කුමන හෝ මට්ටමක විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘතියක් ඉදිකරවා ගැනීමේ අවශ්යයතාවය ඇති ඕනෑම සුළු, මධ්‍යම, මහ, පරිමාන කර්මාන්ත කරුවෙකු හට අදාල උපදෙස් හා සාකඡ්චා අනුසාරයෙන් එලඹෙන්නා වූ අවසන් නිගමනයන්ට අනුව ඉදිවිය යුතු ව්‍යාපෘතිය මෙම වෙබ් අඩවිය හා ජාල ගතව සිටිනා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකරවා දීම මෙහි අභිලාෂයයි.
වැඩ අාරම්භයට පෙර සම්පූර්න කොන්ත්‍රාත්තුවෙන් අත්තිකාරම් සියයට 50% ගෙවිය යුතුයි. වැඩ පටන් ගෙන සතියක්/දෙකක් වැනි සාපේක්ෂිත කාලයක් අැතුලත ඉතිරි සියයට 50% න් සියයට 30% ගෙවිය යුතුයි. අවසන් සියයට 20% වැඩ අවසන් කිරීමට සතියකට පෙර දැන්වූ වහාම ගෙවා අවසන් කිරීමට සූදානමක් ආයෝජකයා විසින් තබාගෙන සිටිය යුතුය. ගිවිස ගත් කොන්ත්‍රාත්තුවට අදාල අඩුපාඩු ඇතොත් සුදුස්සන් එවා පිලිසකර කර දෙනු අැත. ගිවිසුමට පරිභාහිරව පසුව යෝජනා කරනු ලබනා සියළුම කටයුතු සඳහා තක්සේරු ගත අයකිරීම් අවසන් බිල් පතට එකතු කරනු අැත.
මේ සඳහා පාර්ශවකරුවන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ.
ඉඩම් පරීක්ෂාව, ව්‍යාපෘති සැලසුම්, ඇත්තමේන්තු සැකසීම ආදිය සඳහා අදාල ගාස්තු අය කෙරේ.
ඉතා වැදගත් සටහන - තමන් හට දරා ගත නොහැකි ප්‍රමානයේ ව්‍යාපෘති හෝ වෙනත් ණය ලබාගෙන විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයක් ආරම්භ කොට එහි ආධායමින්ම ණය ආපසු ගෙවීමේ අපේක්ෂාව ඇතිව මෙවන් වූ සජීවී අවධානම්කාරී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යමෙකු කල්පනා කිරීම මෙම උපදේශක වරයා විසින් සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරයි.
විශේෂ නිවේදනයයි
මෙම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතයෙහි සහ අදාළ ග්රන්ථයන්හි සියලු හිමිකම් අයිතිකරු සතුය.
එම නිසා අයිතිකරුගේ අත් අකුරින් සහ අත්සනින් යුතුව ලබා ගන්නා ලද නිසි අවසරයක් නොමැතිව මෙම වෙබ් අඩවියේ හෝ ග්‍රන්ථවල කිසියම් තොරතුරක් හෝ ඡායාරූපයක් බාගත කිරීම, කොපි කිරීම, උපුටා ගැනීම, නැවත පළ කිරීම, ඡායා පිටපත් කිරීම, විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන් ගබඩා කර තබා ගැනීම, බෙදා ගැනීම, වෙනත් කිසිදු භාෂාවකට පරිවර්තනය කිරීම, බුද්ධිමය දේපළ පනතට අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සහ වන්දි අය කළ හැකි වරදක් බව අවධාරණය කරමි.
Copyright © 2019 Aquarium Consultant. All Right Reserved. | Solution by Thumula Solutions