස භාවිතයෙහි යෙදවීමෙන් කිසිදු රෝගකාරී තත්ත්වයක් නොමැතිව ඉතා නිරෝගී මත්ස්යය ගොවිපලක් පවත්වාගෙන යමින් යහපත් අාධායම් මගක් ස්ථිරසාර ලෙස ගොඩනංවා ගැනීමේ හැකියාව මෙම වෙබ් අඩවියට පිවිසුනු ඕනෑම අයෙකුට නියත ලෙසම උදාකර ගතහැකි වනු අැත.

"ප්‍රතිකර්මයට වඩා මර්දනය වැදගත් වේ" යන අරුත නැවතත් ඉස්මතු කරමින් අත්හදා බැලීම් තුළින්ම සොයාගෙන මත්ස්‍යය ඖෂධ ගණයේහිලා සැලකෙන වර්ග (09) නවයකින් යුත් රසායනික ද්‍රව්‍ය ලැයිස්තුව සහ ඒවා සාදා ගැනීමත්‚ පාවිච්චි කරන ආකාරය පිළිබඳවත් දැන ගැනීම සඳහා සම්පූර්න පරිච්ඡේදයට පිවිසෙන්න...

..............................................................

සැ.යු. - මෙම රසායනික ද්රව්යයන් විස සහිත බැවින් පොඩි ලමුන්ගෙන් සහ කරුනු නොදත් වගකීම් රහිත සේවකයින්ගෙන් අෑත්කර අගුල් දැමූ අාරක්ෂිත සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න.

පරිච්ඡේද 41 ම රු. 390.00 කට ලබාගන්න